(අංජුල මහික වීරරත්න)
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
තමන් පළාත් මහ ඇමතිවරයකු ලෙස කටයුතු කළේද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා යැයි කී අමාත්‍යවරයා දැනටමත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක බවද පැවසීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක “ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස ලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අද (1) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
තමා හැමදාම හිටියේ පරිපාලන බලතල පළාත් සභාවට දියයුතුය යන ස්ථාවරයේ බව කී අමාත්‍යවරයා කොළඹ සිට අධ්‍යාපන අමාත්‍ය ධූරයේ කටයුතු කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන ගැටළුවලට විසඳුම් දෙන්න බැරි බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලතල නෙවෙයි පළාත් සභාම අවශ්‍ය නෑ. ඉන්දියාවෙන් කොටින් සතුටු කරලා රට බෙදන්න දීපූ ගුණ්ඩුවක් මේක. තව තවත් මහජන මුදල් හොකම් කරන හොරු ටිකක් බිහිවෙන එක තමයි වෙන්නේ..!
මොවුන් කන්න හිතුණාම කබරයා, තලගොයා කරගන්නවා. ඔබලාට ලෙහෙසියෙන් ඕක කරන්න හම්බ වෙන්නේ නෑ. ලේ වැගිරීමක් කරන්න වෙයි. දෙමළුන්ට රට පාවා දෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ...
අම්පාරටම වෙලා ඉන්න...