දුම්රිය ඉඩම් වගාවට දෙයි දුම්රිය මාර්ග දෙපස ඇති දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් වගාකිරීම සඳහා වසරක පදනම යටතේ ජනතාවට ලබාදීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 June 2022
මැදිරිගිරියට දින 10කින් ආ තෙල් බෙදා ගන්න ගිහින් ගුටි කෙලි මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීම සදහා පැමිණී පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තිදෙනකු බරපතල තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කළ බව මැදිරිගිරිය පොලිසිය කියයි. 21 June 2022
රනිල් ගැන දැනගන්න මෛත්‍රීට ඇතිවූ දොළ දුක පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයෙක් වත් නැතිව රනිල් වික්‍රමසිංහ මහතා රටේ අගමැති වුනේ කෙසේ දැයි දැනගන්නට කැමති බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී අද ( 21)පැවසීය. 21 June 2022
ආණ්ඩුව ගැන අප්‍රසාදයෙන් සිටියත් පාර්ලිමේන්තුව වර්ජනය කරන්නෙ නෑ ආණ්ඩුවේ වගකීම් විරහිත ගමන ගැන අප්‍රසාදය එහෙමම තිබුණත් ජනතාව වෙනුවෙන් අදහස් පළ කරන්නට තිබෙන පාර්ලිමේන්තුව වර්ජනය කර නිවාඩු ගන්නට සූදානම් නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 June 2022
සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන පිරවුම්හල් 74 ක් දිවයින පුරා පිහිටි පිරවුම්හල් 74කදී සෑම සිකුරාදා දිනකම සෞඛ්‍ය අංශ සේවකයන්ගේ වාහන සඳහා ඉන්ධන ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 21 June 2022
මේ වැනි දිසාපාමොක්ලා කොහි වෙයිද? උග්‍ර පෙට්ල් හිඟය නිසා පාසල් යාමට ප්‍රවාහන පහසුකම් නොමැති සිසු දරුවන් සමග කිලෝමීටර 15 - 16 අත්ට්‍රැක්ටරය පදවාගෙන පාසල් යන ගුරුවරයකු පදවිය මෛත්රිපුරින් අපට 20 දා අනාවරණය විය. 21 June 2022
විසි එකේ වගන්ති ගණනාවක් ව්‍යවස්ථාවට පටහැනියි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21) දැනුම් දුන්නේය. 21 June 2022
නන්දලාල්ට දිගටම මහ බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 21 June 2022
එතෙර රැකියාවට යන කාන්තාවන්ගේ වයස් සංශෝධනය කෙරේ ගෘහ හා ගෘහ ආශ්රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 21 June 2022
මුතුරාජවෙල අක්කර 10ක් විදුලිබල මණ්ඩලයට මුතුරාජවෙල පිහිටි යුගදනවි බලාගාරයට යාබද අක්කර 10ක ඉඩම් කොටසක් මෙගාවොට් 300ක එල්.එන්.ජී බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 21 June 2022
ජාතික ජන බලවේගයත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි ජනතා ප්‍රශ්න වලට පාර්ලිමේන්තුවෙන් කිසිම විසඳුමක් නොලැබෙන බැවින් මේ සතියේ විපක්ෂයේ සියලු පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 June 2022
සජබ පාර්ලිමේන්තුව වර්ජනය කර සභා ගැබෙන් පිටව යයි ජනතා ප්‍රශ්නවලට විසඳුම් නැති නිසා සමගි ජන බලවේගය අද සිට පාර්ලිමේන්තුව වර්ජනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශයක් කළේය. 21 June 2022
අගමැති යෝගා දිනය සමරයි ජාත්‍යන්තර යෝග දින සැමරුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි. 21 June 2022
පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි. 21 June 2022
බදුල්ලෙයි - පොලොන්නරුවෙයි වෙනස තම යතුරු පැදියට පෙට්‍රල් නොමැතව අතරමංව අද උදෑසන මනම්පිටිය ඉන්ධන පිරවුම්හ හලට පැමිණි රුසියානු ජාතිකයකුට පෝලිමේ නොතියා ඔහුට ඉතා ඉක්මනින් අවශ්‍ය පෙට්‍රල් බෝතලයක් ලබාදීමට මනම්පිටිය රියදුරු සංගමයේ පිරිසක් සහ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කළේය. 21 June 2022
දින වෙනස් කරන්න ගිය ටින් මාළු තොගයක් අල්ලයි කල් ඉකුත් වීමට ආසන්න ටින්මාඵ තොගයක නිෂ්පාදන දිනය සහ මිළ ගණන් වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පවත්වාගෙන ගිය පන්නල මූකලාන ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් අති බව පැවසෙන ටිං මාඵ තොගයක් අද (20) සවස අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පාරිභෝගික සේවා අධිකාරි නිළධාරී කාර්යාලය කියයි. 21 June 2022
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 June 2022
හදිසි අනතුරු වලක්වා ගනිමු මේ වන විට අපේ රටේ යම් අර්බුදකාරී වාතාවරණයක් ගොඩ නැගී ඇති බවට සියලුම දෙනා දැනුම්වත් වී අවසානයි. සෞඛ්‍ය සේවය පැත්තෙන් ගත්තත් බොහෝ අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවකම හිඟතාවක් මතුව ඇත. ‘ලෙඩ නොවී ඉන්න .මේ මොහොතේ රටේ බේත් හිඟයක් තියෙනවා ‘ මේ සුපුරුදු කියමන ඔබට බොහෝ වර ඇසී ඇතුවාටද සැක නැත. 20 June 2022
වාහන දුවවන තෙලක් හැදූ තරුණයාට අගමැති කතා කරයි පානදුර ප්‍රදේශයේ පදිංචි දිළිණ දක්ශිල නමැති විසි තුන් හැවිරිදි තරුණයකු පොල්තෙල් වලින් නිෂ්පාදනය කරන බයෝ ඩීසල් වල සාම්පල ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවට යොමු කර විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 20 June 2022
නොමිනිස්කම මැද අතරමං වූ රුසියානුවා සිය රටට පිටත් වීම සඳහා හපුතලේ සිට ගුවන්තොටුපළට යාමට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට ආ රුසියානු සංචාරකයකුට හපුතලේ ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට ඉඩ නොදීම නිසා රුසියානු ජාතිකයා දැඩි අසීරුතාවයට පත් වූ පුවතක් හපුතලේ ඉන්ධන පිරවුම්හලෙන් වාර්තා වෙයි. 20 June 2022
‘‘විරෝධය දැක්වූයේ අයි.එම්.එෆ් එකට නොවේ‘‘ අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අවටට රැස්වූයේ ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතීය විරෝධය පළ කිරීමට මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ට හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව සර්වපාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 20 June 2022
හිටපු ඇමැති රුවන් මාලදිවයිනේ කතානායක හමු වෙයි මාලදිවයින් හිටපු ජනාධිපති සහ වර්තමාන කථානායක මොහොමඩ් නෂීඩ් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද සිදුවිය. 20 June 2022
ඩී.පී පාර්ලිමේන්තු හෙට නොඑන බව අධිකරණයට කියයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා තමන් හෙට (21) දිනයේ දිවුම්රුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 20 June 2022
පෝලිමෙන් පිට ගෑස් ගන්න ආ පොලිසයට හූවක් පානදුර මෝදරවිල ක්‍රීඩාංගනයේ ලාෆ් ගෑස් බෙදාහරිමින් සිටියදී පොලිසියේ කැබ් රථයකින් පැමිණි පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ගෑස් සිලින්ඩර තොගයක් රැගෙන යාමට උත්සාහ කිරීමේදී එහි සිටි පිරිස සිය විරෝධය දැක්වීම නිසා හිස් ඇතින් ඔවුහු ආපසු ගියහ. 20 June 2022
ඉන්ධන බෙදා ගන්න ගිහින් අතපය කපා ගනී තිස්සමහාරාම ජුල්පල්ලම ඉන්ධන පිරවුම් හල අසල පෝලිං දෙකක අද උදෑසන දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පුද්ගලයන් තිදෙනකුට තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇති බව තිස්සමහාරාම පොලීසිය කියයි. 20 June 2022
21ට කැබිනට් අනුමැතිය විසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20)රාත්‍රියේ අනුමැතිය දුන්නේය. 20 June 2022
ලංකාවට ඕස්ට්‍රේලියාවේ අත හිත ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට ඔස්ට්‍රේලියාව අඛණ්ඩව සහාය ලබා දෙන බව ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ අද (20) පැවසුවාය. 20 June 2022
සජබෙන් නොමිලේ නීතිඥ සහාය ඉන්ධන පෝලිම් අසල සිදුවන පොලිස් පහරදිම් මෙන්ම සාමකාමී උද්ඝෝෂණ වලට එරෙහිව සිදු කරන පොලිස් පහරදිම් වලට එරෙහිව සමගි ජන බලවේගයේ නීතිමය සහාය අවශ්‍ය සියලු දෙනාටම නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි. 20 June 2022
පානදුරේ ඉන්ධන පිරවුම්හලකින් බස් හිමියෙක්ට භූමිතෙල් වැඩි මිලට පානදුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් බස් රථ හිමියකුට වැඩි මිලට භූමිතෙල් තොගයක් ලබාදුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පිරවුම්හලට ඉන්ධන තොග ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 20 June 2022
අතුරු අයවැය ජුලි මාසයේ ජුලි මාසයේදී පාර්ලිමේන්තුවට අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 June 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026