(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි)
තබ්බෝව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස වැඩිවිමත් සමඟ අද (20) සවස් වන විට වාන් දොරටු හතරම විවෘත කිරීමට කටයුතු කළ බව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් සිටි දිලිප හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටියේ දින කිපයක් පුරා නොකඩවා ඇදහැලුන වර්ෂාව හේතුවෙන් කඩිනමින් ජලාශයේ ජල මට්ටම ඉහළ ගිය බවත් මේ වන විට අඩි 17 අගල් 6 ඉක්මවමින් තිබීමෙන් අද (20) දහවල් 11.30 වන විට ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරමින් ජලාශයේ ජල මට්ටම පාලනයට කටයුතු කළ බවත්ය.
ඒ අනුව ජලාශයේ දොරවල් 20 න් දොරවල් 4 ක් විවෘත කිරීමත් සමඟ තප්පරයට ඝණ අඩි 1600 ක් නරි ඔය දිගේ මී ඔයට මුදා හැරීමට කටයුතු කර තිබේ.
සවස් වන විට ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා වාන් දොරටු 4 ම විවෘත කිරීමට සිදු වූ බවත් , පහළ මී ඔය නිම්නයේ පදිංචිකරුවන් අවදානමෙන් පසුවන ලෙසත් වාරිමාර්ග නිලධාරීහු ජනතාවට දැනුම් දෙති.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඡායාරූප - ජයරත්න වික්‍රමාරච්චි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරම අරී