(නිමල කොඩිතුවක්කු)

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට තෛපොංගල් දිනයේදී යාපනයට ගොස් ජනාධිපතිවරයා උතුරේ ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීම මගින් ඉතා කෙටි කාලයකදී රට දෙකඩ වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කරයි.

ඒ මගින් උතුරේ බෙදුම්වාදී, කුලවාදී, දේශපාලන නායකයන්ගේ අපේක්ෂා ඉටු වුවද උතුරේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි.

රටේ සමස්ත ජනතාව මුහුණදෙන ආර්ථික අර්බුදය විසඳීම සඳහා නිශ්චිත උපායමාර්ගික යෝජනාවලියක් රටට ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා අසමත්ව තිබියදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න විශේෂිතව විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ජාතිවාදය සහ බෙදුම්වාදය ප්‍රචලිත කරන එක් පක්ෂයක් සමග විශේෂිතව එකඟතාවන් ඇති කරගන්නා ආකාරයක් ද දක්නට ඇති බවත් ඔහු සඳහන් කරයි.