
( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක් යට කරගෙන යාම හේතුවෙන් 12 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.
ඊයේ(08) රාත්‍රියේ පේරාදෙණිය දිශාවේ සිට මහනුවරට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් පාරෙන් ඉවතට පැන මෙම අනතුර සිව තිබේ.
අනතුරින් තුවාල ලැබූ හය දෙනකු මහනුවර ජාතික රෝහලට ද තවත් හය දෙනකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ද ඇතුළත් කළ බව පොලිසිය කියයි.
එසේ තුවාල ලැබූ කිහිප දෙනෙකුගේ පාදවල අස්ථි බිඳී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, කඩිනමින් මහනුවරට රථවාහන පොලිසියක් ලබාදෙන්න. නුවර බස්, ලොරි ගමන් කරන්නේ ඔවුන්ගේ නීතියට. පොලිසිය පේන්නවත් නැහැ. හිටියත් පාර අයිනේ නිදි.