‘විජයකලාගේ ප්‍රකාශ ගැන අවශ්‍ය සියලු පියවර රජය ගනීවි‘ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය විසින් ගත හැකි සහ ගත යුතු සියලූ පියවර ගනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 July 2018
විශේෂ මහාධිකරණ කටයුතු කරන්නේ අධිකරණ ස්වාධීනත්වයට හානියක් නොවෙන්නයි කාට කොපමණ හදිසි තිබුණත් විශේෂ මහාධිකරණවල කටයුතු ආරම්භ කරන්නේ අධිකරණයේ ස්වාධිපත්‍යයට සහා එහි ගරු ගාම්භිරත්වය ආරක්ෂා කර ගෙන යැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 July 2018
මහබැංකු අරමුරදල් සහ භාරයනුත් පර්පෙචුවෙල් වංචාවට යොදා ගෙනැයි චෝදනාවක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින අරමුදල් හා භාරයන් හයක මුදල් ද දුෂිත පර්පෙචුවෙල් බැඳුම්කර වංචාවට යොදා ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය චෝදනා කරයි. 05 July 2018
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම දිර්ඝ කරයි ශ්‍රී ලංකා මහබැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබු තහනම තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ. 05 July 2018
ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අද (05) සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. 05 July 2018
ඇලොසියස්-පලිසේන සිටින බන්ධනාගාර වාට්ටුවෙන් ජංගම දුරකතන - සිම්කාඩ් පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරයේ රඳවා තබා ඇති එච් වාට්ටුව තුළ තිබී ජංගම දුරකතන තුනක් සහ සිම් කාඞ් පත් පහක් බන්ධනාගාර විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි නිතිපතිවරයා නියෝජනය කරමින් 05 July 2018
අභියාචන පෙත්සමට 20 දා උත්තර බදින්නැයි නියෝග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්නැයි නියෝගයක් ඉල්ලා ගොනු කළ නඩුවක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය 05 July 2018
දිවියා ඝාතනයේ සැකකරුවන් 10 දෙනාට ඇප දිවියකු පොලූ මගුරුවලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් දසදෙනා හට එක් අයකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා අද (05) නියෝග කළේය. 05 July 2018
සිංහරාජ අඩවියේ දඩයමේ ගිය අයෙක් අත්අඩංගුවට සිංහරාජ අඩවියේ සතුන් දඩයමේ ගිය පුද්ගලයෙක් විදේශීය රටක නිෂ්පාදිත බෝර දොලහ වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ තුනක් සමඟ බදුරලිය ගොල්ලුන්න ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 05 July 2018
නෙත් එෆ්.එම් ශ්‍රාවකයන් පොලිසි ගෙන්නුවැයි චෝදනාවක් නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහනට තොරතුරු දුන්නේ යැයි කියන ශ්‍රාවක පිරිසකගේ දුරකථන ඇමතුම් විස්තර සොයාගෙන ඔවුන් කැඳවා ප්‍රශ්න කිරීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කර ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි. 05 July 2018
චීන තානාපති කාර්යාලයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට චෝදනා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නේ යැයි ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ ප්‍රධානී සහ තානාපති කාර්යාල ප්‍රකාශක ලූ චොන්ග් අද (5) මාධ්‍ය හමුවක් පවත්වමින් එම පුවත්පතට චෝදනා කළේය. 05 July 2018
හිටපු ඇමැති රවිගේ ගණකාධිකාරීට පර්පචුවෙල් සමාගමෙන් මිලියන 5 ක් දුන්නා යැයි සාක්කියක් ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගම මගින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ගණකාධිකාරීවරයා වෙත රුපියල් මිලියන පහක මුදලක් ලබා දුන් බව පර්පචුවෙල් සමාමේ මුල්‍ය ගනුදෙනු කළ තැනැත්තකු සාක්කි ලබාදෙමින් පවසා ඇතැයි සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා අද අධිකරණයට සඳහන් කළේය. 05 July 2018
පර්පචුවෙල් ටෙෂරීස් සමාගම් අධ්යක්ෂවරු 8 කගේ රට ගමන් තහනම් පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ අධ්යක්ෂවරු අට දෙනකුගේ විදෙස්ගත වීම තහනම් කරමින් අද (05) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් නිකුත් කළේය. 05 July 2018
කළු කොටි දිනය සමරා කිලිනොච්චියේ සිතුවම් කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ ජූලි 5 වැනි දාට යෙදී තිබෙන කළු කොටි දිනය පිළිබඳ ජනතාව දැනුවත් කර එල්.ටි.ටි.ඊ ලාංජනය හා ඊලාම් සිතියම ප්‍රදර්ශනය වන සිතුවම් කිහිපයක් ඇඳ ඇති බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි. 05 July 2018
විජයකලාගේ විනය පරික්ෂණ දිගටම කිරිමට අගමැතිගෙන් උපදෙස් විජයකලා මහේෂ්වරන් මහත්මිය රාජ්‍ය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වුවාද ඇයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇති විනය පරික්ෂණ අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබිය. 05 July 2018
ගුරුසේවා සංගම් සභාපතිට පහරදුන් මැරයින් අත්අඩංගුවට ගන්න- ජවිපෙ බත්තරමුල්ල ඉසුරුපාය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේදී ලංකා ගුරුසේවා සංගමයේ සභාපතිවරයාට පහර දුන් මැරයන් වහා අත්අඩංගුවට ගන්නැයි රජයට බල කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 05 July 2018
එජාප පසුපෙළ මන්ත්‍රීවරු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් මූලාශ්‍ර ඉල්ලති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට පළ කළ වාර්තාවට අදාළව මුලාශ්‍ර දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට නිල වශයෙන් ඉල්ලිමක් කර තිබේ. 05 July 2018
පළාත් සභා මැතිවරණය දෙසැම්බරයේ තියන්න අගමැතිගෙන් උපදෙස් පළාත් සභා මැතිවරණය මේ වසරේ දෙසැම්බරයේ ස්ථිර වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත. 05 July 2018
හෙරොයින් ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් හෙරොයින් ග්‍රෑම් හතක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (05) නියම කළේය. 05 July 2018
වලල්ලාවිට ප්‍රා.සබේ හිටපු සභාපතිට වරෙන්තු වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරල මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (5) වරෙන්තු නිකුත් කළේය. 05 July 2018
තායිලන්ත අගමැති ලබන සතියේ ලංකාවට දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන සතියේදී මෙරට සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. 05 July 2018
‘විජයකලාගේ ප්‍රකාශය පදනම් කර ඇය අමාත්‍ය ධුරයෙන් නෙරපීම ප්රජාතන්ත්ර වීරෝධියි ‘ වනිතා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පදනම් කරගෙන ඇයව මන්ත්‍රී ධූරයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් නෙරපීම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවක් යැයි උතුරු පළාත් වනිතා කටයුතු ඇමතිනී ආනන්දි ශෂිදරන් මහත්මිය සදහන් කළාය. 05 July 2018
පේදුරුතුඩුව කළපු රක්ෂිතයේ ‘මානා පක්ෂින්‘ මැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට පේදුරුතුඩුව නගර්කෝවිල් කළපු රක්ෂිත ප්‍රදේශයේදී සංචාරක පක්ෂි විශේෂයක් වන මානා පක්ෂීන් 26 දෙනකු මරා මස් පිණිස රැගෙනයමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවටගත් බව පේදුරුතුඩුව පොලිසිය කියයි. 05 July 2018
යශෝධ රංගේ බණ්ඩාරගේ නඩුව කල් යයි හලාවත, බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදුකර නිවසකට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර 05 July 2018
යුද හමුදා කැබ් රිය පෙරැළි හතක් රෝහලේ යුද හමුදාවෙන් පලාගිය සෙබළෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකට සහභාගිවූ ආරක්ෂක අංශ වලට අයත් පිරිසක් ගමන් කළ කැබ් රිය බදුල්ල - මහියංගණය මාර්ගයේ දුන්හිද,තිඹිරිගස්පිටිය දී අනතුරකට ලක්වීමෙන් තුවාල ලැබු හත් දෙනෙක් බදුල්ල මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි. 05 July 2018
විජයකලා ඉල්ලා අස්වෙන්න තීරණය කරයි සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වන් මහත්මිය අද තීරණය කර තිබේ. 05 July 2018
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට කෝටි 20ක සංවර්ධන ව්‍යාපෘති “ගම්පෙරළිය“ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් කෝටි 20 ක සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට රජය තීරණය කර තිබේ. 05 July 2018
ශ්‍රී ලංකාව පුද්ගල ජාවාරම් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථරයට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව කරන ‘පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවේ’ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථරයේ රැඳි සිටීමට ශ්‍රී ලංකාව දෙවැනි වසරටත් සමත්ව සිටී. 05 July 2018
ඇමතිනී විජයකලා අගමැති හමුවෙයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (4) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. 05 July 2018
පළාත් සභා මැතිවරණය ගැන අගමැති පාර්ලිමේන්තුවේදී කියයි පළාත් සභා මැතිවරණය පවත්වන දින වකවානු ලබන සතියේ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර තීරණය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 05 July 2018
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026