IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


20 ගැන විවාදය 21-22 රාත්‍රී 7.30 දක්වා

(බන්දුල ඉලේපෙරුම)

 

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන සතියේ 21 හා 22 දිනයන්හිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි.

ඒ අනුව 21 හා 22 දිනයන්හි පෙරවරු 10 සිට පස්වරු 7.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇත.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 4හි දීම රැස්වීමට තීරණය කර ඇතැයි කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතා සඳහන් කළේය.



අදහස් (12)

20 ගැන විවාදය 21-22 රාත්‍රී 7.30 දක්වා

siri Friday, 16 October 2020 10:31 AM

හිච්චි පුතාටයි මුලින් සලකන්න තිබ්බේ... එයා කුරුණෑගල රැස්වීම්වල "තාත්තට දැන් ඇවිදින්න අමාරු නිසා මම ආවා" කියලා ඉස්තරම් කතාවක් කරලා ඉහළින්ම දිනුමත් අරගෙන දුන්නනේ...

:       3       11

SUNIL milano Friday, 16 October 2020 10:48 AM

ශ්‍රී ලංකාව යහමගට ගන්න නම් 20 සම්මත විය යුතුමයි.

:       25       4

Banda Friday, 16 October 2020 10:56 AM

නටන්න බැරි එකාට පොළව ඇදයි. වැඩබැරි එකාට අඩුපාඩු ගොඩයි. හැබැයි ව්‍යවස්ථාව වෙනස් කරන්නේ හොරකම් කරන්න බාධා ඉවත් කරන්න. ජනතාවගේ මානව හිමිකම් කඩකළාම නඩුදාන්න බැරිවෙන්න, නොහැකියාවට එරෙහි නැගිටීම මර්දනයට...

:       4       23

pradeepa Friday, 16 October 2020 11:01 AM

මෙහේ මිනිස්සුන්ට කොරෝනා මිනිස්සු මැරෙන්න වැටිලා හරියට කන්න බොන්න නැහැ. ළමයින්ව පාසලට යවන්න බැහැ. රටේ සල්ලි නැහැ. හිඟාකන රටක් වෙලා. මෙයාලට හදිසියක් තියෙන්නේ 20 සම්මත කරගන්න. අනේ අපිත් ඡන්දෙ දුන්නනේ මේ අයට...

:       4       20

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 October 2020 12:52 PM

රට කොරෝනා මාරයා ගිලගනිමින් පවතිනවා. මේ රටේ තමන් බුද්ධිමත් යැයි සිතා සිටින දේශපාලකයන් 20 ගැන වාද කරන්න සැරසෙනවා. මෙහෙමත් රටක්.. අමන රැළක්..

:       3       16

nimalSaturday, 17 October 2020 12:52 AM

20 සම්මත කරලා ජනාධිපතිතුමාගේ බලය වැඩි කළාම එතුමාට ප්‍රශ්න නැතිව වැඩ කරගෙන යන්න පුළුවන්. දැන් මුකුත්ම එතුමාට කරන්න බැහැනේ... එතුමා හිරවෙලා ඉන්නේ. 2/3 ක් අපට කොහොමත් ලැබෙනවනේ. ඊට පස්සේ රජයේ ඉහළ තනතුරු වෙනස් කරලා වැඩ කරන්න පුළුවන් මිනිස්සු ටිකක් පත්කර ගන්නවා. මිලියන 6.9 මිනිස්සු අපට ඡන්දය දුන්නානේ. එ් මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉස්ඨ සිද්ධ කරන්න වෙනවා. නැතිනම් මේ ආණ්ඩුවටත් UNPය ට වුණු දේම තමයි වෙන්නේ. ඔය අපේ එක්කෙනෙක්, දෙන්නෙක් සද්ද දැම්මට ප්‍රශ්නයක් නැහැ. වෙනකොට අපි දන්නවා 2/3 ට ඡන්දය දෙන්නේ කවුද කියලා ජනාධිපතිතුමා දන්නවා සහයෝගය ගන්න හැටි. එතුමා කරන්න බැහැ කියපු යුද්ධය කරපු මනුස්සයනේ... ඔය සමිතලානේ ඒ දවස්වල කිව්වේ යුද්දය කරන්න බැහැ කියලා. කරලා පෙන්නුවනේ. ඉතුරු ටිකත් එතුමා කරාවි. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න...

:       7       1

සමිත සේනක අලුත්ගමගේ.Sunday, 18 October 2020 06:45 AM

නිමල් වගේ දේශපාලන ළදරුවෙකු සමග වාදකරන්න මා කැමැති නැහැ. ඒ නිසා මං ඔහුට දිනුම දෙනවා. ඔයා හැකි නම් ඔප්පුකර පෙන්වන්න මං යුද්ධය නතර කරන්න බැහැ කිව්වා කියලා. නිකං මොළේ කොලොප්පන් කරගන්නේ නැතිව යමක් ලියන්න. ඒ දේ හරියට බැරි නම් මේ තීරය කිලිටි නොකොට ඉන්න. මා දේශපාලනයෙන් තොරව මෙහි ලියන බව දන්නා අයට ඔබේ බොරු චෝදනා නිකං විහිළු පමණයි. රටට හොඳදේට හොඳයි කියන්නත්, වැරදි දේට වැරදියි කියන්නත් තරමේ පිටකොන්දක් අපට තියෙනවා. එය නොමැති ඔබ රටට මෝඩකම ප්‍රදර්ශනය කරනවා. අපේ නැට්ටේ එල්ලී දොස් කියනවාට වඩා ඔබේ අදහස වෙනම කෙලින් කියන්න. අන් අයගේ මතයට ගරු කරන්න.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ.Monday, 19 October 2020 07:38 AM

නිමල්, යුද්ධය කරන්න බැහැ කියා අප කීවේ නැහැ. පුළුවන් නම් ඔප්පුකර පෙන්වන්න. අපි කොයි පැත්තෙත් හරි වැරදි දෙකම පෙන්වනවා. ඔබ එක පැත්තකට පමණක් කඩේ යනවා. මෙතන වෙනස ඒකයි. නිකං වලිගේ පාගාගෙන ගොම ගාගන්න එපා. ඒ ගඳ හැමෝටම දැනෙනවා.

:       0       2

69lakshen ekek Friday, 16 October 2020 11:23 PM

ජේ.ආර්. විසින් 13 වැනි සංශෝධනය ගෙනෙන විට ඊට විරුද්ධව කලුකොඩි එසවූවා වගේ ජනතා මර්ධනයට, මුදල් හොරකමට, නීතිය පාගාදැමීමට ගෙන එන 20වැනි ව්‍යවස්ථාවට එරෙහිව සැවොම කලුකොඩි ඔසවනු. සාමකාමී විරෝධය සඳහා ජාති, ආගම්, දේශපාලන භේදවලින් තොරව පෙළ ගැසෙමු.

:       1       3

Nandalal DE SILVA - Frace Friday, 16 October 2020 11:56 PM

ඔච්චර දිගට පාර්ලිමේන්තුව රැස්වෙන කොට, දියවන්නාවේ සැපට පීනන කබර දේශපාලුවන්ට ‘‘අතිකාල දීමනා‘‘ සඳහා රුපියල් කෝටි කීයක් විතර යාවිද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩි කමෙන්ට් එකක් දැම්මොත් නරකද? ඒවගේම ඒකේ ඉන්න සේවකයින්ටත් අතිකාල ගෙවන්න මහාභාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කළාද? මේ ඔක්කොම අනවශ්‍ය වියදම්.. මේ කෙහෙල්මල් 20 ගෙනාපු නිසා නොවේද?

:       1       1

rihan Saturday, 17 October 2020 07:10 AM

වීරයාණෙනි, රටට හෙණ වැදුණත් කමක් නැත. ඉදිරියට තැබූ පය නැත ආපසු ගන්නේ.

:       1       2

ranjith Saturday, 17 October 2020 03:06 PM

මේ රට ජනතා අපේක්ෂාවන් කරා යන රටක් නෙවෙයි නායකයන්ගේ ඕන එපාකම් පිරිමහගන්න පාලනයක් වෙලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 406 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16750 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site