මත්ද්‍රව්‍ය සාදයේ සිටි ෆේස්බුක් මිතුරන් 57 ක් අත්අඩංගුවට
ෆේස්බුක් සමාජ ජාලය හරහා මිතුරු වී හපුතලේ විහාරගල සංචාරක හෝටලයකට පැමිණි තරුණයින් 57දෙනෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින්, සාදයක් පවත්වමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි. මොවුන් බදුල්ල, පස්සර යන ප්‍රදේශවල අයවලුන් බවද පැවසේ.