IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


17 සිසුවියත් - 30 පෙම්වතාත් අයිස් සමග මාට්ටු

(සුමිත් පොතුපිටිය)

වාද්දුව, පොහද්දර මුල්ල මුහුදු වෙරළේ අයිස් මත්ද්‍රව්‍ය  සමග  ජනප්‍රිය පාසලක 17 හැවිරිදි සිසුවියක සහ ඇයගේ 30 හැවිරිදි පෙම්වතා අද (04) අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් පෙම් යුවල වාද්දුව ප්‍රදේශයේම පදිංචි දෙදෙනකු බවද පොලිසිය කීය.

ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම වාද්දුව, පොහද්දරමුල්ල වෙරළ තීරයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 20 ක් සහ පානය කරන උපාංග  සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

සැකකාර තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ, ඇය හොරණ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගීවී නිවසට පැමිණෙන අතරතුර , සැකකාර පෙම්වතාට පානය කිරීමට ආරක්ෂාවට සන්තකයේ තබාගත් බවය. 

සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇද්ද යන්න ? සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා  අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කිරීමටත්, ඉන්  අනතුරුව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් නියමිතව තිබුණි.

මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

17 සිසුවියත් - 30 පෙම්වතාත් අයිස් සමග මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site