කොළඹ සරසවියේ උපකුලපති ඇතුළු පිරිසකට නොතිසි විභාග අක්රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනෙකුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නුගේගොඩ දිසා විනිසුරු ආර්..ඒ..එන්.. රාජපක්ෂ මහතා නොතිසි නිකුත් කළේය. 01 September 2026
කුඩා වැව් 296 ක ප්‍රතිසංස්කරණ වැඩ අරඹයි ලෝක බැංකු ආධාර යටතේ කුඩා වැව් 296 ක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 01 September 2026
කොළඹ සරසවියේ උපකුලපති ඇතුළු හතකට නොතිසි විභාග අක්රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවෙකු පවරා ඇති නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනකුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එන්. රාජපක්ෂ මහතා නොතිසි නිකුත් කළේය. 01 September 2026
ඉස්ලාමාබාද් ජලයෙන් යටවෙයි පාකිස්තානයට මහ වැසි ඇද හැලෙමින් පවතී. පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉස්ලාමාබාද් අගනුවර පළාත් කීපයක් මෙන්ම, රාවුල්පිණ්ඩි නගරයේ ද පළාත් කීපයක් ජලයෙන් යටවුණු බවය. 01 September 2026
නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥාපනත සංශෝධනයට නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 September 2026
බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිගටම බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂවාදී වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 September 2026
හැටන් - කොළඹ පාරට ගල් වැටීමේ අවදානමක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ඉහළින් වූ රක්ෂිතයක පිහිටි විශාල ගල් කිහිපයක් සහ ගස් කිහිපයක මුල් බුරුල්වී පස් කඳු පහළට කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 01 September 2026
නේපාලයට ඩොලර් මිලියනයක් දෙන්න කැබිනට් අනුමැතිය නේපාල රජය වෙත ඇමෙරිකා ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 September 2026
බලන්ගොඩින් නැති වූ සිසුවියන් තිදෙනා ත්‍රි‘මලෙන් හමුවේ බලන්ගොඩ නගරයේ පැවැත්වෙන උපකාරක පන්තියකට යන බව පවසා නිවෙසින් ගිය සිසුවියන් තිදෙනකු අතුරුදහන් බවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ පරික්ෂණයකින් පසු එම සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් හමුවු බව බලන්ගොඩ පොලිසිය පවසයි. 01 September 2026
මන්ත්‍රීවරයකුගේ නිවස අසලින් අත්බෝම්බයක් හමුවෙයි ජා-ඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ ඇළක් ශුද්ධ පවිත්‍ර කිරිමේ දී එහි තිබී විදේශියක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවස පිටුපස ඇළක තිබී හමුවී ඇති බව කඳාන පොලිසිය පවසයි. 01 September 2026
වරාය නගර නියමයන් මැති සබයට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ නිකුත් කරන ලද නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 September 2026
ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනයට 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 01 September 2026
හෙද ආචාර්යවරු කොන්ත්‍රාත් පදනමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 September 2026
ලංකා - ඉන්දීය ජාතික ශිෂ්‍යභට බලකා සහයෝගිතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ජාතික ශිෂ්‍යහට බලකාය සහ ඉන්දියාවේ ජාතික ශිෂ්‍ය හට බලකාය අතර සහයෝගිතාව සඳහා වන අවබෝධතා ගිවිසුමක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 September 2026
ශ්‍රී ලංකා - චීන ආගමන පාලන සහයෝගිතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික ආගමන පරිපාලනය අතර ආගමන පාලන සහයෝගිතාව සම්බන්ධ ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 01 September 2026
ශ්‍රී ලාංකික පවුලක් නේපාලයේදී අතුරුදන් නේපාලය සහ ටිබෙටය කැලඹූ මහා ජල ගැල්මට හසුවී අතුරුදන් වූවන් අතරේ, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා යුවළක් සහ ඔවුන්ගේ කුඩා පුතුන් දෙදෙනා ද ද සිටින ඔස්ට්‍රේලියා මාධ්‍ය පවසයි. 01 September 2026
චීන තානාපති - ටිල්වින් හමු වෙයි ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. 01 September 2026
නව මෝටර් රථ කොමසාරිස් තුෂාර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා අද (1) වැඩභරගත්තේය. 01 September 2026
ප්‍රියංකර ජයරත්න වසර හතකට සිරගෙට හිටපු සිවිල් හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රියංකරට වසර හතක බරපත වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණය නියම කළේය. 01 September 2026
22ක සලකා බැලීම 502 ශාලාවෙන් 501කට මාරු කරයි 222 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහ නඩුව කැඳවූ අධිකරණ ශාලාව මාරු කිරීමට සිදුවිය. 01 September 2026
ඛනිජ කර්මාන්ත සංවර්ධනයට ජනපති සාකච්ඡාවක් කැඳවයි අපනයන ප්රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ (SLMSA) සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 01 September 2026
හොරණ රෝහලේ ගින්න නිවයි හොරණ මහ රෝහලේ බාහිර රෝගී අංශයේ කොටසක ගින්නක් හටගෙන ඇති බව හොරණ පොලිසිය පවසයි. 01 September 2026
ඇමෙරිකා හමුදා ලේකම් ඩ්‍රිස්කෝල් ඉල්ලා අස්වෙයි ඇමෙරිකා හමුදා ලේකම් ඩෑන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කෝල්, ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සිත් ඩ්‍රිස්කෝල් අතරේ මත ගැටුම් පැවැති බවත්, එම මත ගැටුම් හේතුවෙන් ඩ්‍රිස්කෝල් සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත්ය. 01 September 2026
පුටින් - ජින්පින් හමුවක් චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, කිර්ගිස්තානයේ පැවැත්වෙන ‘ෂැංග්හායි සහයෝගීතා සංවිධානයේ’ වාර්ෂික සමුළුවට එක් වෙමිනි. 01 September 2026
කළුගඟේ තරුණයෙක් සැඟ වේ හොරණ නාරගල පාලම අසල කළු ගඟේ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයන් තිදෙනකු ජල පහරට හසු වී ගසාගෙන යද්දී දෙදෙනකු ජීවිත ආරක්ෂක කණ්ඩායම් විසින් බේරාගෙන ඇති අතර, එක් තරුණයකු අතුරුදන්ව ඇති බව හොරණ පොලිසිය පවසයි. 01 September 2026
පානදුරදී වෙඩි වැදුණු තරුණයා රෝහලේ දී මරුට පයාගල කොස්හේන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් තරුණයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි . 01 September 2026
කුඩු කිලෝ 500ක් වරායෙන් අල්ලයි පාකිස්තානයේ සිට මුහුදු මාර්ගයෙන් කොළඹ වරායට ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 500 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමත් සමග ඒවා ගෙන් වූ බවට සැකකරන දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 31 August 2026
22 සලකා බලන්න අගවිනිසුරු ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම් පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ද එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද ඊට පක්ෂව ද ගොනු කොට ඇති සියලු පෙත්සම් හෙට දින පෙරවරු 10 ට අගවිනිසුරු ප්‍රීතී පද්මන් සුරසේන මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් 31 August 2026
’’22 ගැන අපි මුකුත් කියන්නේ නෑ’’ විසි දෙවන සංශෝධනය මූලික වශයෙන් නීතිය හා අධිකරණය හා සම්බන්ධ කාරණයක් බැවින් ඒ පිළිබඳව අදහස් දැක්වීම තම සංගමයේ විෂය පථයට අයත් නොවන බව රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 31 August 2026
කොළඹ මහාධිකරණයේ කෑල්ලක් කඩා වැටිලා කොළඹ මහාධිකරණ සහ දිසා අධිකරණ පවත්වාගෙන යන පෞරාණීක ගොඩනැඟිල්ලේ යම් කොටසක් පෙරේදා රාත්‍රීයේ කඩා වැටීම හේතූවෙන් කොළඹ මහාධිකරණයේ සහ දිසා අධිකරණයේ කටයුතු අද අඩාල විය. 31 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026