පැය 24 කදී මහනුවරින් ආසාදිතයින් 243 ක් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (02) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 243 ක් වාර්තාවිමත් සමග 17,182 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 03 August 2021
භාවිතා කළ වචනය ගැන පසුතැවීමක් නෑ දෙවිවරුන් ලෙස සලකා ගරු කරන ගුරුවරුන් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදාගන්නා කිහිපදෙනෙක් වෙනුවෙන් භාවිතා කළ වචනය ගැන තමා තුළ පසුතැවීමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 03 August 2021
ඊ ටී අයි අධ්‍යක්ෂක මණඩලයේ සිව් දෙනාට ඇප තැන්පතුකරුවන්ගෙන් ලබාගත් රුපියල් බිලියන 4 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින ඊටීඅයි සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද(03) නියම කළේය. 03 August 2021
වටරැක අනතුරින් තුනක් මරුට මීගොඩ වැටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක් වයසැති දරුවකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 03 August 2021
අල්ලස් ගත් මරණ පරීක්ෂක අත්අඩංගුවට කොවීඩ් 19 ආසාදනය වී මියගිය පුද්ගලයෙකුගේ මරණ සහතිකයක් ලබාදීම සඳහා රුපියල් 3000 ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මතුගම හදිසි මරණ පරීක්ෂකවරයාව අද (03) දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 03 August 2021
හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට අනුරාධපුර විහාර හල්මිල්ලකුලමේ අයෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවකු සමග එක්වී පවත්වාගෙන ගිය බව කියන මහා පරිමාණ හෙරොයින් ජාවාරමක නිරත වු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය අද (03) සමත් වී තිබේ. 03 August 2021
කොතලාවල පනතට සංශෝධන ගේන්න ජනපති සූදානම් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි කළ යුතු සංශෝධන ඇත්නම් ඒ සියලු සංශෝධන ගෙනඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (3) පැවසීය. 03 August 2021
’’ආණ්ඩුවේ එන්නත් වැඩපිළිවෙළ පංකාදුයි’’ රජය එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කරගෙන යෑම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චාණක්‍ය රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවැසීය. 03 August 2021
අන්තරේ සිසුහු මාර්ග බාධකය විසි කරති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයේදි සිසුහු මාර්ග බාධක ඉවත් කරමින් පාර්ලිමේන්තුව දෙසට ඇතුල්වීමට උත්සාහ කිරිම නිසා දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය. 03 August 2021
ජනපති කොමිසම රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනකට දුන් නිර්දේශයට අතරු නියෝගයක් දේශපාලන පළිගැනීම පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශ මඟින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර සම්බන්ධයෙන් කර ඇති සදහන් හා නිර්දේශ අනුව ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද ( 03) අතුරු නියෝගයක් නිකුත් කළේය. 03 August 2021
දකුණු පළාතෙන් පැය 24ට ආසාදිතයන් 609 දකුණු පළාතෙන්, අද උදෑසන 09න් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 609ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 August 2021
කසළ තේ තොගයක් පොලිස් බාරයට ගම්පොල සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් සහිත ලොරියක් යක්කල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. 03 August 2021
ජනපති හමුදාව කැඳවයි දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවන්හි සියලුම සාමාජිකයන් කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 03 August 2021
ඊ.පී.එෆ් අරමුදලින් බදු අය කර ගන්නේ නෑ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ මුදල්වලින් බදු අය කර ගැනීමට කිසිදු තීරණයක් රජය ගෙන නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 03 August 2021
අන්තරේ පා ගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කරයි කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධාතා පාගමන රාජගිරිය ආයුර්වේදය ඉදිරිපිටිය් ආරම්භ වී මේ වන විට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි. 03 August 2021
කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොරෝනා කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එහි රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් හය දෙනකු නිරෝධායනය සදහා යොමු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 03 August 2021
නිල්ගල රක්ෂිතයේ ගින්නක් බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය ප්‍රදේශයේ වනය අද ( 03 ) දවල් පැය තුනක් තිස්සේ ගිනිගැනිම නිසා වනයේ අක්කර සියයක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබේ. 03 August 2021
ඇප දෙන්න විරුද්ධ නොවෙන්න අල්ලස් ගත් පී.සී දැලේ බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකුට අධිකරණයේ දී ඇප සම්බන්ධයෙන් විරුද්ධ නොවී සිටීමට අල්ලස් වශයෙන් රුපියල් විසිපන්දාහක මුදලක් ඉල්ලා ලබාගත් බව කියන සාලියවැව පොලිසියේ අධිකරණ අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ වැසිකිළියක් තුළදී අද (03) අත්අඩංගුවට ගනු ලැබ තිබේ . 03 August 2021
පාසල් අරින්නේ ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රාව දුන් පසුයි සියලුම ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් වහාම පාසල් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. 03 August 2021
මඩුගස්තලාවේ 43 කට කොවිඩ් කොස්ලන්ද ගම්පහ වසමේ මඩුගස් තලාවේ පුද්ගලයින් 78 දෙනෙකු සම්බන්ධයෙන් කළ පී.සී ආර් පරීක්ෂණ වලින් හතළිස් තුන් දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයින් ලෙස හඳුනාගත් බව කොස්ලන්ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් පිරිස් මහතා පැවසීය. 03 August 2021
අධ්‍යාපනය සඳහා වෙන්වූ ගුවන් විදුලි නාලිකාවක් අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 03 August 2021
‘‘මේ ආණ්ඩුව නඩුවලින් නිදහස් වීම හැර දෙයක් කළේ නෑ‘‘ ජාතිවාදය වපුරමින්, පාස්කු ප්‍රහාරය, බැදුම්කර මගඩිය තුළින් බලයට පත් වූ ආණ්ඩුව තම තමන්ගේ නඩු වලින් නිදොස් කොට නිදහස් වීම හැර රටට සිදු කර ඇති දෙයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය. 03 August 2021
රටින් රෙදි ගෙන්වීමට පසුගිය කාලයේ කෝටි එක්ලක්ෂ හැටතුන් දහසක් වැය කරලා ශ්‍රී ලංකාවට රෙදිපිළි සහ ඇදුම් ආනයනය කිරීම සඳහා 2015සිට 2019වර්ෂය දක්වා රුපියල් කෝටි එක් ලක්ෂ හැටතුන් දහසක් වැය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවැසීය. 03 August 2021
වන සත්ව පහරදීම්වලදී ගෙවන වන්දි මුදල් ඉහළට වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන්ගේ පහරදීම් හේතුවෙන් සිදුවන ජීවිත හානිවලදී සහ පූර්ණ ආබාධිතවීමක දී මෙතෙක් ගෙවූ රුපියල් ලක්ෂ 5ක වන්දි මුදල රුපියල් ලක්ෂ 10 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 03 August 2021
සමූපාකාර රෝහලේ වෛද්‍යවරයා ඉවත් කළාට වන්දි ගෙවන්න වෙයි අනුරාධපුර සමූපකාර රෝහලේ ස්ථාන බාර වෛද්‍ය නිලධාරිවරයා එම තනතුරින් ඉවත් කිරීම නීති විරෝධි බව තීරණය කළ කම්කරු විනිශ්චයාධිකරණ සභාපති සහ අතිරේක මහේස්ත්‍රාත් මොනිකා ගුණවර්ධන මහත්මිය පැමිණිලිකරුට 2,90,000 වන්දියක් ගෙවනැයි අනුරාධපුර සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ කළමනාකාරිත්වයට නියෝග කළාය. 03 August 2021
ගිනි අවිය පත්තු වී සෙබළා රෝහලේ පුනෑව නාවික හමුදා කඳවුරේ මුර රාජකාරි කටයුතුවල නිරතව සිටි සෙබළෙක් සිය රාජකාරි ගිනිඅවිය පත්තුවී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි. 03 August 2021
මාතලෙන් ආසාදිතයන් 319ක් වාර්තා වෙයි මාතලේ දිස්ත්‍රික්කයෙන් කෝවිඩ් ආසාදිතයන් 319 ඉකුත් පැය වාර්තා වන බව බව මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 03 August 2021
රටවිරුවන්ට වාහන ගෙන්වීමට සහන විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට(රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. 03 August 2021
රට රටවල කොරෝනා අගෝස්තු 1 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 03 August 2021
ඉන්දියානු සාගරයේ භූ කම්පනයෙන් ලංකාවට අවදානමක් නෑ ඉන්දියානු සාගරයේ අන්දමන් දූපත් ආශ්රිත ප්‍රදේශයේ අද (03) උදෑසන සිදුවූ භු කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 August 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026