(ඩයනා උදයංගනී)
වන අලි ඇතුළු ආරක්‍ෂිත වන සතුන්ගේ පහරදීම් හේතුවෙන් සිදුවන ජීවිත හානිවලදී සහ පූර්ණ ආබාධිතවීමක දී මෙතෙක් ගෙවූ රුපියල් ලක්‍ෂ 5ක වන්දි මුදල රුපියල් ලක්‍ෂ 10 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
එමෙන්ම අර්ධ ආබාධිත හා ශාරීරික තුවාල සඳහා මෙතෙක් ගෙවූ රුපියල් 75,000ක වන්දි මුදල රුපියල් 1,50,000 ක් දක්වාත්, වන අලි පහරදීම් හේතුවෙන් සිදුවන නිවාස හා දේපළ හානි වෙනුවෙන් මෙතෙක් ගෙවූ රුපියල් ලක්‍ෂක වන්දි මුලද රුපියල් ලක්‍ෂ දෙකක් දක්වාත් ඉහළ නැංවීමට ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව වන අලි, දිවියන්, වලසුන්, කුළු හරකුන් සහ කිඹුලන්ගේ පහරදීමකින් මිය යන හා ආබාධිත තත්වයට පත්වන අයට ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් තොරව මෙම වන්දි මුදල් ලබාදීමට නියමිතය. වනජීවී සහ වන සංරක්‍ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය සිදුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියෙකුට කියලා ගස්සගන්න හෝ ගොනෙකුට කියලා ඇනගන්න හොඳ කාලයක් උදාවී ඇත.
කවද්ද මේක සම්මත වුනේ?