IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


2015 මිලට ගත් වී තොගයක් අරලගංවිල ගබඩාවක දිරයි

(නිමල් ජයරත්න)

2015 යළ කන්නයේ මිලදී ගත් වී කිලෝ 65,000ක අධික තොගයක් අරලගංවිල ගබඩාවක දිරාපත්වන බව මහවැලි බී කලාප ගොවි සංවිධානය කියයි.

2015 වසරේ ආරම්භ කර ඇති මෙම ගබඩාව විවෘත කරමින් මහවැලි බී කලාපයට අයත් අරලගංවිල,විජයපුර සහ පොලොන්නරුව ඇතුළු ප්‍රදේශවලින් මිලදි ගත් වී තොග මේ වන විට එම ගබඩාවේ විනාශ වෙමින් පවතින බව මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ මහතා පවසයි.

ඇතැම් වී තොග දිරාපත්ව ඇති අතර වහළ කැඩී යාම නිසා ජලය මුසු වූ වී තොග පැලවී ඇතැයි ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

2015 ආරම්භ කළ මෙම වී ගබඩාව මගින් වී මිලදී ගෙන ඇත්තේ එක් වතාවක් පමණක් බවත්, අලුත් ඉදි කළ ඒ අසන්නයේ ඇති තවත් ගබඩාවක් මෙතෙක් විවෘත කර නොමැති බවද ගොවීන් චෝදනා කරති.

මෙම වී තොග 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් වී තොග බවද මහවැලි බී කළපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙම වී ගබඩාවට වල් අලින් හානිකර ඇති අතර, ඇතැම් පුද්ගලයන් ගබඩාවේ තහඩු ගැලවීමට උත්සාහ දරා ඇති බව ද ගොවීහු චෝදනා කරති.

මෙවර යළ කන්නයේ මහවැලි බී කලාපය විජයබාපුර කොට්ඨාසයේ ගොවීන්ගේන් වී මිලට ගැනීමට එම ගබඩා සූදානම් කරන ලෙසද අදාළ බලධාරින් තමා ඉල්ලා සිටින බව සරත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීවේය.

මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයාමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය යොමු කර එය ප්‍රයෝජන ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසද මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටියහ.

මේ සම්බන්ධයෙන් අප අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායක මහතාගෙන් දුරකථනයකින් කළ විමසීම්කදී එම ගබඩා සංකීර්ණ වී අලෙවි මණ්ඩලයේ අම්පාර කළමනාකාරවරයාගේ බාරයේ පවතින බව පැවැසීය.

ඒ අනුව අප වී අලෙවි මණ්ඩලයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකාර ශාන්ත කුමාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

ඔය කියන ගඩබාවේ දිරාපත් වන්නේ අබලි වී තොගයක්. එහි ඇත්තේ කිලෝ 5000ක් විතර. වී බෑග්වලින් ඉවත් වූ ඒවා එම් ගබඩාවේ තැන තැන තිබෙනවා. එම අබිලි වී නිකුත් කිරීම කමිටුවක් හරහා ලබාදිය යුතු වෙනවා.

අලෙවි මණ්ඩල‍යේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සේවයකින් හිඟ නිසා 2015 වර්ෂයේ යළ කන්නයේ අරලගංවිල සහ විජය පුර වී තොග අම්පාර සේවකයන් යොදවා මිලදී ගැනීම් සිදු කළා. මුදල් ලැබුණ විගස පොලොන්නරුව කාර්යාල මගින් එම වී වලට මුදල් ගෙවා ඒවා මිලදී ගනී යැයි ද ශාන්ත කුමාර මහතා පැවසීය.

 



අදහස් (0)

2015 මිලට ගත් වී තොගයක් අරලගංවිල ගබඩාවක දිරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 381 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site