IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


උතුරු මැද පළාත් කලා උලෙළට දේශපාලකයින් නෑ

(මනුල වික්‍රම)

සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැති දිවයිනේ එකම පළාත් කලා උලෙළ වන උතුරු මැද පළාත් කලා උලෙළ 30 වන වරට අද (19) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දි ආරම්භ විය.

දේශපාලන නායකයින්ගෙන් තොරව නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම මෙවර එහි තවත් විශේෂත්වයක් විය. ප්‍රදර්ශන කුටි රැසකින් හා වේදිකාගත ඉදිරිපත් කිරීම් රැසකින් සමන්විත කලා උලෙළ හෙට (20) පස්වරුවේ සමාප්ත වේ.

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් එච්.එම්. තිලක බණ්ඩාර මහතා සමඟ කලාකරුවෝ සමාරම්භක මොහොතට එක්ව සිටියහ.



අදහස් (8)

උතුරු මැද පළාත් කලා උලෙළට දේශපාලකයින් නෑ

jaya Saturday, 19 October 2019 09:58 AM

ඉතා ප්‍රශස්ථ කටයුත්තකි.

:       0       111

karunarathna Gamage Saturday, 19 October 2019 11:11 AM

හොඳ පූර්වාදර්ශයක්..., හරිම සතුටක්...

:       0       124

රවින් Saturday, 19 October 2019 12:01 PM

නියමයි !! නියමයි !! සංවිධායකවරුන්ට මුළු රටේම ප්‍රණාමය. මේන් මේ ආකාරයට තමයි ලංකාවේ සෑම කටයුත්තක්ම වියයුත්තේ. කාලකන්නි දේශපාලුවන්ගෙන් තොරව පවත්වන සෑම පොදු කටයුත්තක්ම අති ඉහළින්ම ඇගයීමට ලක්කළ යුතුය. කොමිස් මුදලට, නැතිනම් බොරු උජාරුවට දේශපාලුවන් ගෑවෙනවා මිසක් උන්ගෙන් මෙරටට කිසිම සුබසිද්ධියක් නම් වෙන්නේම නැත. තවතව අපේ මව්බිම අගාධය කරා ගෙනයාමක් පමණයි ඒ අයගෙන් සිදුවන්නේ.

:       0       284

sandy123 Saturday, 19 October 2019 12:17 PM

එහෙනම් ඉතින් පැවැත්මක් තියෙනවා.

:       0       28

leel gunawardena Saturday, 19 October 2019 05:54 PM

දේශපාලුවන්ගෙන් තොරව කරන මෙවැනි කළා උත්සව අගයකරනවා.... ඔබලාට ජය!!!

:       0       6

Chanak los angeles Saturday, 19 October 2019 11:35 PM

ලේකම් නියෝජනය කරන්නේ දේශපාලකයාව තමයි කියා නොදන්නා මෝඩයෝ මේක හොඳ දෙයක්ලු ...

:       7       15

ධර්මරත්න Sunday, 20 October 2019 01:16 AM

මීට අවුරුදු 50 කට 60 කට ඉහත අපි පාසල් යන කාලයේ වැදගත් උත්සව වල ආරාධිතයන් උනේ ප්‍රදේශයේ දානපතිවරු, ප්‍රසිද්ධ සමාජ සේවකවරු, විදුහල්පතිවරු , දිසාපති නැතහොත් ප්‍රාදේශීය ආදායම් නිලධාරි ආදී ප්‍රභූවරයන් ය. පසුව මෙය දේශපාලන පරපුටුවන්ගේ අනීවාර්ය පුධාන කටයුත්ත බවට පත් වුනි. මෙම වැරැද්ද නිවැරදි කරගැනීමට ආදර්ශයක් ලබාදුන් උතුරු මැද පළාත් සභාවට තුති.

:       0       39

Raveendra Sunday, 20 October 2019 06:05 AM

ඉතාම හොද තීරණයක්. හැලිවදුරන් 225 ට මොන කලා උළෙලවල්ද ? ඔවුන්ට තිබෙන්නේ හොරා කෑමේ උළෙලවල්නේ.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1831 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1480 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site