ජනපතිවරණ ව්‍යාපාරයේ වෛරි සහගත ප්‍රකාශන ඉහළ ගිහින් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය තුළ වෛරීසහගත ප්‍රකාශ ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කැෆේ සංවිධානය පවසයි. 20 October 2019
බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ නඩුව නොවැ. 19 සිට යළි විභාගයට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බි්රගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලන්ඩනයේ වෙස්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිෂ්ප්‍රභ කර තිබු නඩුව ලබන නොවැම්බර් 19 වැනිදා යළි විභාගයට කැඳවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 20 October 2019
වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකට බලපෑම් නොකළ බව දයා ගමගේ කියයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සමන් උඩවත්ත මහතාට තනතුරෙන් ඉවත්වන්නැයි තමා බලපෑම් කළ බවට නගන චෝදනා මුළුමණින්ම ප්‍රතික්ෂේප කරන බව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන ඇමැති දයා ගමගේ මහතා ‘ලංකාදීප’ යට පැවසීය. 20 October 2019
දෙමළ ජාතික සන්ධානය එක්ක අපට ගිවිසුමක් නෑ දෙමළ ජාතික සන්ධානය හෝ වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ එක්සත් ජාතික පක්ෂයට ගිවිසුමක් නොමැති බවත් අපේ ප්‍රතිපත්තිවලට එකඟවෙන ඕනෑම අයෙක් සමඟ වැඩකරන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය. 20 October 2019
ලංකාවේ දරුවන් ලක්ෂ 60 කගේ සුබ සාධනයට ප්‍රතිපත්ති ප්රකාශනයක් ශ්‍රී ලංකාවේ දරු දැරියන් ලක්ෂ 60කගේ සුබ සාධනයට අදාළ කරුණු ඇතුළත් ප්‍රතිපත්ති ප්රකාශනයක් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් සකස් කරනු ලැබ තිබේ. 20 October 2019
ජනපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්: 31 - නොවැ : 1 දිනවල ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම ඔක්තෝබර් 31 සහ නොවැම්බර් 01 යන දිනවලදී සිදුකෙරේ. 20 October 2019
යුද සැලසුම් හදන්නේ ත්‍රිවිධ හමුදාපතිවරු මිස ආරක්ෂක ලේකම් නෙමෙයි විරුද්ධවාදීන් කථා කරන්නේ රටේ ආරක්ෂාව ගැන වුවත් ඔවුන්ට ආරක්ෂාව ගැන කථා කරන්න තරම් අත්දැකීම් නැති බවත් යුද උපායයන් සැලසුම් කරන්නේ හමුදාපතිවරු තිදෙනා මිස සම්ප්රදායානුකූලවත් ආරක්ෂක ලේකම් යුද සැලසුම් සකස් නොකරන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය. 20 October 2019
එජනිස භාණ්ඩාගාරික ධූරය දූමින්ද දිසානායකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භාණ්ඩාගාරික ධූරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කරනු ලැබ තිබේ. 20 October 2019
රන් බිස්කට් සාක්කුවේ සඟවා ගෙන යන්න ගිය සේවකයා අත්අඩංගුවට රන් බිස්කට් 40 ක් තම කලිසමේ දෙපස සාක්කු දෙකේ සඟවා ගෙන ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන යමින් සිටි ගුවන් තොටුපළ සේවකයකු අද (20) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 October 2019
රාජ්‍ය ආයතනවල ඡන්ද ප්‍රචාරණ කටයුතු තහනම් රාජ්‍ය ආයතනවල ඡන්ද ප්‍රචාරණ කටයුතු තහනම් කර තිබෙන බවද, එවැනි සිදුවීම් සම්බන්ධයෙන් එම ආයතනවල බලධාරීන් වගකීමට බැඳී සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 20 October 2019
මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නිවසට හොරු පනිති අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට ඇතුළු වූ අයෙකු අද(20) නිවසේ වූ භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි. 20 October 2019
තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරම අරී තබ්බෝව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස වැඩිවිමත් සමඟ අද (20) සවස් වන විට වාන් දොරටු හතරම විවෘත කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පැවසීය. 20 October 2019
හොරෙන් ලංකාවට ආ සිරියානු පවුලක් ආපසු මව්රටටම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ සිරියානු ජාතික පවුලක් අද (20) අත්අඩංගුවට ගෙන ඔවුන් ආ ගුවන් යානයෙන්ම ආපසු පිටත් කර යැවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති. 20 October 2019
ජාතික රෝහලේ සවස 4 න් පසුත් අක්ෂි කාච සැත්කම් කොළඹ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි කාච සැත්කම් සවස 4.00න් පසුව සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 20 October 2019
ළිඳේ සිරවී මියගිය පුද්ගලයාගේ කොටස් රජයේ රස පරීක්ෂකට කන්දකැටිය බුබුල ගම්මානයේ ළිදේ සිරවී මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට කන්දකැටිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව කන්දකැටිය පොලිසිය පවසයි. 20 October 2019
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් ඇප මත මුදා හැරේ නීත්‍යානුකූල කිසිඳු ලියවිල්ලක් සන්තකයේ නොමැතිව සිටි චීන ජාතිකයින් 7 දෙනෙකු වනාතවිල්ලුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් අබ්දුල් කාදර් මහතා වෙත අද (19) සවස ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයකුට ලක්ෂය බැගින් ශරීර ඇප නියම කරමින් ඇප මත මුදා හැරීමට පොලිසියට නියෝග කර තිබුණි. 19 October 2019
බලන්ගොඩ - හැටන් මාර්ගයට පස් කඳු කඩාවැටෙයි බලන්ගොඩ - හැටන් ප්‍රධාන මාර්ගයට පින්නවල ප්‍රදේශයේදී පස්කන්දක් කඩාවැටීමෙන් සහ මාර්ගයට ගල් පෙරලීමෙන් අද (19) පැය කිහිපයක් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවිය. 19 October 2019
යහපාලනය කියමින් එජාපය මේ රට විනාශ කළා ‘‘යහපාලනය කියමින් අවුරුදු 4කට වැඩි කාලයක් මේ රට කුණු කළ එක්සත් ජාතික පක්ෂය දැන් එක්සත් පෙරමුණ කියමින් සංධානයක් හදා ගෙන ජනාධිපතිවරණයට ඉල්ලනවා. මේ අය අද නැවත බලය ඉල්ලුවට පසුගිය කාලයේ නගරවල එකතුවන කුණු ටිකවත් ඉවත් කරන්න බැරි වුණා...‘‘ යැයි එස්. සදාසිවම් මහතා පවසයි. 19 October 2019
පාසල් සිසුවෙක් සැකකටයුතු ලෙස මියයයි මව සහ පියා නිවසින් බැහැරව සිටි අතරතුර දී නිවසේ රැඳී සිටි 13හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ මිය යාමේ පුවතක් කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයන් වාර්තා වේ. 19 October 2019
උතුරු මැද පළාත් කලා උලෙළට දේශපාලකයින් නෑ සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැති දිවයිනේ එකම පළාත් කලා උලෙළ වන උතුරු මැද පළාත් කලා උලෙළ 30 වන වරට අද (19) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දි ආරම්භ විය. 19 October 2019
පොදුජන පෙරමුණේ සැලුන් දොරත් ඇරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඕනෑම දේශපාලඥයෙකුට ඇතුලුවන්නත් පුලුවන්, පිටවෙන්නත් පුලුවන් අයුරින් සැලුන් දොරක් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පැවසීය. 19 October 2019
නිල තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාල මගින් වෙන්කරයි ජනාධිපතිවරණය වෙනුවෙන් රාජ්‍ය ආයතන මගින් අයදුම් කල තැපැල් ඡන්ද පත්‍රිකා අද (19) අලුයම තැපැල් කාර්යාල වෙත ලැබී ඇත. 19 October 2019
දිස්ත්‍රික්ක 4 කට නාය යෑමේ අවදානමක් දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 18 October 2019
යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. 18 October 2019
ඉසුර ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ. 18 October 2019
නෙදර්ලන්ත විදේශ ඇමැති දිවයිනට නෙදර්ලන්ත විදේශ අමාත්‍ය ස්ටෙපාන් ඒබ්‍රහම් බ්ලොක් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා අද (18) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. 18 October 2019
‘යුද සමයේ නායකත්වය කතා කිරිමෙන් ගෝඨාභයගේ ප්‍රතිරූපයට හානිසිදුවූණා’ ගෝඨාභය රාජපක්ෂ මහතා යුද සමය සහ එහි නායකත්වය ගැන කතා කිරිමෙන් ඔහු පිළිබඳව මෙතෙක් පැවති ප්‍රතිරූපයට සහ ජනතාවගේ විශ්වාසයට හානියක් සිදුකර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටි ආරච්චි මහතා අද (18) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය. 18 October 2019
මැතිවරණ පැමිණිලි 24 කට 11 ක් අත්අඩංගුවට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි හා මැතිවරණ උල්ලංඝණය කිරීම වලට අදාළව පැමිණිලි 24 ක් වෙනුවෙන් ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරුන් දෙදෙනකු, හා හිටපු ප්‍රාදේශීය සභා මන්ති‍්‍රවරයකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 18 October 2019
අයුතු ක්‍රියාවකින් මියයාමකට අලාභ ගන්න නව පනත් කෙටුම්පතක් කිසියම් පුද්ගලයකුගේ අයුතු ක්‍රියාවක් හෝ අතපසු වීමක් වැනි කරුණු හේතුවෙන් තවත් පුද්ගලයකුගේ මරණය සිදුවුවහොත් මියගිය පුද්ගලයාගේ යැපෙන්නන්ට අලාභ අයකර ගැනීම සඳහා නීති ඇතුළත් නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට රජය පියවර ගෙන තිබේ. 18 October 2019
ජාතික හෙළ උරුමයේ මහ සමුළුව කැම්බල් පිටියේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට සහයෝගය පළ කෙරෙන ජාතික හෙළ උරුමයේ මහ සමුළුව බොරැල්ල කැම්බල් පිටියේදී අද (18) පැවැත්විණි. 18 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026