වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව රජයේ වැඩබලන ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව මහතා පත් කර තිබේ. 27 October 2018
ඇමරිකාවේ අවධානය ශ්‍රී ලංකාව වෙතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ශ්‍රී ලංකාවේ සියලුම පාර්ශවවලින් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි. 27 October 2018
එජාපයේ 20ක් මහින්දගේ සහයට - ආනන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුව රැස්කල පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 20කට වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පල කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 27 October 2018
වතු කම්කරු දිනක වැටුප 1000 කරන්ක අගමැති එකඟ වුණා - තොන්ඩමන් වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට එකඟ වූ නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කළ බව ආර් තොන්ඩමන් මහතා පැවසීය. 27 October 2018
එජාප ආණ්ඩුව අවලංගුයි - දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බවත්, එජාප නායකයා තවදුරටත් අගමැති නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 27 October 2018
නව ඇමති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (28 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. 27 October 2018
අග්‍රාමාත්‍ය ලේකම් ඉවත්කරයි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට සුළු මොහොතකට පෙර ඉවත් කරනු ලැබීය. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. 27 October 2018
ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. 27 October 2018
ජනපති සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී කණ්ඩායම අද (27) රාත්‍රී 7.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබ ඇත. 27 October 2018
මෙය දේශපාලන කුමන්ත්‍රණයක් - චම්පික මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස ප්‍රකාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහකා කියයි. 27 October 2018
අර්බුද එපා - පාර්ලිමේන්තුව කැඳවන්න රටේ අර්බුදයක් ඇති කිරීම අවශ්‍ය නැති බවත්, වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියයි. පාර්ලිමේන්තුවේ දී බහුතරය ඇත්තේ කාටදැයි බලා ගත හැකි බව ද එමහතා පවසයි. 27 October 2018
පාර්ලිමේන්තු සැසිය දින 21 කින් කල්තබයි පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර තිබේ. පාර්ලිමේන්තුව ලබන මස (නොවැම්බර්) 16 වැනිදා නැවත රැස්වීමට නියමිතය. 27 October 2018
සති 50 ක් බලයේ ඉන්න සත පනහට ඇද වැටිලා - හරීන් සති පනහක් බලයේ සිටීම වෙනුයෙන් ජනාධිපතිවරයා සත පනහට වැටී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා කියයි. 27 October 2018
පොලිසියේ නිවාඩු අවලංගු කරයි දැනට රටේ උද්ගතව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන වාහම ක්‍රියාත්මක වන පරිදි සියලුම තරාතිරම්වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 27 October 2018
අගමැති පුටුව වෙනස්වීමෙන් රූපවාහිනිය කැළඹෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමත් සමඟම ජාතික රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ අද (26) රාත්‍රීයේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති විය. 27 October 2018
පාර්ලිමේන්තු සැසිවාරය මසකින් කල් දමන්න යයි පාර්ලිමේන්තු සැසිවාරය මාසයකින් පමණ කල්දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 27 October 2018
අමාත්‍යාංශ ලේකම්වරු අලුතින් පත් කිරීමට යයි අමාත්‍යාංශ ලේකම්වරුන් අද (27) දිනයේ අලුතින් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 27 October 2018
පොලිස්පති පූජිත් මහින්ද හමුවෙන්න යයි පොලිස්පති පූජිත් ජයසුන්දර මීට ටික වේලාවකට පෙර මහින්ද රාජපක්ෂ මහතා හමු විය. 27 October 2018
මාතෘ භූමියේ වාසනාවට වුණු වෙනසක් - වසන්ත සේනානායක ‘‘රටේ ඇතිවුණු මේ වෙනස පිළිගන්නවා.මෙය මාතෘ භූමියේ වාසනාවට සිදුවුණු සිද්ධියක්‘‘ යැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පැවැසීය. 27 October 2018
ඉරිදා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ඉල්ලීමක් පවතින දේශපාලන වාතාවරණය හමුවේ ඉරිදා පාර්ලිමේන්තුව රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 26 October 2018
බහුතර බලය ගැන රනිල් ජනපතිට ලියයි තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි බැවින් දිගටම අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන බව රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දැනුම් දුන්නේය. 26 October 2018
නව අගමැති මහින්ද පළමුව බුදුහිමි සොයා යයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා ආශිර්වාද ලබා ගැනීමට ගංගාරාම විහාරස්ථානයටත් අභයාරාම විහාරස්ථානයටත් ගියේය. 26 October 2018
එජාප මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ සහය මහින්දට මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 26 October 2018
ජාතික රූපවාහිනියේ විකාශනය නවතී කිසියම් පිරිසකගේ බලපෑමක් මත ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු මීට ටික වේලාවකට පෙර නවතා දැමූ බව ආරංචි මාර්ග කියයි. 26 October 2018
ගැටලුවට විසඳුම ඇත්තේ පාර්ලිමේන්තුවේ - රනිල් වික්‍රමසිංහ මෙම ගැටළුව විසඳිය හැක්කේ පාර්ලිමේන්තුවේ දී බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මැදුරේදී මීට ටික වේලාවකට පෙර පැවැති මාධ්‍ය හමුවකදීය. 26 October 2018
අගමැති ධුරයෙන් ඉවත් කළ බව ජනපති රනිල්ට ලිඛිතව දැනුම් දෙයි තමා වෙත ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දී ඇත. 26 October 2018
මහින්දට ගෝඨාභයගෙන් සුබපැතුම් අගැමැති ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට සතුටින් හා ආඩම්බරයෙන් සුබපැතුම් එක් කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි 26 October 2018
ඒකාබද්ධ මන්ත්‍රීවරු රාත්‍රී 10ට නව අගමැති හමුවෙති ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද රාත්‍රී 10ට මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ආරංචි මාර්ග කියයි. 26 October 2018
එජාප මන්ත්‍රීවරු අරලියගහ මැදුරේ සාකච්ඡාවක ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. 26 October 2018
ප්රජාතන්ත්රවාදයේ කඩාවැටීමක් - සාගල රත්නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කිරීම ප්රජාතන්ත්රවාදයේ කඩාවැටීමක් බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කියයි. 26 October 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026