බැංකු-මූල්‍ය-රක්ෂණ පාර්ශව කරුවෝ අයවැය යෝජනා දෙති බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍ර සම්බන්ධ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 17 September 2025
රුවන්වැල්ලට රන් ආරංචියක් රුවන්වැල්ල ජල සැපයුම් ව්‍යාපෘතියේ II වැනි අදියර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 September 2025
කතකට වෙඩි තැබූ ’කොමනා’ අත්අඩංගුවට | වීඩියෝ බෙහෙත් කොටන තුවක්කුවකින් කාන්තාවකට වෙඩි තබා තුවාල කළ බව කියන සැකකරුවෙකු බෙහෙත් කොටන්න තුවක්කුවක් සහ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 17 September 2025
පාර්ලිමේන්තුවට නයෙක් ඇවිත් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රවාහන අංශයේ කාර්යාලය අසලටම නාගයකු ඉකුත් සතියේ දිනක පැමිණීමෙන් එහි කලබලකාරී තත්වයක් ඇතිවිය. 17 September 2025
අතරමග නැවතුණු ගුවන් පාලම් දෙකක වැඩට කොළ එළි කොහුවල ගුවන් පාලමේ ඉතිරි වැඩ නිම කිරීම සහ ගැටඹේ ගුවන් පාලම ඉදිකිරීමේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 17 September 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.. 17 September 2025
සතුනට බඩ ඉරිඟු ගෙනත් රජයට කෝටි 12ක් පාඩු කරලා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සතු බලපත්‍රය යටතේ සත්ව ආහාර නිෂ්පාදනයට පාකිස්ථානයෙන් බඩ ඉරිගු ආනයනය කර රජයට රුපියල් කෝටි දොළහකට අධික පාඩුවක් කළේ යැයි කියන සමාගම් විසින් එම මණ්ඩලයේ හිටපු නිලධාරීවරයකුට රුපියල් ලක්ෂ 50 තුටු පඩුරක් ලබාදීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුස විතාන මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයෙ පැවසීය. 17 September 2025
මහින්ද පෙර රජ දවස සිහිපත් කරයි මහා සංඝරත්නයේ ඇසුර නිරන්තරයෙන් ලැබීම තමාගේ භාග්‍යයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 17 September 2025
‘‘ඊශ්‍රායලය ජන සංහාරයක් කරලා‘‘ ඊශ්‍රායලය ගසා තීරයේදී පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව පසුගියදා ප්‍රකාශ කළේය. 16 September 2025
‘‘ලබන වසරේ සියයට 6 ආර්ථික වර්ධනයක්‘‘ ලබන වසරේදී ශ්‍රී ලංකාව සියයට 6 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට ඉලක්ක කර තිබෙන බව කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 16 September 2025
පානදුරේ නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැඳවන්න අවසර ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කෙරෙන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුරේ නිලංග ගේ මෙරට බැංකු ගිණුම් දෙකක වාර්තා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට අද (16)අවසර ලබා දුන්නේය. 16 September 2025
කරන්දෙනිය මැදි විදුහල් ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ ගාල්ල, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අද (16) පැවැත්විණි. 16 September 2025
සමථකරණයට බිලියනයක් වෙන් කරයි සමථකරණ ක්‍රියාවලිය සඳහා මෙම වසරේ රුපියල් බිලියනයකට වඩා වැඩි මුලක් වෙන් කර තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 16 September 2025
විමල් මහින්ද බලන්න යයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැහැ දැකීමට තංගල්ල කාල්ටන් නිවසට අද(16) ගියේය. 16 September 2025
පැන්ෂන් මන්ත්‍රීලා තානාපතින් 10 ක් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව ඇමරිකාව සහ එංගලන්තය ඇතුළු ප්‍රධාන රටවල් දහයක තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඉදිරි දිනවල හමුවීමට තීරණය කර ඇතැයි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී එකමුතුවේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය. 16 September 2025
කාන්තා හිංසන: මැතිසබේ අයිටී ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරිනියන්ට සිදු වී ඇතැයි පැවසෙන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ බුද්ධික නවගමුව මහතා ඇතුළු ප්‍රධානීන්ගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 16 September 2025
ඔලුවිල් වරායට පණ දෙන්න යයි ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් නව සක්‍යතා අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසීය 16 September 2025
සෙවනගල වගාකරුවන්ට වන්දියක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක් වගාවන් ගිනි තැබීම හේතුවෙන් වගා හානි සිදු වූ උක් ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ඉදිරි දශකයේ ශ්‍රම බළකායට ලක්ෂ 10ක පිරිසක් ඉදිරි දශකය තුළදී ලක්ෂ 10 ක පිරිසක් මෙරට ශ්‍රම බළකායට අවතීර්ණවීමට නියමිතව තිබුණත් ඉදිරි දශකයේදී මෙරට රැකියා උත්පාදනය වන්නේ ලක්ෂ තුනක් පමණක් බව පුරෝකතනය කර ඇතැයි ලෝක බැංකු සමූහයේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති ජොහැන්නස් සට් මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 16 September 2025
ඔට්ටු - සූදු බදු පනත් සංශෝධනයට ඔට්ටු ඇල්ලීම හා සුදු බදු පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
2026 අයවැයට වෙරිටේ ආයතනයෙන් අලුත් වැඩක් මෙරට 2026 අයවැය ක්‍රියාවලියට ජනතාව සම්බන්ධ කර ගැනීම සඳහා ’’budget proposals hub’’ නමින් වේදිකාවක් හඳුන්වාදී තිබෙන බව වෙරිටේ රිසර්ච් ආයතනය අද (16) ප්‍රකාශ කළේය. 16 September 2025
යාපනේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට සැප ගොඩනැගිල්ලක් යාපනය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සඳහා නවීන පහසුකම් වලින් සමන්විත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
කහටගහ මිනිරන් පතල රාජ්‍ය - පෞද්ගලික ආයෝජනයකට කහටගහ පතලේ මිනිරන් සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ලෝටස් වටරවුමේ තදබදේ නැති කරන හැටි හොයයි ලෝටස් හරස් පිවිසුම සහ අවට ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ලංකාවට කිරි උතුරවන්න ජපානෙන් උදව්වක් කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජයේ ආධාර ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
ඉන්දියාවේ නිදහස් දින සැමරුමක් ලංකාවේත් සියවස් ගණනාවක් පුරා පෝෂණය වී ඇති ඉන්දු -ශ්‍රී ලංකා සබඳතාවය අසල්වැසියන් ලෙස මෙන්ම පවුලක් ලෙස බැඳී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 16 September 2025
නාමල් සන්තෝෂ් හමුවක් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත 16 September 2025
සංචාරක සංවර්ධනයට ඩොලර් මිලියන සීයක ණයක් තිරසර සංචාරක සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ණය මුදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
බේත් වර්ග 123ක් ගන්න ප්‍රසම්පාදනය දෙයි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය නිෂ්පාදකයින් වෙතින් අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයීම් ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
මඩකලපුවට අලුත් දිසාපති කෙනෙක් මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්- දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 16 September 2025
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026