(මනුල වික්‍රම)
සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැති දිවයිනේ එකම පළාත් කලා උලෙළ වන උතුරු මැද පළාත් කලා උලෙළ 30 වන වරට අද (19) පෙරවරුවේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දි ආරම්භ විය.
දේශපාලන නායකයින්ගෙන් තොරව නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීම මෙවර එහි තවත් විශේෂත්වයක් විය. ප්‍රදර්ශන කුටි රැසකින් හා වේදිකාගත ඉදිරිපත් කිරීම් රැසකින් සමන්විත කලා උලෙළ හෙට (20) පස්වරුවේ සමාප්ත වේ.
උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශ ලේකම් එච්.එම්. තිලක බණ්ඩාර මහතා සමඟ කලාකරුවෝ සමාරම්භක මොහොතට එක්ව සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා ප්‍රශස්ථ කටයුත්තකි.
හොඳ පූර්වාදර්ශයක්..., හරිම සතුටක්...
නියමයි !! නියමයි !! සංවිධායකවරුන්ට මුළු රටේම ප්‍රණාමය. මේන් මේ ආකාරයට තමයි ලංකාවේ සෑම කටයුත්තක්ම වියයුත්තේ. කාලකන්නි දේශපාලුවන්ගෙන් තොරව පවත්වන සෑම පොදු කටයුත්තක්ම අති ඉහළින්ම ඇගයීමට ලක්කළ යුතුය. කොමිස් මුදලට, නැතිනම් බොරු උජාරුවට දේශපාලුවන් ගෑවෙනවා මිසක් උන්ගෙන් මෙරටට කිසිම සුබසිද්ධියක් නම් වෙන්නේම නැත. තවතව අපේ මව්බිම අගාධය කරා ගෙනයාමක් පමණයි ඒ අයගෙන් සිදුවන්නේ.
එහෙනම් ඉතින් පැවැත්මක් තියෙනවා.
දේශපාලුවන්ගෙන් තොරව කරන මෙවැනි කළා උත්සව අගයකරනවා.... ඔබලාට ජය!!!
ලේකම් නියෝජනය කරන්නේ දේශපාලකයාව තමයි කියා නොදන්නා මෝඩයෝ මේක හොඳ දෙයක්ලු ...
මීට අවුරුදු 50 කට 60 කට ඉහත අපි පාසල් යන කාලයේ වැදගත් උත්සව වල ආරාධිතයන් උනේ ප්‍රදේශයේ දානපතිවරු, ප්‍රසිද්ධ සමාජ සේවකවරු, විදුහල්පතිවරු , දිසාපති නැතහොත් ප්‍රාදේශීය ආදායම් නිලධාරි ආදී ප්‍රභූවරයන් ය. පසුව මෙය දේශපාලන පරපුටුවන්ගේ අනීවාර්ය පුධාන කටයුත්ත බවට පත් වුනි. මෙම වැරැද්ද නිවැරදි කරගැනීමට ආදර්ශයක් ලබාදුන් උතුරු මැද පළාත් සභාවට තුති.
ඉතාම හොද තීරණයක්. හැලිවදුරන් 225 ට මොන කලා උළෙලවල්ද ? ඔවුන්ට තිබෙන්නේ හොරා කෑමේ උළෙලවල්නේ.