(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට රෙදිපිළි සහ ඇදුම් ආනයනය කිරීම සඳහා 2015සිට 2019වර්ෂය දක්වා රුපියල් කෝටි එක් ලක්ෂ හැටතුන් දහසක් වැය කර ඇතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (03) පැවැසීය.
මුදල් රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
නිමි ඇඳුම් කර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය මැදිහත්කරුවෙකු සහ පහසුකම් සලසන්නෙකු ලෙස උපරිම සහය ලබාදෙන බවද මීට අදාළව රේගුවේ කාර්‍යභාරය තවදුරටත් ශක්තිමත් කරන බවද හෙතෙම කීවේය.
රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා රජය මේ දිනවල සිදු කරන්නේ අත්‍යවශ්‍යම ආනයන පමණක් බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.
රෙදි පිළි සහ ඇඳුම් ආනයනය වෙනුවෙන් පසුගිය රජ සමයේ දී අති විශාල මුදල් කන්දරාවක් වැය කර ඇතැයි මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ඒකේ වැරැද්ද?
එයාලගේ එකෙක්ම අහනවා ,එයාලම උත්තර දෙනවා .ඒ කියන්නේ ඊළඟට ඇඳුනුත් නැතුව යන්න වෙන්නේ .සර් පාස්
හරි.රෙදි අදින්නෙ නැතුව ඉන්න ලෑස්ති වෙන්න .එකත් අත්‍යවශ්‍ය නැහැනේ .
ඊට කළින් අවුරුදුවල රෙදි ගෙන්නුවේ නැති ගාණට මෙයාගේ කතාව... මේ ගං කබරයාවත් හම ගහන්න වටින කෙනෙක්...
ඒවා තමයි මේ කබ්රාල් ලස්සනට ඇඳන් ඉන්නේ... හරියට අමුඩෙ ගහන් ඉන්නවා වගේ කතාව...!!!
රටින් රෙදි ගෙන්නුවේ අහවල් දේකටද කියලා දන්නේ නැති මනුස්සයෙක්... පිටරටින් අශ්ව පැටව්, බලු පැටව් ගෙනාපුවා මතක නැතුවා වගේ. තමුන්ලා ඒ කාලේ කරපුවා අපි නොදන්නවා නෙවෙයි...
මෙයාගේ ලොජික් .අනේ යනවා යන්න වැඩ බැරි ටාසන්
ඇඳගෙන ඉන්නෙත් පිටරටින් ගෙනාපු රෙදිවලින් මහපු ටයි කෝට්... ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ලොකුයි.
2015 ත් 2019 ත් අතර කාලේ විතරද මෙරටට රෙදි ගෙන්නුවේ? ඉන් පෙරත්, පසුත් කාලවල ඇඳුම් ඇන්දේ මෙරට වියපු අත්සලුද? මේ කියන්නේ ඇඳුම් නැතුව සිටින්නට සිදුවන කාලයක් ළඟ ළඟම එනවා පුරුදු වෙයල්ලා කියලාද? නොතේරුම්කමට විතරක් නොවෙයි 1970ත් 1977ත් අතර කාලේ රෙදි කෑල්ලක් ගන්න විඳපු දුක දන්නා නිසා මෙහෙම කිව්වේ ඇමැතිතුමා...
ඇගලුම් කම්හල් වලට අවශ්‍ය රෙදි නැතුවද මෙච්චර ගෙන්වීම් කරල තියෙන්නෙ. ඇගලුම් කම්හල් වල මහපුවා නම් අපනයනය කරන්න ඇති තමා. සම්පූර්ණ ඇදුම් ඇඳගෙන මොනවද කියන්නෙ අනේ. මෙහෙමත් අයත් ඉන්නවානේ
මේ රටේ තිබුණු රෙදි කර්මාන්තය කාලා විනාශ කලේ ජෙප්පන්... ආයෝජකයින් කර්මාන්ත අකුලාගෙන බංගලිදේශයට, ඉන්දියාවට ගියා. ජෙප්පන් ලංකාවේ ඉන්නකම් ආයෝජකයින් මෙරටට එන්නේ නැහැ. ජේවීපීය සමූල ඝාතනය කරන්න ඕනේ...
මේ ප්‍රතිචාර දාපු අයගෙන්ම පේනවා. ජෙප්පන් කියලා මවුබිම විනාශ කරන කම් බලාඉඳලා සතුටු වෙනවා. බමුණු ආරච්චි ඔබ හරි..