ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ විශේෂ ආශිර්වාදය ලබා ගත් ගෝඨාභය මහතා වෙනුවෙන් මහා සංඝරත්නය විසින් ජයශ්‍රි මහා බෝධීන් වහන්සේ පරිශ්‍රයේ පැවැත්වූ සෙත් පිරිතකද සහභාගී වුවේය.
විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ , ශිරන්ති රාජපක්‍ෂ , අනෝමා රාජපක් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජපක්‍ෂ පවුලේ ඥාතීන් ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය ශ්‍රී !!!!! ආර්යාවක් වීම සඳහා සියලු සුදුසුකම් ඇති, එහෙත් ආර්යාවක් නොවූ, ඉතා නිහතමානී වැදගත් බිරිඳක්ද ඔහුට ඇත..
රටම එක පෙලට. මැතිදුනි ඔබට ජය.
උතුර, නැගෙනහිර, උතුරු මැද, වයඹ හා මධ්‍යම පළාත් වල මිනිස්සු සංවර්දනය ගැන ඇති බලාපොරොත්තු නැති කර ගන්න. ඔබට අධිවේග මාර්ග, නව දුම්රිය මාර්ග යනු සිහිනයක් පමණක් වනු ඇත. සංවර්දනය දකුණට පමණක් වනු ඇත.
මීට කලින් කීවතාවක් අනුරාධපුර වන්දනාවේ ගිහිල්ල තියෙනවද අපේ මහත්තයෝ ?
තිරුපති යන්නේ කවදද මහත්තයෝ?
එත් ඇමෙරිකානු පුරවැසියෙක්. වීරවංශට ඒක තේරුනේ නැත්තේ මොකද මන්ද ආයිබෝවන්. සද්දෙකුත් නැහැ.
ආගම ධර්මයට මෙතරම් නැඹුරු දේශපාලකයින් සිටින ලෝකයේ එකම රට. හීනෙන් වත් වරදක් නොකරන ධර්මානුකුලවම රට පාලනය කල දේශපාලකයින් සිටින නිසා, ලංකාවේ ජීවත් වෙන අපට දිව්‍ය ලෝකයේ හෝ ස්වර්ගයේ ජීවත් වෙනවා වගේ හැගීමක් තමයි අපට දැනෙන්නේ. ඒ තුලින් ඔවුන් මේ ගතකරන ධාර්මික ජීවිතයට වඩා අස්වැසිල්ලක් සිදුවේවි.සියලු යස ඉසුරින් පිරි ඉතාම සුන්දර ජීවිත ගත කරන පින්වත් ජනතාවක් වෙසෙන රටකට මෙවැනි පාලකයින් හතු පිපෙනසේ බිහිවේවා යයි පතමි!!
ලෝකේ කිසිම ශිෂ්ඨ සම්පන්න ජාතියක් මහජන මුදල් හොරා කෑ බවට අධිකරණයේ නඩුපිටනඩු ඇති හොරෙකුට ජනාධිපති වෙන්න යෝජනා කරනවා තියා කිසිම සභාවකට වැද්දගන්නේ නැහැ. බත් කන හරක්ට හොඳයි.
ක්‍රමය හොඳයි. මල්වතු, අස්ගිරි යන්නේ නැතිව අනුරාධපුරයට ආවා එක ඉතා වටිනවා. වෙනසක්...!
සිහි විකලෙන් දමන සමහර වදන් රටට කියන්නට හදන්නේ කුමක්ද? යන්න හොඳින් වටහා ගැනීමට අපට පුළුවනි. එය පැහැදිලිවම මුදල් යෙදවූ විරුද්ධ වැඩපිළිවෙලකි. ගෝඨා ඔබට ජය නියත බව ඉන් පසක් වේ.
ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ආර්යාවන් වීමට සිහින මවන සියලු දෙනාගේ සිහින බොඳ කරමින් උගත්, ප්‍රබල කාන්තාවක් (අලුත් මුහුණක්) රට වෙනුවෙන් ඉදිරිපත් වීමට සුදානමින් සිටින බව දන්වා සිටිමු.