IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කම්කරු කොංග්‍රසය හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමක

(රංජිත් රාජපක්ෂ)  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබාදීම සදහා වු අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (18) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සිදු කෙරිණි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් එම පෙරමුණේ සභාපති  ජී.එල් පිරිස් , ලංකා කම්කරු කොංග්‍රසය වෙනුවෙන් එහි නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමේ අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වූහ.

ඡායාරූප - ගයාන් අමරසේකර

ඡායාරූප - රංජිත් රාජපක්ෂ



අදහස් (9)

කම්කරු කොංග්‍රසය හා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමක

wisal Friday, 18 October 2019 07:52 AM

සජිත් මැතිදුනි, ටි එන් ඒ යෝජනා මේ රට විනාශ කරන ඒවයි. ඒවා ප්‍රතික්ෂේප කරන්න. අපි ඔබ තුමාව රැකගන්නම්. රනිල් ගේ ගැටවලට අහුවෙන්න එපා.

:       1       7

sirimal Friday, 18 October 2019 08:28 AM

මොකද්ද ඉතින් අලුත් අවභෝධතාවයක අවශ්‍ය තාවය ? එයා හැමදාම හිටියේ ඔය කණ්ඩායම එක්කමනේ. දේශප්‍රේමී කණ්ඩායම නම් මේවා ගැන කතා කරන එකක් නැහැ මගේ හිතේ.

:       4       27

ruwan Friday, 18 October 2019 09:51 AM

සජිත් මැතිදුනි හිස කෙලින් කර ගෙන ටි එන් ඒ යෝජනා ප්‍රතික්ෂේප කරන්න. නැත්නම් පාක්ෂිකයට පාරේ බැස යාමට නොහැකි වේවි

:       0       18

krishantha Friday, 18 October 2019 10:51 AM

ජාථිවාදී පදනමින් ලබන ඡන්දනම් ඕන නැහැ . නමුත් සුළු ජන කොටස් සමග සමිප ඇසුරක් අවශ්‍යයි . අන්තවාදී නොවන කොටස් සමග සම්බන්ද වීම වඩාත් වටිනවා . ඡන්දය දිනිය හැකිය යන අධිමානයෙන් සුළු ජන කොටස් ඉවත් කිරීම සුදුසු නැහැ .කවුරුත් මිනිසුන් හැටියට සැලකිය යුතුයි . නායකයා නිහතමානි විය යුතුයි .

:       0       5

රෝහිත සමරකෝන් Friday, 18 October 2019 11:14 AM

ගෝඨාබය මහත්තයෝ... කවුරු එක්ක සම්බන්ද වුනත් කමක් නෑ .. 16ය පහුවෙනකන් "සිරිසේන මහත්තයවනම්" විශ්වාස කරන්න එපා....

:       3       6

de Friday, 18 October 2019 11:22 AM

අනේ අන්තිමට එකම කට්ටිය නේද මේ ඉන්නේ, මොකටද අනේ ඡන්ද තියන්නේ. අනේ මෙහෙමත් රටක්. අහිංසක ජනතාවට සහ රටට දළදා සමිදු පිහිටයි

:       1       24

Kumara Friday, 18 October 2019 04:47 PM

අනේ පව්

:       0       2

Chanak los angeles Friday, 18 October 2019 09:28 PM

මොන ගිවිසුම් ගැසුවත් සුළු ඡන්ද ඔක්කොම වැටෙන්නේ සජිත්ටයි .. ඝෝටා වියත් සමුළු තියමින් යනකොට ජනතාව සිතා සිටියේ ඔහු මහා උගතෙක් කියලයි. අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරිව තටම තටම ඊට නොගැලපෙන උත්තර කියමින් ඒ උත්තරත් හිරවුණාම අයිය පැනලා උත්තර දෙනකොට තමයි ජනතාවට තේරුණේ... ගෝඨා කියන්නේ මැටි කළයක් කියලා... ඒක නිසානේ පොහොට්ටුවෝ මාධ්‍යවලට උත්තර දීම ගෝඨාට තහනම් කලේ.. සරත් ෆොන්සේකා කියලා තිබෙනවා ගෝඨාට හමුදාව ගැන වැටහීමකුත් නැහැ කියලා. එහෙම නම් දැන් හොයන්න වෙනවා ගෝඨා හමුදාවට ගියේ මොන සුදුසුකමකින්ද? ඒ වගේම කර්නල් කෙනෙක් වුනේ කොහොමද කියලත්? හැබැයි මොහු දුෂණ, භීෂණ, ඝාතන වලට වගේම රාජකාරියේ ඉන්න පොලිස් නිලධාරීන්ට තර්ජනය කර එතැනින් එලවා දැමීමට නම් සුදුසුකම් සපුරලා තිබෙනවා.

:       1       3

ravi Saturday, 19 October 2019 01:18 PM

මේක සිංහලයෝයි, ද්‍රවිඩයෝයි දෙගොල්ලොම රවට්ටන ගිවිසුමක් .. !

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site