ළමා අපරාධ පසුපස කතාව මානසික රෝගයක්ද?
අපේ රටේ ගතවූ මාස 20ක් ඇතුළත ළමා ඝාතන 14ක් සිදුව ඇත. කුඩා දරුවන් පැහැර ගැනීම, අපචාර, දූෂණය කිරීම මෙන්ම පසුව මරා දැමීම ආදියද වාර්තා වී ඇත. මවුපියන් විසින්ම දරුවන් ඝාතනය කිරීම, පවුලේ ඥාතීන් හෝ සමීප අසල්වැසියකු විසින් දරුවන් ඝාතනය කිරීම පසුගිය වකවානුවේ සිටම හෙළිදරව් වී ඇත.