සර්පයා නිදහස් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රංජිත් නන්දසේන මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කොට ඔවුන්ගේ වෑන් රථයටම දමා ගිනි තැබීමේ චෝදනාවන්ගෙන් සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන හසිත සම්පත් මොහන්දිරම් හෙවත් සර්පයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය. 20 June 2022
ආරච්චිකට්ටුව හිටපු සභාපති ඇතුළු තුනක් රිමාන්ඩ් ආරච්චිකට්ටුව ප්‍රදේශයේ ඉන්ධන හලකදි පුද්ගලයකුට පහර දී පොලිස් නිළධාරියකුගේ රාජකාරියට බාධා කරමින් කලහකාරි හා අශෝභන ලෙස හැසිරුණු බව කියන ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු තිදෙනකු 23 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි හලාවත දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය. 20 June 2022
ක්ලෙයාර් ඕනීල් මහත්මිය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන මානුෂීය සහ ආර්ථික අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕනීල් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 20 June 2022
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු ඇමැතිනී ක්ලෙයාර් ඕ’නෙයිල් (Clare O’ Neil) මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වූවාය. 20 June 2022
පාපැදිකරුවන් ගැන අවධානයෙන් ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පාපැදිවලින් ගමන් කිරීම වාර්තාගත ලෙස වැඩිවී ඇති හෙයින් පාපැදිකරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ලෙස පොලිසිය වාහන රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි. 20 June 2022
අරගලකරුවෝ විසිඑක් දෙනාට ඇප මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිර කර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැඟන් වූ ශරිරි ඇපයක් මත මුදා හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 20 June 2022
අයි.එම්.එෆ් නියෝජිතයින් දින දහයක් ලංකාවේ ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම දින දහයක කාලයක් ලංකාවේ රැඳී සිටිමින් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තීරණය කර ඇත. 20 June 2022
බස් රථ සීයට 50 ක් ධාවනයට ලංගම ඩිපෝ මගින් අඛණ්ඩව ඩීසල් ලබා දීමට එකඟතාවය පළ කිරීම හේතුවෙන් අද(20) දිනයේ සමස්ත බස් රථ වලින් සීයට 50 ක් හෙවත් බස් රථ 6500 කට අධික ප්‍රමාණයක් ධාවනයට පියවර ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 20 June 2022
ගෑස් ටෙන්ඩරය ගැන ලිට්රෝ සමාගම පැහැදිලි කරයි වර්තමාන ගෑස් හිඟය සහ පෝලිම් පිළිබඳව අවධානය යොමු කර තාවකාලික ගෑස් සැපයුම සඳහා ඕ.කිව්. ට්‍රේඩින් සමාගම සමඟ ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් සියම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කර ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියාකළ හැකි වන පරිදි ටෙන්ඩර් කැඳවීමට උපදෙස් ලැබුණු බවත් ලිට්රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 June 2022
අන්තරේ පා ගමන කොටුව දෙසට අන්තර් විශ්ව ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන මේ වන විට කොම්පඤ්ඤවීදිය පසු කරමින් කොටුව දෙසට ගමන් ගන්නා බව අප වාර්තා කරුවෝ පවසති. 20 June 2022
අ‘පුර ඉන්ධන හලක ඉන්ධන සඟවලා හමු වෙයි අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813 ක්, සහ පෙට්‍රල් ලීටර් 1540 සොයා ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධාන ප්‍රධාන නිළධාරී එම්. බී.සී.ඒ පෙරේරා මහතා ඇතුළු විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අද (20දා) කටයුතු කලහ. 20 June 2022
ජනපති ලේකම්කාර්යාල පාර වැසූ පිරිස අධිකරණයට ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන එනු ලැබීය. 20 June 2022
ශ්‍රී ලංකාව හා චීනය අතර ගුවන් ගමන් වැඩි කෙරේ ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති ටී.සෙන්හොන්ග් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දුන්නේය. 20 June 2022
‘‘සෞඛ්‍ය අංශ බිඳ වැටෙන්න දෙන්න එපා‘‘ දිනෙන් දින උග්‍ර වන අර්බුදකාරී වටපිටාව තුළ සෞඛ්‍ය පද්ධතිය බිඳ නොවැටී පවත්වා ගැනීමට නම් ඖෂධ හිඟයට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඉන්ධන පිළිබඳ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 20 June 2022
රට විනාශ වීමට කලින් සර්ව පාක්ෂික අන්තර් පාලනයකට බාර දෙන්න රට සම්පූර්ණම විනාශ වීමට කලින් සර්වපාක්ෂික කෙටිකාලීන අන්තර් පාලනයකට රට බාර දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹදී පැවසීය. 20 June 2022
ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහනයක් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක් ලබා දෙන බව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය අද (20) නිවේදනය කළේය. 20 June 2022
අලුත බඳින ජෝඩුවලට අලුත් විදියේ තෑගි මේ දිනවල පැවැත්වෙන විවාහ මංගල උත්සවවල දී මනාල යුවළගේ මිතුරු මිතුරියන් කාලයට ගැලපෙන අයුරින් ත්‍යාග ලෙස ඉන්ධන කෑන් ලබාදීමේ සංස්කෘතියක් ඇතිවෙමින් පවතින බව දක්නට ලැබේ. 20 June 2022
පිරවුම්හල්වලට පාතාලයෝ රිංගලා දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් පාතාලයේ රජදහන් බවට පත්වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්තා වේ. 20 June 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේිදී පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට(21) දවල් 12.00 ට පැවැත්වීමට නියමිතය. 20 June 2022
විරෝධතා නිසා අයි.එම්.එෆ් සාකච්ඡාවට පමා වෙයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අතර ආරම්භ වි ඇති සාකච්ඡාවට සහභාගී වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා එහි ගොස් ඇත්තේ ප්‍රමාද වී බව වාර්තා වේ. 20 June 2022
ලෝටස් පාර වැසූ අරගලයේ 21ක් අත්අඩංගුවට ගාලු මුවදොර අරගලයේ යෙදී සිටින පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසෙන ලෝටස් මාවත දෙසින් ඇති පිවිසුම් දොරටු දෙක අවහිර කළ 21 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 20 June 2022
මැදිරිගිරිය සමූපකාර ඉන්ධන හලට චෝදනාවක් මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම් හලේ් සේවකයන් හිතවත්කම් මත ඉන්ධන බෙදා හරින බව ඉන්ධන ලබා ගැනීම සඳහා දින අටක් තිස්සේ පොලිම්වල සිටින පිරිස පවසති. 20 June 2022
පදවියට දින 10කින් ඉන්ධන ලැබී නෑ පදවිය ඉන්ධන පිරවුම්හල්වලට දින 10ක් තිස්සේ ඉන්ධන නොලැබීම නිසා එහි ජනතාව අව් වැසි නොතකා පෙට්ල් එන තුරු පදවිය ඉන්ධන පිරවුම්හල අසල දිගු පෝලිම්වල රැදී සිටියද මෙතෙක් පෙට්ල් රැගෙන එන දිනයක් හෝ නොමැතිවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 20 June 2022
‘පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න‘ පෞද්ගලික අංශයේ සේවකයන්ද නිවෙසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 20 June 2022
අපොස ප්‍රශ්න පත්‍ර බලන්න ඇවිත් විරෝධයේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් ලකුණු සටහන් කිරීමේ නිරත ගුරුවරුන් ඉන්ධන ඉල්ලා කළුතර නගරයේදී විරෝධතාවක නිරත වෙති. 20 June 2022
අයි.එම්.එෆ්. කණ්ඩායම අගමැති හමුවෙයි ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම අද(20) උදේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා ආරම්භ කළේය. 20 June 2022
නීතී විරෝධිව ඕස්ට්‍රේලියාවට ගිය 23 ක් යළි ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීම සදහා බහු දින ධීවර යාත්‍රාවකින් යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු ඕස්ට්‍රේලියාවේ වෙරළාරක්ෂක බළකායේ නෞකාවක් මගින් අත් අඩංගුවට ගෙන පසුව ක්‍රිස්මස් දූපත වෙත රැගෙන ගොස් , එතැන් සිට අද (20 ) පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 20 June 2022
බස්නාහිරට - සබරගමුවට තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 June 2022
ඉන්ධන පෝලිම් අඩු කරන ක්‍රමයක් සකසයි වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. 19 June 2022
විදුලි කප්පාදුව පැය දෙකහමාරක් වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා මේ හෙට සහ අනිද්දා (20 සහ 21) දෙදින දිනකට පැය දෙකයි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය අද (19) පැවසීය. 19 June 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026