IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


15 දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු

(රේඛා තරංගනී ෆොන්සේකා)

සති දෙකක් පුරා අතුරුදන්ව සිටි බව කියන වයස අවුරුදු 15 වයසැති බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය සිදු කිරිම සහ එයට ආධාර අනුබ දුන් බව කිය  පියපුතු දෙදෙනකු මොරටුව කොරලවැල්ලේ දී අද අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.

බාල වයස්කාර දැරිය ආගිය අතක් නැති බව මිත්තනිය ගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකාර පියපුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අතුරුදහන් වූ බව කියන තරුණියගේ නිවස අසල මාර්ගයේ නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ යමින් සිදුකළ විමර්ශනයේදී වයස අවුරුදු 25 සැකකාර තරුණයා සමග දැරිය පිටව යන ආකාරය විමර්ශනය වූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයේදී තරුණයා හා දැරිය ෆේස්බුක් සමාජ ජාලයේ දී හඳුනාගන ඇති බව පොලිසිය පවසයි.

ඒ ඔස්සේ ගොඩනැගුණු මිතුරුකම පසුව ආදර සම්බන්ධතාවක් බවට පත්ව ඇතිබව පොලිසිය කියයි.

ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියගේ මව විදේශගතව සිටින අතර පියා හෙරොයින් පානයට ඇබ්බැහි වී සිය පවුල අතහැර ගොස් සිටින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් පියාගේ වයස අවුරුදු හතළිස් දෙකක් බව පොලිසිය කියයි.

අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරියක දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර සැකකාර පිය,පුතු දෙදෙනා මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (2)

15 දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු

Nishan herath Saturday, 24 July 2021 11:38 PM

තාත්තාට වයස 17 දී මේ පුතා ඉපදිලා තියෙන්නේ...? මාර කතා මේවා... පව් අහිංසක ගෑණු ළමයා.. නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි...

:       0       0

ගිජුලිහිණි සංදේශය Sunday, 25 July 2021 07:13 AM

පිරුවට දමා සිඹ දැරිවිය ගෙට ගත්ත නිවසට සිරිකතය ඇය හෙට දිනු සුරත මවකට දියණියට හිමි විය යුතු අරුත රටකට අහිමි වූ වින්නැහියක මහත...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site