IMG-LOGO

සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී

 

නාසා හි පුරවැසි  විද්‍යාඥයකු වූ ටොම් ජේකොබ් මහතා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින බව  හඳුනාගෙන ඇත.

මොහු 2010 වසරේ සිට වෘත්තීය විද්‍යාඥයින්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක නාසා දුරේක්ෂ දත්ත සහ නාසා ආයතනයේ ටෙස් චන්ද්‍රිකාවෙන් ලබා ගන්නා දත්ත අධ්‍යනය කරමින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බට ඇති ග්‍රහලෝක පිළිබඳ  සෙවීමට උන්නදු වන ඕනෑම පුද්ගලයෙකුට සහභාගී විය හැකි පුරවැසි විද්‍යා ස්වේච්ඡා ව්‍යාපෘතියකට එක් වී ඇත.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන පුද්ගලයන් හදුන්වන්නේ පුරවැසි විද්‍යාඥයන් ලෙසය. මොවුන් සාමන්‍ය පුරවැසියන් වන අතර වෘත්තීය විද්‍යාඥයින් නොවේ.

මෙම සොයා ගැනීම පිළිබඳ අදහස් දක්වමින් නාසා ආයතනය ප්‍රකාශ කලේ

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ යෝධයා වෙන බ්‍රහස්පති ග්‍රහයා හිරු වටා භ්‍රමනය වීමට වසර 12 ක කාලයක් ගත වෙනවා ඒ වගේම සෙනසුරු ග්‍රහයාට හිරු වටා භ්‍රමනය වීමට වසර 29 ක කාලයක් ගත වෙනවා එත් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නැහැ ටීඕඅයි-180 බී  වැනි  විශාල ග්‍රහලෝකයක් අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් ආලෝක වර්ෂ 379 දුරින් පිහිටි මෙම ග්‍රහලෝකය බ්‍රහස්පති ග්‍රහයාට බෙහෙවින් සමාන අතර අපගේ සුර්යයාට සමාන තාරකාවක් වටා භ්‍රමනය වේ .

මේ ග්‍රහලෝකය ටී.ඕ.අයි-180 බී ලෙස නාසා ආයතනය හදුන්වනු ලැබේ. මෙම ග්‍රහලෝකයට තමන්ගේ හිරු වටා එක් වතාවක් භ්‍රමනය වීමට දින 261 ක් ගත වේ . මෙම ග්‍රහලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 76 ක් බවට හඳුනාගෙන ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු)

 



අදහස් (2)

සෞරග්‍රහ මණ්ඩලයේ රජුට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී

නිරෝද Thursday, 20 January 2022 12:48 AM

මළා.. තව කෝටුවක් ඕනෑ නේද එතකොට..? අපේ ඈයෝ කියයි දැන් රටේ ප්‍රශ්නෙට මුල ටී.ඕ.අයි -180 බී නීච වීම කියලා...

:       1       0

HIra Thursday, 20 January 2022 10:14 AM

මේවා හොයන්න මෙච්චර මහන්සි වෙන්නේ මොකටද

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site