(අජන්ත කුමාර අගලකඩ)
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා අද (18) හෝ හෙට(19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට එක්වීමට නියමිත එම මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වය සමඟ පසුගිය කාලය පුරාම මත ගැටුමක සිටි අයෙකු බවද පැවසේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු එජාපයේ කිහිපදෙනෙකු සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම එජාප මන්ත්‍රීවරයා රාජපක්ෂ මහතාට සහය දීමට එක්වනු ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් කිහිපදෙනෙකු ද එක් වනු ඇති බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා කොයි පැත්තෙන් ආවත් ආයෙම පාර්ලිමේන්තුවට එනවා බොරු .
රංගේ සාදරයෙන් පිලිගන්නවා.
ලේකම් වෙනුවට ලේකම් කෙනෙක් බාගත්තු අවස්තාවෙ සමහරු ලන්සුවක් ගැන කතා කළා. ඒවගේම අර දින 52 වෙලාවේ ජනාධිපති තුමාම කිවා නේද බහුතරය හදා ගන්න නොකරපු දෙයක් නැහැ. සමහර අවස්ථාවල මිලියන 500 දක්වා මුදල් අත මාරු වුනා. නමුත් ඉල්ලපු ගණන වැඩි වුන නිසා තමයි අවශ්‍ය සංඛ්‍යාව බාගන්න නොහැකි උනේ කියලා. ඉතින් මෙදා පාර ලන්සුව කීයද දන්නේ නැහැ නේද ?
කවුද රනිල් මහත්තයද?
බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩි!
අර කතාවක් තියනවනේ, කුණු ගොඩටයි කුණු එකතුවෙන්නේ කියලා.
ඇයි චීන ඇමතිලාගෙනුත් සහාය ගන්න බැරිද ?...
එජාපයේ ප්‍රබලයෝ ගෝඨාභයගේ සහයට යන්නේ නැත. එම මන්ත්‍රීවරයා පමණක් නොව පක්ෂ නායකත්වය සමඟ පසුගිය කාලය පුරාම මත ගැටුමක පක්ෂයේ සැමදෙනාම සිටියේය. අපත් සිටියේය. එයට හේතුවනම් ඔහුගේ ඉවසීමේ ගුණය ඕනෑවටත් වඩා වැඩි නිසා බොහෝ දෙනෙකු පක්ෂය තුල සිටම පක්ෂය නැතිකිරීමට උත්සහ ගත්තේය. යන්න යන්න, ආයෙත් එන්න නම් එපා. නැවත ගන්නෙත් නැත. අලුත් අවරුද්දේ " සිංහල හින්දු අවුරුද්දෙන් පසු" මහා මැතිවරණයෙන් ආසන 145 කට වඩා ලබාගෙන එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ සම්ප්‍රදායික දේශපාලනයෙන් තොර අලුත් ගමනක් පටන් ගනු ඇත. සම්ප්‍රදායික දේශපාලනයට කැමති අවුල්, පවුල් දේශපාලනයට කැමති සියලුදෙනා ගෝඨාගේ සහයට ගියාට ප්‍රශ්නයක් නොමැත.
වැඩ පටන් අරන්
ඒ කියන්නේ පරණ හොරුම වෙනින් මුණු දාගෙන එන්න යනවා කියන එකද?
එක ඡන්දයක් තමයි එකතුවෙන්නේ බල තණ්හවට මිනිස්සු පස්සෙන් යනවද
රාජිතවත්ද? ආසයි බලන්න. ලගකදී දැක්කෙම නැහැ. හැංගිලා.
අනේ ඔය ප්‍රබලයෝ ඕනේ නැහැ . අපිට එජාප. ඡන්ද දායකයෝ විතරක් ආවා නම් ඇති.
සජිත් අපේක්ෂකකම ගන්න සිදුකල ක්‍රියා අනුව එහෙම දෙයක් මෙතෙක් නොවුන එකයි පුදුමය. 2015 දී පක්ෂයේ මහලේකම්වරයාත් මහින්ද මහතාගේ සහායට ගියානේ. අන්තිමට මොකද වුනේ. අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී කියල කියමනක් තියෙනවා.
අර ගොල්ලෝ මෙහාට ආවත් මේගොල්ලෝ එහාට ගියත් මොකද්ද ඇති වෙනස? හැමදාම වුනෙත් ඒකනේ.
මොවුන් ගියාට පස්සේ " දැන් එජාපය පිරිසිදුයි" වගේ ප්‍රකාශ බලාපොරොත්තු වන්න.
මට තුන්වරක් චක්‍රය මතක්වුනා
සරත් ෆොන්සේකා මහත්මය නම් වඩාත් හොදයි.
අපි මොනතරම් නොදියුණු ජාතියක්ද බව නැවත නැවත පෙන්වීම තමා මේ .
රට බේරගන්න ඕන. කවුරු ආවත් බාරගෙන මෙවෙලාවේ එජාප ගමන නවත්වන්න.
කව්රු ආවත් එකයි දිනන්නේ ගෝඨා!!!
ගාන කීයද මහත්තයෝ? ජනාධිපතිතුමා ඉස්සර කිව්ව ගණනට නම් වැඩි ඇති නේද?
මන්ත්‍රීවරුන් පස්සේ යන ඡන්දදයකයෝ ඉන්නේ උඩරට වතු ආශ්‍රිතව විතරක් බවයි මගේ නම් අදහස. ඔවුන් විශේෂිත අන්දමින් ඒකරාශී වී ඉන්න නිසා. එහෙම නොවී අනිත් මන්ත්‍රීවරු පස්සේ යනවනම් ඉතින් මොකක් හෝ විශේෂ සම්බන්ධයක් මේ ගොල්ලෝ හිතනවා ඇති ලංකාවේ ඉන්නේ ආදිවාසී ගෝත්‍රිකයෝ කියල.
අපිට දැනගන්න ඕනේ දුමින්ද සිල්වාව නිදහස් කරනවාද කියන එකයි.
මාගේ මේ ව්‍යායාමය හුදෙක්ම ගෝටගේ දෑත ශක්තිමත් කර රට ජාතිය ආගම බහුමික අඛණ්ඩතාවය ස්වෛරීභාවය ආදිය බේරා ගැනීම සඳහාම වේ. ඒ සඳහා ලැබෙන කෝටි පණහක තුටු පඬුර පවා මම අලුයම ලු කෙළ පිඩක් සේ සලකා පිළිකුලෙන් යුතුව කවරය පිටින්ම මගේ බිරිඳට බාරදෙනු විනා ඇහැක් ඇර නොබලමි.
මෙයා තමයි විජේදාස රාජපක්ශ .
වැසි කාලයටත් මැතිවරණ කාලයටත් විශාල සමානකමක් තිබෙනවා. මන්ද මේ වැහි කාලේ තමා අර සතුන් එහි මෙහි පැන පැන ඔවුන් ආශ්වාදයක් ලබන්නේ.. ඒ වාගේම දේශපාලකයන් මේ මැතිවරණ සමයේ එහි මෙහි පනිමින් ජනතාවට යම් ආශ්වාදයක් ලබා දෙති....
අපිට නම් කවුරු කොහාට ගියත් කමක් නැහැ. ඔය දෙගොල්ලම රට හදන්න එනව කියල හිතන්න නොහැකියි. සාදාරන විකල්පයක් ගැන සලක බැලිය යුතුයි.
රාජිත ව ගන්නේ නැත. අර්ජුන විය හැක.
රවී ද ?
ඔය ඇමතිවරයා ගූටාභයට සහය දෙන්නේ අපිටවත් රට ට වත් ආදරේ නිසා ද. නෑ. තමන් ගේ වාසියට.
සේනානායක කියල කෙනෙක් මතකද ?
අද එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු එක දෙයක් ඇත. එනමි පක්ෂයේ විවිධ කරැණු සමිබන්ධයෙන් කළකිරී සිටින ප්‍රබල සාමාජිකයන් හා පාක්ෂිකයන් හමු වී සාකචිඡා කොට පක්ෂයට හරවා ගැනීමයි. එසේ නොවුනහොත් අරබුද රැසකට මුහුණ දීමට සිදු වනු ඇත.......
ඔය අර පක්ෂයෙන් නෙරපුවා කිව් 4 දෙනාගෙන් එක්කෙනෙක් නේද?
විජයදාස රාජපක්ෂ කීවෙනි වතාවටද පැති මාරු කරන්නේ? මෙහෙමත් ලජ්ජා නැති මිනිස්සු.
ආසියාවේ හිට්ලර් ...
ප්‍රබලයෝ පිල් මාරු කරන්නේ නෑ, දුබලයෝ කරනවා. කැමරා නැති හින්දද හෙට වෙනකන් ඉන්නේ ?
ඩීල් දාස ගැනද ඔය කියන්නේ . දැනටමත් මිනිහ ඒ පැත්තෙනේ.
ආපහු පටන් ගත්තද පනින්න. මේ රටේ සිහි බුද්ධියක් තියන කිසිම කෙනෙකුට බෑ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් මනාපය දෙන්න... (පහුගිය අවරුදු 71 සහ ගිය අව්රුද්දේ දිය 52 නාඩගම මතක්කර ගන්න) ඔය දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවල බලන්න රටට වෙලා තියන දේ.. හැමෝම අධිෂ්ටාන කරනන්න්න තුන්වන බලවේගයකට මනාපය දෙන්න.. අපි දීල බලමු, හොඳ නැත්නම් අපහු වෙනස් කරමු..
විජේදාස රාජපක්ෂ
මේක ප්‍රධාන නිවුස් එකක්ද? හරියට ආවම අව කෙනාගේ නමත් එක්ක දාන්න, ඒක තම හරි ක්‍රමය. නැත්නම් පත්තරෙත් දේශපාලන කතා වෙනවා.
මන්ත්‍රී වරයෙක් කොහොමද ප්‍රබලයෙක් වෙන්නේ ? ඇමැති කෙනෙක්නම් කීවානම් කමක් නැහැ.
මෙයා එක්සත් ජාතික පක්ෂයේ සිට නැවත මහින්ද මහතා ලඟට නැවත ආපසු ආවේ පසුගිය වසරේ ඔක්තොම්බෙර් මාසයේ ,හරියටම අවුරුද්දකට පෙර මේ සමග පැමිණි තව 3දෙනෙක් ඉන්නවා තව මාද්‍ය සාකච්චා 3කට කැඳවන්න
රවී නේද ?
මොන ප්‍රබලයෙක්ද දෙපැත්ත කන ගෙම්බෙක්. යුඑන්පී එකෙන් පත්වෙලා ආපු දවසේ ඉඳල කලේ රාජපක්ෂලා එක්ක ඩීල් දාපු එක . ෆොන්සේකා එක සැරයක් පරිලිමෙන්තුවේදී ඔය යෝදයගේ රෙදි ගැලෙව්වා.
අපිට දැන් තේරෙනවා නඩු වලට වෙච්ච දේ සහ දඬුවම් කරන්න බැරි උනේ මොකද කියලා. " එජාපයේ ප්‍රභලයෙක් ගෝඨාට " කියල ප්‍රචාරය උන කතාව අහපු කවුදෝ මෙන්න මෙහෙම කියනවා ඇහුනා " අවධානය දිනා ගැනීම සඳහා කුඩා දරුවන් හැසිරෙන ආකාරයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු හැසිරවීම නුසුදුසු බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ ඒකකයේ බලවතුන්ට කවුරුන් හෝ කියා දෙන්නේ නම් එය වඩාත් හොඳවනු ඇත. මොකද ජනතාව බැරෑරුම් ජනාධිපතිවරණ සටනක් මිස විනෝද සමයක් බලාපොරොත්තු නොවන බැවිනි."
කව්ද ඉතින් රාජපක්ෂ කෙනෙක් මිසක් ????
ඇවන්ගාඩ් එකෙන් මඩිය තරකර ගත්තු එක්සත් ජාතික පක්ෂයේ හිටපු කෙනා දැන් තමයි නියම පිලට එකතු වෙන්නේ. හොරුන්ගේ නඩු සියල්ල යට ගහපු කකුල් දෙක දෙපැත්තේ තබාගෙන දිව දෙකෙන් කතාකල කෙනා?
ලෝකයේ හමුදා මූලස්ථානක් නැති එකම රට ලංකාව බවට පත් කරපු කෙනාට කඩේ යනව නේ
විජේදාස රාජපක්ෂ
කිසිම ප්‍රතිපත්තියක් නැති තමුන්ගෙ වාසියට, පැවැත්මට වැඩ කරන, රිලවුන් වගෙ එහෙට මෙහෙට පනින දුශිත බලලෝභි බඩගොස්තරවාදි දේසපාලුවෝ ගැන කවර කතාද .
ප්‍රබල කියන වචනයේ තේරුම දන්නවද? ලක්ෂයක් මොනවා වුණත් 50000 කවත් ඡන්ද පදනමක් තියෙනවා නම් ප්‍රබලයා කියා කිව හැකිය.
මහජන ඡන්දයෙන් පත්වී පක්ෂය මාරුවීම මහජන ද්‍රෝහී ක්‍රියාවකි. එ් නිසා පක්ෂ මාරුවීම නීතියෙන් තහනම් කළ යුතුය.
රංගේ.......ඔයා එනවද?
මෙයා ප්‍රබලයෙක් නොවෙයි. තමන්ගේ වාසියට එහාට මෙහාට පනින ගෙම්බෙක්.
ඔය නීති ආචාර්යලා, ආර්ථික ඔස්තාර්ලා, කී දෙනෙක් ඉන්නවද සත 5 ක් වැඩ නොකරන වලං පමණක් හෝදන්න දන්නා
ඕවට කියන්නේ මිලියන් කුට්ටි කියල. වෙන මොකුත් හරයක් නැති දෙයක්. ඕකල ගියත් ආවත් ඡන්දෙ දෙන එකාට කොහොමත් එකයි. පොඩ්ඩක් වැඩිපුර ගඳ ගස්සාවී ඕනනම්.
කව්ද මර්වින් සිල්වාද ?