මහා පරිමාණ ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට උපදෙස් මහා මාර්ග, අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති රැසක් කඩිනමින් අවසන් කරන ලෙසට අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ආයතන වලට රජය උපදෙස් ලබාදුන් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. 06 July 2018
උපාධි සහතිකයෙන් ‘සයිටම්‘ නම ඉවතට සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට නියමිත සයිටම් සිසුන්ගේ උපාධි සහතිකයෙන් සයිටම් නම ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 06 July 2018
අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සමිති චෝදනාව බොරුවක් සුදුසුකම් නැති අයට දේශපාලන පත්වීම් හා උසස් වීම් ලබා දී ඇති බවට අධ්‍යාපන පරිපාලන සේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් නව පත්විම් හා 06 July 2018
හිටපු ඇමැති රෝහිතට එරෙහි නඩුවේ විභාගය අගෝස්තු 03 වැනිදා සිය නීත්‍යානූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විභාගය ලබන අගොස්තු 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (14) තීරණය කළේය. 06 July 2018
අල්ලස් ගත් බස්නාහිර ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමනාකරුට සිරදඬුවම් මාර්ග ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීම සඳහා බස් හිමියකුගෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරු වු බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරුවෙකුට කොළඹ මහාධිකරණ 06 July 2018
ෂෙහාන් සේමසිංහ අල්ලස් කොමිසමට අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා අද (06) එහි පැමිණියේය. 06 July 2018
මිල සුත්‍රය හෙළි කරන්නයි ඉල්ලති මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ක්‍රියාත්මක කරන බව කී රජය මිල සූත්‍රය ජනතාවට නොපෙන්වා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කිරීම දැඩිව හෙළා දකින බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි. 06 July 2018
පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන්නැයි ඉල්ලීමක් පළාත් සභා මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන්නැයි විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා පාර්ලිමේන්තුවේදී අද (6) රජයෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 06 July 2018
පරණ මිලටම තෙල් දෙන්නැයි සංස්ථාවෙන් දැනුම් දෙයි මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළද ඉන්ධන පවතින මිලටම අලෙවි කිරීම සඳහා ඉන්ධනහල්වලට දැනුම් දී ඇතැයි ඛනිජතෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග පවසයි. 06 July 2018
නැ‘හිර ආණ්ඩුකාර නිලනිවසේ රථගාලෙන් අත්බෝම්බ දෙකක් සොයාගනී නැගෙනහිර ආණ්ඩුකාර නිල නිවසේ රථ ගාලේ තිබී අත්බෝම්බ දෙකක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි. 06 July 2018
විජයකලාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පට දෙන්නයි අධිකරණ නියෝගයක් එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි පිහිටවිය යුතු යැයි පවසමින් ළමා හා කාන්තා කටයුතු බාර හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකළ වීඩියෝ පට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාධ්‍ය ආයතන පහක ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කළේය. 06 July 2018
දරුවන් බේරාගන්න ගිය කිමිදුම්කරුවෙක් මියයයි තායිලන්තයේ ගුහාව තුළ සිරවූ දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ යෙදී සිටි තායිලන්ත නාවුක කිමිදුම්කරුවකු මියගොස් ඇත. 06 July 2018
කැනඩාවේ ක්වෙබෙක් හි අධික උණුසුමින් 33 ක් මරුට කැනඩාවේ ක්වෙබෙක් පළාතේ හදිසියේ ඇතිවූ අධික උණුසුම් තත්ත්වයක් හේතුවෙන් 33දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 06 July 2018
යාපන සරසවි සිසුහු කළු කොටි දිනය සමරති ජුලි 5 වැනි දාට යෙදී ඇතැයි සැළකෙන කළු කොටි දිනය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් ද ඊයේ (5) රාත්‍රීයේ කළු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබිණි. 06 July 2018
‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුවහොත් විදෙස් ආයෝජන වැඩිකළ හැකියි‘ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත හොත් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් විදෙස් ආයෝජන ආකර්ෂණය කරගත හැකි යැයි ධුරයෙන් නික්ම යෑමට නියමිතව සිටින මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති අතුල් කෙෂාප් මහතා පවසා ඇත. 06 July 2018
හිටපු මන්ත්‍රී වී.කේ. ඉන්දික අභාවප්‍රාප්ත වෙයි හම්බන්තොට දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ . ඉන්දික මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. 06 July 2018
අග්නිදිග සරසවි සිසුන්ට තවම සාධාරණයක් නෑ - සාකච්ඡාත් අසාර්ථකයි අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨයේ වසරක් තිස්සේ ඇති අර්බුදය සම්බන්ධයෙන් අද (07) එහි නිසි බලධාරිනිය මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය සහ ශිෂ්‍ය නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථක වූ බව එම විශ්ව විද්‍යාලයයේ ආරංචි මාර්ග කියයි. 05 July 2018
ඥානසාර හිමියෝ උඩ මළුවේ සිංහල දේශපාලන නායකයන්ගේ නොන්ජල් කම, බල ලෝබය සහ අවස්ථාවාදී බව විජයකලා මහේෂ්වරන් වැනි අයගේ ප්‍රකාශවලින් පෙනී යන්නේ යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමයෝ අනුරාධපුරයේදි පැවසුහ. 05 July 2018
ලක්ෂ 72ක වල්ලපට්ටා ඩුබායි යවන්න බැරිවෙයි වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 05 July 2018
තෙල් මිල යළි ඉහළට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 9කින් අද (05) මධ්‍යම රාත්‍රීයේ සිට රජය විසින් ඉහළ දමනු ලැබීය. 05 July 2018
අක්කර දෙකක ගස්ලබු වගාව විනාඩි දහයෙන් වල් අලි වනසයි කරුවලගස්වැව නෙළුම් ගම ගම්මානයේ අක්කර දෙකකින් යුත් ගස් ලබු වගාවකට වල් අලි රංචුවක් කඩා වැදී වගාව විනාශ කර ඇතැයි වගාවේ හිමිකරු පවසයි. 05 July 2018
සෝමාලියානු ධීවරයෝ බේරා ගැනෙති ජාත්‍යන්තර මුහුදේ ඉන්ධන අවසන්වීම නිසා පාවෙමින්තිබු සෝමාලියානු ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් පිරිස නාවික හමුදාවේ නන්දිමිත්ර නෞකාවෙන් බේරාගෙන නිරුපද්‍රිතව ගෙන ඒමට සමත්වී ඇතැයි වාර්තාවේ. 05 July 2018
පරීක්ෂණවලට උපරිම සහාය දෙනවා - විජයකලා ඉල්ලා අස්වෙමින් කියයි තමා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහයෝගය දැක්වීමක් ලෙස විමර්ශන අවසන් වන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති, අගමැති සහ කතානායකට යොමු කළ බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 05 July 2018
දේශපාලන පළිගැනීම් පත්වීම්වලට එරෙහිව නිලධාරීහු අධිකරණයට යති අධ්‍යාපන පරිපාලන සේවයේ විධි විධානයන්ට පටහැනිව දේශපාලන පළිගැනීමට ලක් වූවන්ට එම සේවයේ පත්විම් ලබා දීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සංගමය අද (5) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 05 July 2018
අධ්‍යාපන අමාත්‍යාංශයට අධීක්ෂණ මන්ත්‍රීවරු දෙදෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආශු මාරසිංහ සහ ඉම්රාන් මහරුෆ් යන මහත්වරුන් පත් කර තිබේ. 05 July 2018
විජයකලා ඉල්ලා අස්වෙයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විජයකලා මහේෂ්වන් මහත්මිය එවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීපයට‘ පැවසීය. 05 July 2018
ආපදාවලින් වසරකදී සිදුවූ පාඩුව කෝටි 8,600ක් මෙරට විවිධ ප්‍රදේශවලට පසුගිය 2016 - 2017 කාලය තුළ ඇතිවූ ස්වභාවික ආපදා හේතුවෙන් රටට රුපියල් කෝටි 8,600 ක පමණ පාඩුවක් සිදුව තිබේ. 05 July 2018
2018 පොළිය ගෙවන්න ආදායමවත් ප්‍රමාණවත් නෑ පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් 2018 වර්ෂයට නියමිත පොළිය ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ථ වාර්ෂික ආදායමවත් ප්‍රමාණවත් නොවන බවත් මේ හේතුව නිසා බදු නිදහස් කිරීම් අවම කර නව බදු පනත ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවත් දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා අද (05) ගාල්ලේදී පැවසීය. 05 July 2018
සිංහරාජයේ අලි දෙන්නට කෑම බීම වන ජීවී අමාත්‍යාංශයෙන් සිංහරාජ වනයේ වෙසෙන වන අලින් දෙදෙනා එම කැලයේම ස්ථානයකට කොටුකර උන්ට අවශ්‍ය කෑම බීම සියල්ල වන ජීවී අමාත්‍යාංශයෙන් දීමට පියවර ගෙන ඇතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය. 05 July 2018
‘කාරක සභාවට කැඳවූවිට සමහරු රට පනිනවා‘ “පාර්ලිමේන්තු කාරක සභා වලට කැඳවු විට සමහර නිළධාරින් රට පනිනවා .තවත් අය රෝහල් ගත වී ඒ කමිටු මග හරිනවා“. යැයි රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය. 05 July 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026