
(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල් සඳහා හෙද ආචාර්යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පශ්චාත් ප්‍රාථමික හෙද විදුහල ඇතුළුව හෙද විදුහල් 17 ක් පවතී. එම විදුහල් වල 2026-03-31 දිනට I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරේ පුරප්පාඩු සංඛ්‍යාව 142 ක් වන අතර නිලධාරින් 24 දෙනෙක් 2025-12-31 දිනට විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරේ පවතින පුරප්පාඩු මත විශේෂ ශ්‍රේණියට උසස් වීමට නියමිත බැවින්, මුළු පුරප්පාඩු සංඛ්‍යාව 166ක් බවට පත් වීමට නියමිතව ඇත.
එමෙන්ම, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරේ පුරප්පාඩු 24ක් ද පවතී. මේ වන විට හෙද විදුහල් හෙද පීඨ බවට පත්කර හෙද ඩිප්ලෝමා පාඨමාලාව හෙද උපාධි පාඨමාලාවක් දක්වා ඉහළ දැමීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින නමුත්, I ශ්‍රේණියේ/ අධි ශ්‍රේණියේ හෙද නිලධාරී (අධ්‍යාපන) තනතුර සඳහා පත් කිරීමට අදාළ පුහුණුව සඳහා බඳවා ගැනීම් මෙතෙක් සිදු කර නොමැත.
ඒ අනුව, දැනට පවතින පුරප්පාඩු විධිමත් පරිදි සම්පූර්ණ කරනු ලබන තෙක් රජයේ හෙද විදුහල්වල සේවය කරන ලද විශ්‍රාමික හෙද ආචාර්යවරුන් සහ ත්‍රිවිධ හමුදාවන්ට අයත් හෙද විදුහල්වල සේවයේ යෙදී සිට විශ්‍රාම ලැබූ හෝ නිත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති හෙද ආචාර්යවරුන් I ශ්‍රේණියේ/අධි ශ්‍රේණියේ හෙද නිලධාරි (අධ්‍යාපන) තනතුරට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd