
(ගයාන් සූරිය ආරච්චි)
පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 1500 අල්ලස් මුදලක් ලබා ගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව පොලිසියේ කොස්තාපල් වරයෙකි.
විදේශගත වීමට සූදානමින් සිටින පුද්ගලයකු විසින් පොලිස් නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා රුපියල් දෙදහසක මුදලක් ඉල්ලා අනතුරුව එය 1500ක් දක්වා අඩුකර එම ප්‍රදේශයේ දේවස්ථානයක් තුළදී මුදල ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
360
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
432
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
1500ක අල්ලසක් ගත් පී.සී මාට්ටු
බයි සිතිවිලි Saturday, 15 March 2025 09:32 AM
රුපියල් 1500 කට තම ආත්ම ගෞරවය පාවාදෙන්න පුඵවන් ඉතින් බයියෙකුටම තමයි. දවසින් දවසේ මේවා අහන්න ලැබෙන ප්‍රමාණෙ වැඩිවෙලා. ඉගෙනගත්තු පාසල් පද්ධතිය, ඔවුන්ගේ පවුල්, ආගමික නායකයෝ, වීරයින්, පරමාදර්ශ මේ මිනිස්සුන්ව අතරමං කරලා. මේ රට හදන්න කලින් හැමෝටම ඉතා දුෂ්කර වෙන කෝවක දාලා මකවනවා වගේ වැඩක් කෙරෙන්න වෙයි.
Kamal Saturday, 15 March 2025 01:23 PM
මේ තත්වය රට පුරාම ක්‍රියාත්මකයි. විවිධ කාරණා ඉදිරිපත් කර අල්ලස් ඉල්ලනවා. මෝටර් බයිසිකලේට ඉන්ධන ඉල්ලනවා. අල්ලස් නොදුන් විට කට උත්තර ගන්න අසල්වාසියකු සමග පොලිසියට එන්න කියනවා.
Malika Saturday, 15 March 2025 03:25 PM
අපෝ ඕක පොඩි ගානක්... වත්තල පොලිසියේ නිලධාරින් ඉල්ලන ගාන බැලුවාම. පන්දාහ තමයි එහේ අඩුම ලන්සුව...
බක්මේගොල්ල Monday, 17 March 2025 07:46 AM
මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන් .රු .1500ත් ඒ මිනිස්සු රවට්නවා .පව් අසරණයා .පාසල් යන දරුවෝ අති .පවුලේ රොගියෝ අති .වෙනත් නය ගෙවන්න් අති ....ඔය වගේ ප්‍රස්න අති . . . . . . . . නමුත් කරපු දේවරදක් .