(නිමන්ති රණසිංහ)
අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ලිංගික කටයුතුවල යෙදවූ බාලවයස්කාර රූමත් දැරියට ලිංගික අතවර කළැයි ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු මෙරට සැකකරුවන් සිව් දෙනකු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය අද නියෝග කළාය.
බාලවයස්කාර දරුවා ලිංගික කටයුතු සඳහා අළෙවි කිරීම සම්බන්ධයෙන් දැන්වීම් පළ කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘‘ලංකා ඇඞ්’’ නමැති වෙබ් අඩවියේ හිමිකරු සහ එහි එහි මූල්‍ය කළමණාකරු විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ තිස් අට හැවිරිදි මාලදිවයින් ජාතික මොහොමඞ් අස්මලී, කොළඹ ප‍්‍රදේශයේ හෝටලයක අයකැමියකු වන දිසානායක මුදියන්සේලාගේ මාංලිග, ‘ලංකා ඇඞ් ඩොට් කොම්’ නමැති වෙබ් අඩවියේ හිමිකරු වන පානදුර ප‍්‍රදේශයේ පදිංචි රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් පෙරේරා සහ එම වෙබ් අඩවියේ මූල්‍ය කළමණාකරු වන බණ්ඩාරගම ප‍්‍රදේශයේ පදිංචි මාකේවෙලගෙදර ධනුක කෞෂල්‍යය යන අයවලූන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනේ ඇමතිලත් දැන් මේ ධර්ම ද්වීපයේ, දසරාජ ධර්මයේ හැසිරෙන මන්ත්‍රීලා,ඇමතිලා, කරන" වැදගත් වැඩ " කරන්න පටන් අරගෙන වගෙයි.
මිනිහා අපේ රටේ නියෝජ්‍ය ඇමැති කෙනෙක් වුණා නම් බන්ධනාගාර රෝහලට වත් යන්න තිබුණා.
එසේම අපරාධකාරයෙකුගෙන්ම විශාල වන්දි මුදලක් මෙම දැරියට ලබාදීමට තීන්දු කළ යුතුයි.
අපේ රටේ අපරාද අඩු කරනවා වෙනුවට කරන්නේ ඒවා හයිලයිට් කරලා ආණ්ඩුවේ වැරදි වහගන්න එක.