(සුජිත් හේවාජුලිගේ)
පහළොස් දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී අනතුරටපත් බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් වූ එකක් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය
ජාතික ගමනාගමන කොමිෂන් සභාව 2023 වර්ෂයේදී එම බස් රථය පොදු ප්‍රවාහනය සඳහා ලියාපදිංචියෙන් ඉවත් කර ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බස් රථය සාමාන්‍යයෙන් නිවසේ භාවිතය සඳහා වෙනස්කම් කර තිබූ වාහනයක් ලෙස හඳුනාගෙන ඇතැයිද සඳහන් කළේය.
සාමාන්‍යයෙන් පළාත් අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු කරන්නේ නම් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී අවසර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පැවසේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
15ක් බිලි ගත් ඇල්ලේ බසය හොර පාරේ ගිය එකක්
ගුණරත්න Saturday, 06 September 2025 01:08 PM
ඒක හරි, නමුත් කෝටියක් විතර වටිනා බස් එකක් කොහොමද නිකම් විසික් කරලා දාන්නේ? ආණ්ඩුව මිනිස්සු ගැන ඔය තරම් අනුකම්පා නම් පොඩි මිනිහාගේ පොදු ප්‍රවාහනෙට ගහන 300% බද්ද අයින් කරලා සහන දෙන්න.
පොඩිඑකාSaturday, 06 September 2025 02:03 PM
මන්දමානසික ගුණයෝ, මේක අයිංකරලා තියෙන්නේ ඔහෙලගේ එවුංගෙ කාලේ...
MahindaSaturday, 06 September 2025 02:16 PM
කවුරුවත් කියලා නෑ නේ නිකම් වීසි කරලා දාන්න කියලා. බස් එක දුවනවා නම් නිසි විධියට ලියාපදිංචි කරලා, නිසි විධියට නඩත්තු කරලා පාරෙ දුවන්න ඕන. තමුන් මේ කියන්නේ නීති විරෝධීව දුවලා මිනිස්සු මැරුණට කමක් නෑ කියලානේ. කෝටි ගානක බස් එක දුවන එක අර මැරුණු ජීවිත විස්සකට ආසන්න ගානට වඩා වටිනවා, වැදගත් කියලනේ?
ගුණරත්නSaturday, 06 September 2025 06:40 PM
ඉතින් ආණ්ඩුව පුළුවන් තරම් බදු ගහල ඔය පරීක්ෂණ මොකවත් නැතිව ඕන එකෙක්ට වාහන පදවන්න දෙනවා නම් එක කාගේද වැරැද්ද? මිනිස්සු අවුරුදු 40ක් 50 පරණ වාහන අමුණාගෙන දුවන්නේ කාගේද වැරැද්ද? අපි ගෙවිච්ච කට්ට කබලකට දෙන සල්ලි වලින් ලෝකේ ඕනෙම රටකින් ඉතා හොඳ වාහනයක් ගන්න පුළුවන්, එකත් කාගේද වැරැද්ද? බස් කීයක් මේ අවුරුද්දේ දරුණු අනතුරු වුනාද, ඒ එකක්වත් අලුත් බස් නෙවෙයි, එහෙම වෙලත් අනතුරු වළක්වන්න මොකක්ද ගත් පියවර? ඉතින් ඕක තේරුම් ගන්න බැරි දේශපාලනයෙන් අන්ධවුනු වහලෙක්ට විතරයි.
පොඩිඑකාSaturday, 06 September 2025 08:13 PM
අනේ මන්ද මානසික ගුණයෝ, එතකොට ඔය වාහන ඔක්කොම ලදරං උනේ මේ මාස දහයටද? මොනව නැතත් ඔහෙගෙ මොලේ නං හොදටම ලදරං.
sunimal Saturday, 06 September 2025 01:20 PM
ඔක්කොම මගුල් හොයාගන්නේ අන්තිමටම කෙලවුනාට පස්සේ තමයි. දැන් ඉතින් ඕක හොයාගත්තා කියලා ඇති පලේ මොකක්ද? ඇදුම් තරමේ දැන්වත් ඔය තොරොම්බල් කරත්ත පාරෙන් ඉවත් කරන්න කොන්ද පනැති වැඩපිළිවෙලක් යොදන්න බලධාරීන්ගේ ඇස ඇරේවා..! මම අහලා තියෙනවා නවසිලන්තේ මගී ප්‍රවාහනයේ යොදවන බස්, කාර් හා වෑන් සෑම මස 6 කට වරක්ම අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණයකට භාජනය විය යුතු බවත් එය අසමත් වන කිසිදු වාහනයක් අදාළ අඩුපාඩු සම්පූර්ණ කරන තෙක් ධාවනයේ යොදවිම තහනම් බවත්. ඊට අමතරව අදාළ යෝග්‍යතා පරීක්ෂණය සිදුකරන පරීක්ෂක වරයා තම වගකීම නිසි ලෙස සිදු නොකළහොත් ඔහුටද දඬුවම් කරන බව... මෙවැනි ක්‍රමවේදයක් අපේ රටට දැන් නම් අත්‍යාවශ්‍යයි.
Mangala Saturday, 06 September 2025 02:13 PM
වැරැදි හෙවෙන්නේ මොකක් හරි වරදක් වුණාම විතරයි. වැරැද්දක් තිබුණත් අදාල නිලධාරීන්ට ජරාව දීලා හරි වැරැද්ද වහගන්නවා. 2023 ඉදලා මේ බස් එක ට්‍රිප් කීයක් යන්න ඇතිද? ඒත් ඒ අයට අත යටින් සලකලා මේ ගොල්ලන් බේරෙන්න ඇති... ඔන්න ඕකයි තත්වේ...
පිටරැටියා Saturday, 06 September 2025 03:07 PM
සිෂ්ට සම්පන්න රටවලට සාපේක්ෂව අපේ රටේ මාර්ග අනතුරු ගැන නිතරම අහන්ඩ දකින්ඩ ලැබෙනවා. රියදුරු පරීක්ෂණයේ සිට සිදුවෙන්නේ දූෂණ වැඩ.
sene Saturday, 06 September 2025 04:08 PM
මතකය සුමාන 2යි. මේකද පළමු මේ වැනි බස් අනතුර? දැන් ලෑස්තිවෙමු ඊළඟ අනතුරට කවි ලියන්නට...
Lucky Saturday, 06 September 2025 05:32 PM
ආණ්ඩුව බෙර ගහලා ජනවාරි මාසේ පටන් ගත්තා බස්වල තොරොම්බල්, විච්චූරණ, ටකරම් කෑලි ගලවන්න. බස් මුදලාලිලා ඔක්කෝම එකතු වෙලා තග දැම්මා... වැඩේ සතියෙන් හමාරෙන් ලප් තැනම ලොප්. ආණ්ඩුවේ කොන්ද පණ නැති කමත් මේ වෙච්චි විනාශයට හේතුවක්. ලොරි ටෝක්ස් දිදී කටෙන් බතළ හිටෙව්වාට වැඩක් නෑ, ඒ දේවල් බය නැතුව ක්‍රියාත්මක කරන්න කොන්දක් නැත්තම්. බස් මාෆියාව තියෙන්නේ ආණ්ඩුවට උඩින්....
Banda Saturday, 06 September 2025 06:06 PM
නිවසේ පාවිච්චියට කියන්නේ ගෙදර විසිතුරු බඩු තියන්නද? පාරේ දුවන්න නොවේද, ගොන් කතා කියලා නූගත් කම පෙන්නන්න එපා...
H C Peiris Saturday, 06 September 2025 08:27 PM
යා යුතු දුර බොහෝයි. කවදාවත් ඉගෙන ගන්න එපා.
Ahmed (Gulf) Sunday, 07 September 2025 12:07 AM
බස් හිමියාගේ දේපල රාජ සන්ථක කර , මිනිසුන්ට වන්දි ලබා දිය යුතුයි.
M A P Hemachandra Sunday, 07 September 2025 06:29 AM
BR පර්මිට් ඒක තියෙනව නම් පුද්ගලික ගමන් යාමට බස්වලට පුලුවන්. මගී පුවාහනයට බලපත්‍ර ඇති බස් අදාල නියාමන ආයතනයෙන් අවසර ලබාගත යුතුයි. ඇයි රජය වලිගෙ පාගා ගන්නේ මේකට.
කෝශල Sunday, 07 September 2025 11:11 PM
උනුත් එකයි මුනුත් එකයි ඔක්කොම හිතන්නෙ තමන්ගෙ වාසිය ගැන මිසක් මනුස්ස ජීවිත ගැන නෙවේ.මේ දේවල් තේරුන්ගන්න පංකාවෙ මිනිස්සුන්ගෙ මනස තව දියුනුවෙන්න ඕනි.
සුරංග Monday, 08 September 2025 07:28 PM
සම්පූර්ණ වැරදියි ....අර්ථගැන්වීම... පොදු ප්‍රවාහනයෙන් ඉවත් කරල කියන්නෙ මාර්ග බලපත්‍රයෙන් අයින් කරගෙන කියන එක නැතිව ධාවනය නවත්තලා නෙමේ... පොදු ප්‍රවාහනය කරන බස් මෙහෙම තොරොම්බල් කරන්න දෙන්නෙ නෑ...