‘දෙමළ සන්ධාන යෝජනා වලට කිසිම අපේක්ෂකයෙක්ට එකඟ වෙන්න බෑ’ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කර ඇති යෝජනා සඳහා රටේ ව්‍යවස්ථාවට ගරු කරන කිසිවෙකුටත් එකඟ විය නොහැකි බැවින් කිසිඳු ජනාධිපති අපේක්ෂකයකුට එය පිළිගත නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය. 18 October 2019
ජල සම්පාදන සාමාන්‍යාධිකාරීට දුන් සේවා දිගුව ගැන කොමිසමට පැමිණිල්ලක් ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට හදිසියේ වසරක සේවා දිගුවක් ලබාදී මැතිවරණ නීති - රීති උල්ලංඝණය කළ බව සඳහන් කරමින් එම මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබේ. 18 October 2019
‘ගෝඨාභය පෑන - කැමරාව දක්කාම පැන දුවන බය ගුල්ලෙක්’ වියතෙක්, බුද්ධිමතෙක්, වැඩකාරයෙක් බවට ප්රකටව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට බොරු කියමින් ජනතාව මුලා කරමින් පෑන, කැමරාව දැක්කම පැන දුවන බය ගුල්ලෙක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 18 October 2019
පුත්තලම-මන්නාරම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නවත්වයි කලාඔයේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය නැවත දැනුම් දෙනතුරු නවත්වා ඇතැයි පුත්තලම ආපදා කළමණාකරන ඒකකය කියයි. 18 October 2019
කලා වැවේ වාන් දොරටු අරී කන්ද උඩරට ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් එහි වාන් දොරටු දෙකක් විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර මහතා පැවසීය. 18 October 2019
මැතිවරණ නඩු විභාගයට විශේෂ අධිකරණයක් ඉල්ලයි මැතිවරණ ආශ්‍රීත නඩු විභාග කිරිම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම අවශ්‍ය බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය යෝජනා කරයි. 18 October 2019
මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත මුදා හැරීමට වවුනියාව මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය. 18 October 2019
කම්කරු කොංග්‍රසය හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීම සදහා වු අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (18) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරිණි. 18 October 2019
ජංගම ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය තායි කතුන් තිදෙනකු අත්අඩංගුවට අන්තර් ජාලයෙන් දැන්වීම් පලකර ඒ ඔස්සේ ඇනවුම් ලබාගනිමින් මෝටර් රථ උපයෝගි කරගෙන ජංගම ගණිකා නිවාස පවත්වාගෙන යන තායිලන්ත ජාතික කාන්තාවන් දෙදෙනකු ඇතුලූ තිදෙනකු අද (18) අලූයම වැල්ලවත්ත දුෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 October 2019
ළිදේ සිරවී සිටි තිදෙනාගෙන් අයෙක් මිය යයි කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිගොස් ඇති බව පොලීසිය කියයි. 18 October 2019
කෝටි 30 ක හෙරොයින් සමඟ තිදෙනකු දිවුලපිටියේදී අත්අඩංගුවට දිවුලපිටිය, උල්ඇළපල , මිල්කාසිවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී කිලෝ 30 කට අධික හෙරෙයින් ප්‍රමාණයක් සමඟ තිදෙනකු අද ( 18) දිවුලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. 18 October 2019
මංජු ශ්‍රී අරංගල සමුගනී බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප්‍රධාන සංවිධායක මංජු ශී‍්‍ර අරංගල මහතා (63) අද (18) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. 18 October 2019
වැඩිහිටි කාර්යාල අධ්යක්ෂ ඉවත් කිරීම මැතිවරණ කොමිසමෙන් නවත්වයි වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂ සමන් උඩවත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති නම් එය වහාම නතර කරන්නැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියට මැතිවරණ කොමිසම ඊයේ (17) නියෝග කර ඇත. 18 October 2019
‘බංකොලොත් දේශපාලනඥයින් රට පාලනයට ඉදිරිපත් වෙන්න එපා ‘ සිද්ධස්ථාන වලට අගෞරව කරන බංකොලොත් දේශපාඥයන්ට රට පාලනය කිරිමට ඉදිරිපත් නොවන ලෙස පැල්මඩුල්ල රජ මහවිහාරයේ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති සහ ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පැවසූහ. 18 October 2019
ළිදේ සිර වූ තිදෙනා ගොඩ ගනිති කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ අඩි 50 ක් පමණ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකු පැය දෙකක පමණ කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් යොදෙ ගොඩ ගෙන රෝහල් ගත කළ බව කන්දකැටිය පොලීසිය පවසයි. 18 October 2019
එජාපයේ ප්‍රබලයෙක් ගෝඨාභයගේ සහයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා අද (18) හෝ හෙට(19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. 18 October 2019
කොස්ලන්ද මහ කන්ද නාය යාමේ අවදානමක - පවුල් 23 ක් ඉවත් කරයි පවතින අධික වර්ෂාව සමඟ නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (17) රාත්‍රී කොස්ලන්ද මහකන්ද ග්‍රාම නිලධාරී වසමේ පවුල් 23 ක් ඉවත්කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 17 October 2019
වාහන මිලදී ගැනීම් - නව ව්‍යාපෘති ආරම්භ කිරීම් නතර කෙරේ රාජ්‍ය ආයතනවලට වාහන මිලදී ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමටත් මේ වසරේ ඉදිරි මාස දෙක තුළ අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීම නතර කිරීමට සහ අත්‍යාවශ්‍ය නොවන කාර්යාල උපකරණ ආදීය මිලදී ගැනීම ලබන වසර තෙක් කල්දැමීමටත් මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. 17 October 2019
ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අත්අඩංගුවට තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 17 October 2019
නිශ්ශංක සේනාධිපති රිමාන්ඩ් ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියදී සිංගප්පුරුවේ රෝහලක ප්‍රතිකාර ලබා ලංකාවට පැමිණීමේදී ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘‘ඇවන්ට් ගාඩ්‘‘සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන නොවැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) නියම කළේය. 17 October 2019
මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ හෙරොයින් කිලෝ 65 ක් අල්ලයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලින් හොරොයින් කිලෝ 67 යි ග්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් 4322 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි. 17 October 2019
‘බොරු පොරොන්දු මල්ලක් අරන් ගෝඨාභය රට වටේ යනවා’ ජනාධිපතිවරණය ජයගත නොහැකි බව දන්නා ගෝඨාභය රාජපක්ෂ මහතා බොරු පොරොන්දු සහ යෝජනා මල්ලක් ලබා දෙමින් රට වටේ යන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය. 17 October 2019
පාරිසරික යුක්ති කේන්ද්‍රයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරි මැතිවරණයේදී පෝස්ටර් , බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් සිදුවන දෘෂ්‍ය දූෂණයට (Visual Pollution) අදාළ රෙගුලාසි වලට අනුව ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (17) රිට් පෙත්සමක් ගොනු කෙරිණි. 17 October 2019
ජනපති අපේක්ෂක සජිත්ට මාධ්‍ය ප්‍රකාශකවරු තිදෙනෙක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ සහ සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර යන මහත්වරුන් පත් කර තිබේ. 17 October 2019
රට බෙදන ඉල්ලීම් 13 කට වරදරාජා පෙරුමාල්ගෙන් තල්ලුවක් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පහක් විසින් ස්වයං නිර්ණ අයිතිය ඇතුළු ඉල්ලීම් 13 කට බලකරමින් අත්සන් කළ ගිවිසුම පිළිගත හැකි එකම ජනාධිපති අපේක්ෂකයා එම්.කේ.සිවාජිලිංගම් යැයි උතුරු නැගෙනහිර ප්‍රථම ප්‍රධාන අමාත්‍ය දෙමළ සමාජ ප්රජාතන්ත්ර පක්ෂයේ නායක වරදරාජා පෙරුමාල් මහතා අද(17) සදහන් කළේය. 17 October 2019
වෙල්ගම ඉල්ලා මතුගම සත්‍යග්‍රහයක් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී මෙවර ජනාධිපතිවරණයට සහයෝගය දක්වන ලෙස ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාරකරුවෝ තිදෙනෙක් අද(17) මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 17 October 2019
පානදුර වැල්ලේ සැඟවූ කෝටියක හෙරොයින් සමග අයෙක් අත්අඩංගුවට පානදුර නල්ලුරුව මුහුදු වෙරළේ වැල්ලේ සඟවා තිබූ රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සමග නීතිවිරෝධී ව මත්පැන් ජාවාරම්කරන පුද්ගලයකු අද(17) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 17 October 2019
බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය ඇරැඹෙයි බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ දී අද (17) ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය හෙට (18) සිට ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී. 17 October 2019
නිශ්ශංක සේනාධිපති මහාධිකරණයට රැගෙන එයි අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අද (17) මහාධිකරණයට රැගෙන එනු ලැබීය. 17 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026