ප්‍රංශයෙන් ඉකුත් 24 පැයේ ඔමික්‍රෝන් ආසාදිතයන් ලක්ෂ පහට ආසන්න වෙයි ප්‍රංශයෙන් ඉකුත් පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 464,769 වාර්තා වී ඇතැයි එරට නිල වාර්තා උපුටා දක්වමින් ප්‍රංශ වාර්තා පවසයි . 19 January 2022
සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී නාසා හි පුරවැසි විද්‍යාඥයකු වූ ටොම් ජේකොබ් මහතා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව හඳුනාගෙන ඇත. 19 January 2022
ඇතැම් අවස්ථාවල මීට වඩා හොඳින් කටයුතු කරන්න තිබුණා ඇතැම් අවස්ථාවලදී මීට වඩා හොඳින් කටයුතු කළ හැකිව තිබුණේ යැයි පිළිගැනීමේ වරදක් නොවන බව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 19 January 2022
දෙහිවල සත්වෝද්‍යාන සේවකයෝ තව දුරටත් සත්‍යග්‍රහයේ සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය සහ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරු ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් එම සත්වෝද්‍යානයේ සේවකයන් අද (19) දෙවැනි දිනටත් සත්‍යග්‍රහයේ නිරතව සිටියහ. 19 January 2022
සියමි සිටි සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණයට ගිවිසුමක සියමි සිටි සිමෙන්ති සමූහය (SCCC) සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය අතර පැවති සහයෝගීතාව තවත් වසර තුනක් සඳහා දීර්ඝ කරමින් නව අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරුණු අතර, එමගින් සියමි සිටි සිමෙන්ති සමූහයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ස්ථානවල ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම මූලික කරගත්, 2030 වසරේ INSEE තිරසාර ඉලක්ක සපුරාගැනීම සඳහා සහයෝගය ලබා දීම අපේක්ෂා කෙරේ. 19 January 2022
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් අත්වැලක් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට සවිමත් අත්වැලක් වෙමින්, වගකීම් සහගත මූල්‍ය සේවා සම්පාදකයකු ලෙස එම ක්ෂේත්රයේ දීර්ඝ කාලීන වර්ධනයට උරදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සූදානමින් සිටී. 19 January 2022
ශ්‍රී ලංකන් දෙසැම්බරයේ ලාබ උපයයි ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 දෙසැම්බර් මාසය සඳහා ඩොලර් මිලියන 9.25 ක සමාගම් ලාබයක් සහ ඩොලර් මිලියන 10.66 ක සමූහ ලාබයක් වාර්තා කර ඇතැයි නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි. 2020 මුල් භාගයේ කොරෝනා වසංගතය ආරම්භයේ සිට ගුවන් සමාගමට ලාබ හිමි වූ පළමු මාසය ගෙවුණු දෙසැම්බර් මාසය බවද එම නිවේදනයේ සඳහන්ය. 19 January 2022
කොරෝනා ආසාදිතයන්ගේ වැඩි වීමක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 829 දෙනකු අද (19) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 19 January 2022
අටවැනි වසරටත් ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ සෙලින්කෝ ලයිෆ් අභියෝගාත්මක නමුත් ඵලදායී වසරක් වූ 2021 සාර්ථකව අවසන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ලැබූ ප්රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඩ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව අටවැනි වරටත් එම සමාගම සම්මානයට පාත්‍ර කරනු ලැබ ඇත. 19 January 2022
ජනාධිපති සැසිය අවසන් කළේ සාමාන්‍යයෙන් අයවැයකින් පසු අනුගමනය කෙරෙන සම්ප්‍රදායට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කළේ සාමාන්‍යයෙන් අයවැයකින් පසු අනුගමනය කෙරෙන සම්ප්රදාය අනුව යමින් බවත් ජනාධිපතිවරයාගේ කතාවට විපක්ෂය අද දවසේ වැරදි අර්ථකථන දීම අනුමත නොකරන බවත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2022
කැලණිතිස්ස බිඳවැටීමෙන් ප්‍රදේශ රැසක් අඳුරේ කැලණිතිස්ස බලාගාරය විදුලිය ජනනය අද (19) පස්වරුවේ සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කොටස් හතරක් යටතේ විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 19 January 2022
කොරෝනා මරණ 12ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 January 2022
පොහොර ගැටළුවට විසඳුම් ඉල්ලා අදත් ගොවියෝ පාරට අහිමි කළ පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත්, වගාවන්ට සුදුසු පොහොර ලබා දී රජය මගින් ලබාදුන් කාබනික පොහොර භාවිතා කිරිම නිසා හානි වූ සියලු වගාවන්ට වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් ඊයෙ(19) දහවල් හොරොව්පොතාන නගරයෙදී පැවැත්විණි. 19 January 2022
අයි.සී.සී විස්සයි 20 කණ්ඩායමට වනිඳු නමත් අන්තර් ජාතික ක්‍රිකට් සභාව අද (19) නිවේදනය කළ පසුගිය වසරේ (2021) ලෝක විස්සයි20 ක්‍රිකට් පිලට ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසංරංග ඇතුළත්ව සිටියි. 19 January 2022
ලිත් නඩුවේ විත්තිකරුවන් නිදහස් කරනවාද තිරණය ලබන 1 දා 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කල බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නේද? ඔවුන් වෙනුවෙන් සාක්කි කැඳවන්නේදැයි නියෝගය ලබන මස පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද දැනුම් 19 January 2022
අදත් පැයක් විදුලිය කපයි අද රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පැයක පමණ කාලයක් විදුලිය කැපීමට සිදුවනු ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි. 19 January 2022
විදුලිය කපන්නේ කාලසටහනකට විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය. 19 January 2022
පාර්ලිමේන්තුවේ ගෞරවය රැකීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමයි අපහාස කතා බොරු චෝදනා නොගැලපෙන වදන් නිසා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට පසුගිය කාලයේදී විවිධ හානි සිදුවූ බවත් පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවය රැක ගැනීම මෙම සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ වගකීම බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2022
දිවුලපිටියෙන් කොරෝනා ආසාදිතයන් 41ක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා වයිරසය ආසාදිතයන් 41 දෙනකු ඊයේ( 19) දින වාර්තා වූ බව දිවුලපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අරුණ රන්දෙණිය මහතා පවසයි. 19 January 2022
ජ.වි.පෙ පා ගමනට බිත්තර ප්‍රහාරයක් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ විරෝධතා පා ගමනක් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොටුව දෙසට ගමන් කරමින් සිටියි. 19 January 2022
‘‘කෙරවලපිටිය ගිවිසුමට අමාත්‍ය මණ්ඩලයෙ අනුමැතිය ලැබිලා‘‘ කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සම් අද යළි සලකා බැලීම අද (19) යළි සිදුකෙරිණි. 19 January 2022
රේගුවට කෝටි 400 ක බහාලුම් ස්කෑන් පද්ධතියක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 20 ක් හෙවත් රුපියල් කෝටි 400 ක් වැයකරමින් නව බහාලුම් ස්කෑන් පද්ධතියක් අද (19) ස්ථාපිත කළේය. 19 January 2022
අලුත් පාර්ලිමේන්තුවේ නව සභාපති මණ්ඩලයක් නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ මුලසුන නියෝජනය කිරීම සඳහා සභාපති මණ්ඩලයද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (19) ප්‍රකාශයට පත් කරනු ලැබීය. 19 January 2022
‘අයි.එම්.එෆ් බිල්ලෙක් නොවේ‘ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙස බැලිය යුත්තේ බිල්ලකුගේ ස්වරූපයක් මවාගෙන නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 19 January 2022
තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක් නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පත් කරනු ලැබීය. 19 January 2022
වරාය අධිකාරියේ සභාපති පුටුවට අලුත් මුහුණක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා අද (19) පත්කර තිබේ. 19 January 2022
අගනුවර වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙනස් කිරීමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ ප්රමුඛ රජය ගත් තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. 19 January 2022
‘‘වසර 26කට පෙර හමුවූ රයිනොසිරස් ගැන හොයන්න කවුරුත් නෑ‘‘ වසර 80,000 පෙර මෙරට ඇති වූ උල්කාපාත වාර්ෂාවකින් මියගිය බවට සැක කරන ශ්‍රී ලංකාවේ ජිවත් වූ රයිනෝසිරස් රංචුවකගේ හිසි කබල් ඇතුළු අස්ථි කොටස් මඩොල්සිම හා රිලාඋළු කඳු පාමුල ලුණුගල වෙල්යායක අඩි 80ක් යට මැණික් පතලක මිහිදන්ව තිබෙන බව පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සත්ත්ව විශේෂඥ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා පවසයි. 19 January 2022
නීති දමා මන්ත්‍රී විනය හදන්න කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ක්‍රියා කිරීමට නීති මාලාවක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2022
හමුදා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක් මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාලව ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කරනු ලැබ ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 19 January 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026