(බිඟුන් මේනක ගමගේ)
බිම් බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි සඳහා අවශ්‍ය උපකරණ හා මෙවලම් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයක් වැඩි මිල ගණන් ඉදිරිපත් කර ඇති විදේශීය කර්මාන්තකරුවකුට ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් කටයුතු කරන බවට ලද පැමිණිල්ලක් අනුව ජාතික ප්‍රසම්පාදන කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බෝම්බ ඉවත් කිරීමේදී පළඳින ආරක්ෂිත කබා, බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා හා ආරක්ෂිත හිස්වැසුම් තොගයක් සඳහා කැඳවා ඇති මෙම ටෙන්ඩරය මුළුමණින්ම පාරදෘශ්‍යභාවයෙන් තොර ගනුදෙනුවක් යැයි චෝදනා කරමින් මෙම පැමිණිල්ල කරනු ලැබ ඇත්තේ ඊට ඉදිරිපත් වූ දේශීය සමාගම වන ඩිනිමා හයිපර්ෆෝමන්ස් පෞද්ගලික සමාගම විසිනි.
ඊට අනුව බිම්බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ ආරක්ෂිත කබා (JACKET DEMINER ) (PPE& WITH APRON) 300ක් ද බෝම්බ ඉවත් කිරීමේදී පලඳින ආරක්ෂිත කබා (Jacket team leader (PPE) 100ක් හා ආරක්ෂිත හිස් වැසුම් (WISOR With Helmet) 100 ක් වශයෙන් මිලදී ගැනීමට පුවත්පත් දැන්වීමක් මගින් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු අමාත්‍යාංශය මෙම ටෙන්ඩරය කැඳවා තිබූ අතර සමාගම් තුනක් මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය සමාගමේ අයට එයාලගේ ආරක්ෂක ඇඳුම අන්දලා බෝමබයක් පුපුරවාගෙන පෙන්නන්න පුළුවන් කිව්වා නං හරිනේ. මෙතැනදී වැය කරන මුදල වාගේම ඇඳුමේ ගුණාත්මක භාවය බලනවා. දේශීය සමාගමක් කියලා බාල ඇඳුමක් අරං බෝම්බ නිෂ්ක්‍රීය කරන ජිවිත හෑල්ලුවට ලක්කරන්න බැහැනි.
දේශීය සමාගම් ,නිෂ්පාදන කරුවන්ව නැතිකරලා පාගල දාන එකම රට ලංකාව මොකද අඩු මුදලට ගතහොත් ඇමතිගේ ඉඳල අදාල නිලධාරීන් දක්වා කොමිස් ගාන දෙන්න බැහැනේ .
කොමිස් තමයි හේතුව