(උපාලි ආනන්ද)
අනුරාධපුර සමූපකාර රෝහලේ ස්ථාන බාර වෛද්‍ය නිලධාරිවරයා එම තනතුරින් ඉවත් කිරීම නීති විරෝධි බව තීරණය කළ කම්කරු විනිශ්චයාධිකරණ සභාපති සහ අතිරේක මහේස්ත්රාත් මොනිකා ගුණවර්ධන මහත්මිය පැමිණිලිකරුට 2,90,000 වන්දියක් ගෙවනැයි අනුරාධපුර සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ කළමනාකාරිත්වයට නියෝග කළාය.
සීමා සහිත අනුරාධපුර විවිධ සේවා සමූපකාර සමිතියේ කළමනාකාරිත්වය අයුක්ති සහගත සහ අසාධාරණ අයුරින් තමා ඉවත් කිරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු මහතා අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කළ අනුරාධපුර කම්කරු විනිශ්චයාධිකරණයේ සභාපති සහ අතිරේක මහේස්ත්රාත් මොනිකා ගුනවර්ධන මහත්මිය අනුරාධපුර සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිතියේ කළමනාකාරිත්වයට ඉහත නියෝග කළාය
අදාල වන්දි මුදල පැමිණිලිකාර වෛද්‍ය අතපත්තු මහතාට ලබා ගැනීමට හැකි වන පරිදි මසක් ඇතුළත අනුරාධපුර සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයේ තැන්පත් කළ යුතු බව ද වගඋත්තරකාර අනුරාධපුර විවිධ සේවා සමූපකාර සමිතියට තවදුරටත් නියෝග කළාය.
අනුරාධපුර සමූපකාර රෝහලේ ස්ථාන බාර වෛද්‍ය නිලධාරි අනුරාධපුර ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ් අතපත්තු මහතා නීතිඥ යුරේකා පෙරේරා මහත්මිය මාර්ගයෙන් අනුරාධපර කම්කරු විනිශ්චයාධිකරණයට ඉදිරිපත් කල පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව එහි තීන්දුව ලබා දෙමින් විනිසුරු මොනිකා ගුනවර්ධන මහත්මිය එම නියෝගය ලබා දුන්නාය.
2025 නොවැම්බර් මස 04
581
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමූපාකාර රෝහලේ වෛද්‍යවරයා ඉවත් කළාට වන්දි ගෙවන්න වෙයි