ආරක්ෂක උපකරණ ටෙන්ඩරය ගැන කොමිසමෙන් විමර්ශනයක් බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයක් වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති විදේශීය කර්මාන්තකරුවකුට ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් කටයුතු කරන බවට ලද පැමිණිල්ලක් අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. 22 October 2019
යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම වැඩ අරඹයි ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු අද (22) නිල වශයෙන් ආරම්භ කළේය. 22 October 2019
අගලවත්ත ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට අගලවත්ත ද්විත්ව මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අද (22) සැකපිට තැන්නහේන ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය කියයි. 22 October 2019
නිශ්ශංක සේනාධිපතිව 14 දා උසාවියට ඉදිරිපත් කරන්නැයි නියෝග ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ලබන මස 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා බන්ධනාගාර අධිකාරීවරයාට අද (22) නියම කළේය. 22 October 2019
ඉදිකිරීම් කර්මාන්ත නියෝජිතවරු - හඳුන්නෙත්ති අතර හමුවක් ශී‍්‍ර ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතවරු පිරිසක් අද (22) ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවී ඉදිකිරීම් ක්ෂේත්රයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. 22 October 2019
ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු කිරුළු පළඳියි ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ලබා ඇත. 22 October 2019
වැව බේරගන්න වාන අසළින් වෑ කන්ද කපා දමයි අධික වර්ෂාව හේතුවෙන් පිරී ගිය නායන්කල්ඹ වෑ කන්දට ඉහළින් ජලය පිටාර ගැලීමත් සමඟ වැව් බේරා ගැනීමට වාන් ආසන්නයෙන් කපා දමා ජලය අඩු කිරීමට කටයුතු කළ බව ගොවීයෝ පවසති. 22 October 2019
ත්‍රිරෝද රිය මතට ගසක් කඩා වැටී ගැබිනි කත රෝහලේ ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එහි ගමන්ගත් ගැබිනි කාන්තාවක බරපතල තුවාල ලබා අද (22) මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 22 October 2019
කෝටියකට අධික මත්කුඩු සමග දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් එක්කෝටි දස ලක්ෂයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සහ කේරල ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙකු අද(22) කැලණියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 22 October 2019
සෞඛ්‍ය උපස්ථායක පුහුණු පාඨමාලාවට මැතිවරණ නිරීක්ෂණ නිලධාරීහු කඩාපනිති මධ්‍යම පළාතේ සෞඛ්‍ය උපස්ථායක පත්වීම ලද 80 දෙනෙකුට මැතිවරණ සමය තුළදි මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුහුණු පාඨාමාලවන් පවත්වනු ලැබු කඩුගන්නාව ප්‍රාදේශීය සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානය අද (22) මැතිවරණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන නිලධාරීහු සෝදිසි කළහ. 22 October 2019
රන් බිස්කට් - ස්වර්ණාභරණ ගුවන් තොටෙන් පිට කරන්න ගිය සේවකයා දැලේ රන් බිස්කට් හා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන්තොටුපලෙන් පිට කිරිමට ගෙන යමින් සිටි ගුවන්තොටුපළ සේවකයකු අද (22) අත්අඩංගුවට ගත් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය. 22 October 2019
පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල ආපදා අවදානමේ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්සර, ඇල්ල, හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආපදා අවදානම් පළමුවන අදියරට අදාළ කහ නිවේදන නිකුත් කළ බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 22 October 2019
ගංඟා තුනක ජල මටටම් ඉහළට දින කිහිපයක් තිස්සේ බලපා ඇති තද වැසි තත්ත්වය හේතුවෙන් ගංගා තුනක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 22 October 2019
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකළාට විරෝධතා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාස හයක් ගතවී ඇතත් එහි වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සියලුම මන්ත්‍රීවරු සභා රැස්වීම පැවති අවස්ථාවේදී ඉටිපන්දම් දල්වා අද(22) විරෝධය පළ කළහ. 22 October 2019
ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක රෝහල් ගත කරයි ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය. 22 October 2019
එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් - උපකරණ යකඩ පෙට්ටියක මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී හමු වූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පළ කර සිටියි. 22 October 2019
වැස්සට මතුවන භයානක දියඇලි මේ දිනවල ඇදහැලෙන වැසි සමඟ හපුතලේ- බෙරගල මාර්ගයට හිටිහැටියේ කඩා හැලෙන සැඩ දිය දහරාවන් දියඇලි සේ දිස්වේ. 22 October 2019
බිරියට පිහියෙන් අනින්න ගිය මන්ත්‍රී රිමාන්ඩ් බීමතින් උල් පිහියක් රැගෙන සිය බිරිඳට හිරිහැර කිරිමට පැමිණ සිටිය දී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නොවැම්බර් 1 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී. අබේසිංහ මහතා අද (22) නියෝග කළේය. 22 October 2019
ගෝඨාභයට එරෙහි පෙත්සම කැලිෆෝනියා අධිකරණයෙන් ඉවත දමයි හිටපු ආරක්ෂක ලේකම් , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැලිෆෝනියාවේ දිස්ත්‍රික් අධිකරණයක ගොනු කර තිබූ පෙත්සම එම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබේ. 22 October 2019
‘මීනගයා’ අවුකනදී පීලි පනී කොළඹ සිට මඩකලපුව බලා ගමන්ගත් ‘මීනගයා’ ශීඝ්‍රගාමී තැපැල් දුම්රිය අවුකන කලාඔය පාලම අසළදී මැදිරි 6ක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට ලක්වී ඇත. 22 October 2019
පාස්කු ප්‍රහාරයේ වාර්තාව අනිද්දා පාර්ලිමේන්තුවට පාස්කු ඉරිදා කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථානවලට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අනිද්දා (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ලංකාදීපයට පැවැසීය. 21 October 2019
ආනන්ද විද්‍යාලයේ ගොඩනැගිල්ල විවෘත කිරීම නවතයි කොළඹ ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම නැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ. 21 October 2019
‘‘හමුදා නීතියට පුරුදු වූ අයෙකුට ප්රජාතන්ත්රවාදී නීතියට පුරුදු වෙන්න කාලයක් යයි‘‘ හමුදාව නීතියට පුරුදු පුහුණු වූ අයෙකුට ප්රජාතන්ත්රවාදී නීතියට හුරුවීමට වසර 25 ක හෝ 30 ක කාලයක් ගතවිය හැකි යැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (21) පැවසීය. 21 October 2019
අධික වැස්සෙන් පුත්තලමේ පවුල් 1437 ක් පීඩාවට පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 1437 ක පුද්ගලයින් 5018 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 21 October 2019
‘‘පුවත්පත් කියවීමේදී - ප්රවෘත්ති බැලීමේදී සැලකිලිමත් වන්න‘‘ පුවත්පත් කියවීමේදී සහ ප්රවෘත්ති බැලීමේදී ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කතානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවැසීය. 21 October 2019
‘‘මානව නිදහස - මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා‘‘ සිය ධූර කාලය තුළදී ප්රජාතන්ත්රවාදය, මානව නිදහස සහ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී පැවැසීය. 21 October 2019
උත්සවසමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට ඉදිරි උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමට පියවර ගෙන ඇතැයි ජීවන වියදම් කමිටුව පවසයි. 21 October 2019
ජනපතිවරණ අපේක්ෂකයන් - මහින්ද දේශප්‍රිය අතර හමුවක් හෙට ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් අතර හමුවක් හෙට (22) පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කැඳවා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 21 October 2019
කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයත් වාන් දමයි පවතින අධික වර්ෂාවත් සමග ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය අද(21) වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි. 21 October 2019
හෙටත් පළාත් කිහිපයකට තද වැසි දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති තද වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට (22) දිනයේත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 October 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026