බ්‍රිස්ටල් වීදියේ එක් තීරුවක් වසා දමයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය අසළ බ්‍රිස්ටල් වීදීයේ එක් තීරුවක් මේ වන විට වසා දමා තිබේ. 13 August 2019
‘ගෝඨා‘ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය. 13 August 2019
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අදයි මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (12) 7.10 ට නිරිත දිශාමුඛව ගමන් ආරම්භ විය. 12 August 2019
‘‘නීතිමය ගැටළුව විසඳුනොත් පළාත් සභා මැතිවරණය පවත්වනවා‘‘ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති හෙයින් නීතිමය ගැටළුව විසඳුනහොත් ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 12 August 2019
ගෝඨාභය රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගනී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහ සෑ රජුන් වැද පුදා ගත්තේය. 12 August 2019
ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කරනවා ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි. 12 August 2019
ලොරිය වහලෙට වැටෙද්දී නිවැසි කාන්තාව දිවිබේරාගනී මීගහකිවුල උඩරඹුක්කැටිය ගම්මානය වෙත අද (12) පස්වරුවේ සිමෙන්ති තොගයක් රැගෙන ගොස් ආපසු එමින් තිබූ ලොරි රථයක් අඩි 75 ක් පමණ පහළින් වූ ප්‍රපාතයක පිහිටි නිවසක වහලයක් මතට කඩා වැටී අනතුරට ලක්ව ඇති අතර ඒම අවස්ථාවේ නිවසේ සිටි කාන්තාවක් පිටතට පැන දිවි ගලවාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 12 August 2019
ලක්ෂපාන - කැනියොන් - කොත්මලේ ජලාශවල වාන්දොරටු විවෘත කෙරේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (12) උදෑසන සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකය පැවසීය. 12 August 2019
උසස්වීම් නැතැයි පොලිසියේ 33,000 ක් මැසිවිලි කියති පොලිස් නිලධාරීන් 33000 ක් පමණ වසර 10කට අධික කාලයක් තිස්සේ උසස්වීම් නොලැබ එම තනතුරේ රැඳී සිටින බව පොලිස් පොඩ්ඩෝ පවසති. 12 August 2019
සජිත් ජනපති කරවන බව හරීන් කියයි ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා ලෙස නියත වශයෙන්ම පත් කරවන බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 12 August 2019
සැමට ජය ලැබෙන සංවර්ධන ක්‍රමයක් ඇතිකරනවා සෑම කෙනෙකුම ජයග්‍රහණය කරවන සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 August 2019
‘එජාපයේ අපේක්ෂකයා නුදුරේදීම ප්‍රකාශ කරනවා’ එක්සත් ජාතික පක්ෂය තම ජනාධිපති අපේක්ෂකයා නුදුරේදීම ප්රජාතන්ත්රවාදී ආකාරයෙන් තෝරා පත් කර ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරීමට සියලු කටයුතු සූදානම්කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග සංවර්ධන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 12 August 2019
18 සම්පූර්ණ කළ තරුණයන්ට ඡන්ද අයිතිය දිය යුතුයි වයස අවුරුදු 18 සම්පූර්ණ කිරීමෙන් පසු ඡන්ද අයිතිය ලැබිය යුතුය යන අදහසේ තමන් ද සිටින බවත්, පාර්ලිමේන්තුවේ නීතියට වඩා ව්‍යවස්ථාව ඉහළින් තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හුල් මහතා අද පැවසීය. 12 August 2019
‘රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් වූ දුර්වලම අපේක්ෂකයා අපට අභියෝගයක් නෙවේ’ රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, ඔහු තමන්ට අභියෝගයක් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (12) පැවසීය. 12 August 2019
කුඩු සමඟ ඇල්ලූ මන්ත්‍රී රිමාන්ඩ් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා 22 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ආනමඩුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දුලාංගිකා ජයසිංහ මහත්මිය නියෝග කළාය. 12 August 2019
‘රටට ඕනෑ ප්රජාතන්ත්රවාදී නායකයෙකු මිස ඒකාධිපතියෙකු නොවේ’ රටට අවශ්‍ය ප්රජාතන්ත්රවාදී නායකයකු මිස බලයට කෑදර ඒකාධිපතියෙකු නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන කමිටු සාමාජික සමන් රත්නප්‍රිය මහතා අද(12) කොළඹදී පැවසීය. 12 August 2019
‘නොවැම්බර් අග වන විට ජනතාව රජකරවන යුගයක් හදනවා’ නොවැම්බර් අග වන විට පොදු ජනතාව රජ කරවන යුගය නිර්මාණය කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා රණාල ජල්තර දී අද (12) පැවසීය. 12 August 2019
ඇමැති ගාමිණී ජයවික්‍රම හෙට ජනපති කොමිසමට ‘මහපොළ’උසස් අධ්‍යාපන බාරකාර අරමුදල සතුව සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දුෂණ හා වංචා සිද්ධීන් පිළිබඳව සාක්කි ගැනීම සඳහා බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට වත්මන් රජයේ ආයතනයන්හs වංචා සහ දුෂණ සිද්ධීන් සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (13) පෙනී සිටින ලෙසට එම කොමිසම දැනුම් දී තිබේ. 12 August 2019
ඉහළ කොත්මලේ වාන් දොරටු අරී ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් අද (12) දහවල් සිට විවෘත කළ බව ජලාශය බාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි. 12 August 2019
ඉදිකිරීම් කර්මාන්තයේ නිරතවූවන්ට හැඳුනුම්පතක් ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්රයේ නියැළී සිටින පිරිස් සඳහා හැඳුනුම්පතක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත. 12 August 2019
හෙරොයින් සමඟ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට හෙරොයින් සමඟ කරුවලගස්වැව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු අද ( 12) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 12 August 2019
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ නව නිලධාරී මඬුල්ල පත්කෙරේ මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2019/2020 වර්ෂය සදහා නව නිලධාරී මඬුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ මහසභා රැස්වීමේදී පත් කර ගන්නා ලදී. 12 August 2019
එජනිසයට වෙනමම තරග කරන්නත් පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන යෝජනා පිළිගත නොහැකි යැයි හෝ තම පක්ෂයට බලයක් නැහැ, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කීවොත් තම පක්ෂයට වෙනම තරග කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. 12 August 2019
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් 5ක් අත්අඩංගුවට කොම්පඤ්ඤවීදිය මුත්තයියා පාරේදී අද(12) අලුයම රූපලාවන්‍යාගාරයක කළමනාකරුවකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. 12 August 2019
ඉස්ලාම් බැතිමත්හු හජ් සමරති අදට (12) යෙදී ඇති හජ් උත්සවය දිවයින පුරා මුස්ලිම් ජනතාව උත්කර්ෂවත්ව සැමරූහ. 12 August 2019
පියාගේ උදලු මිට පහරින් තුවාල ලැබූ දරුවා මරුට සැමියා විසින් මවට එල්ල කළ උදලු මිට පහරක් වැදී රත්නපුර මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු 17 හැවිරිදි දරුවා අද (12) මිය ගිය බව පොලිසිය පවසයි. 12 August 2019
කොළඹ - කොචින් ගුවන් ගමන් යළි ඇරඹේ ගංවතුර සහිත ආපදා තත්වය මත වසා දමා තිබූ ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් මගී ගමනාගමනය සඳහා අද (12) විවෘත කෙරිණි. 12 August 2019
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අදයි මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද (11) රාත්‍රී 6.40 ට දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය. 11 August 2019
සමුළුවෙන් පසු ගෝඨා කැලණියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමුළුව අවසන් වීමෙන් අනතුරුව ජනපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණි විහාරස්ථානය වැඳපුදා ගත්තේය. 11 August 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026