IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කසළ තේ තොගයක් පොලිස් බාරයට

(තිලකරත්න දිසානායක)

ගම්පොල සිට වැල්ලම්පිටිය ප්‍රදේශයට රැගෙන යමින් තිබූ කසළ තේ තොගයක් සහිත ලොරියක් යක්කල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස රැගෙන යමින් තිබූ තේ තොගය කිලෝ 4950 ක් සහිත ඇසුරුම් 153 කින් සමන්විත වන බවත් මෙහිදී ගම්පොල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන 32 හැවිරිදි සහ 45 හැවිරිදි ලොරි රථයෙහි රියදුරා හා සහායකද අත් අඩංගුවට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.

මොවුන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ප්‍රකාශ කොට ඇත්තේ ගම්පොල ප්‍රදේශයේ පුද්ගලයකු තේ තොගය වැල්ලම්පිටිය ස්ථානයකට බාර දීම පිනිස ලබාදුන් බවද පොලීසිය සදහන් කරයි.

මෙම තේ කුඩු සහිත ඇසුරුම් තුල රටකජු , රබර් පටි කැබලි වැනි අප ද්‍රව්‍ය පවා තිබූ ආකාරයක් දක්නට ලැබිණි.

 



අදහස් (0)

කසළ තේ තොගයක් පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 581 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site