(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ මුදල්වලින් බදු අය කර ගැනීමට කිසිදු තීරණයක් රජය ගෙන නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.
මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කෙසේ නමුත් පසුගිය යහපාලන රජය අර්ථ සාධක අරමුදලින් බදු මුදල් අයකිරීමට විවිධ සාකච්ඡා පැවැත්වූයේ යැයි තමා දන්නා බවත් වාසනාවකට එවැන්නක් නොවුණු එක ගැන තමා සතුටු වන බවත් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
වත්මන් රජය එවැනි කටයුත්තකට කිසිසේත්ම උත්සාහ නොදරන බවද හෙතෙම පැවසුවේය.
බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහිදී විමසීය.
ඊට පිළිතුරු දුන් අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ ඊ .පී.එෆ් අරමුදලේ මුදල් ආයෝජනය කරන ප්‍රතිපත්තිය එම අරමුදලේ වෙබ් අඩවියේ පැහැදිලිව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරිපත් කර ඇති බවයි.
මෙය ජනතා හිතවාදී රජයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්නේ නැහැ කියන දේවල්මයි... මේ අය පස්සේ කරන්නේ...
කියන්නේ එකක් කරන්නේ වෙන දෙයක්... අපි නොදන්නවා නෙවෙයි තමුන්ලාගේ කෙරුවාවල් ගැන....
බදු අය කරන්නේ නැහැ ,ඒක කෙලින්ම ග්‍රීක බැඳුම්කරේ වගේ නැත්තටම නැති වෙලා යන එකක ආයෝජනය කරලා හොඳ කොමිස් කුට්ටියක් ගහනවා