‘‘ලොවට ගැලපෙන අධ්යාපන ක්රමයක් සකසනවා‘‘ මෙරට අධ්යාපන පද්ධතිය නවීකරණය කර ලෝකයේ ඉහළම අධ්යාපන සහිත රටක් බවට මෙරට අධ්යාපන ක්රමයේ වෙනසක් ඇති කිරීමේ වගකීම රටේ ජනාධිපතිවරයා හැටියට මා පුද්ගලිකව භාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මැදිරිගිරිය ජාතික පාසල් ශ්රවනාගාර පරිශ්රයේදී පැවැසීය. 29 June 2023
ගයා අල්විස් ගේ අවසන් කටයුතු හෙට ජාතික රූපවාහිනියේ ඩිජිටල් අංශයේ ප්රධානියා වූ අභවප්රාප්ත ගයාන් රාම්ය අල්විස් මහතාගේ අවසන් කටයුතු හෙට (30) පස්වරු 4.00ට කඩවත ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ 29 June 2023
නව ගුවන් හමුදාපති උදේනි රාජපක්ෂ එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී. 29 June 2023
හිටපු රාජ්ය ඇමැති විජයකලා අනතුරක හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන් ගත් වෑන් රථය මුන්දලම මංගල එළිය ප්රදේශයේ අනතුරට ලක්වීමෙන් මන්ත්රීවරිය ඇතුළු තිදෙනකු රෝහල් ගතකර ඇතැයි මුන්දලම පොලිසිය කියයි. 29 June 2023
බෙල්ලන්විල ඇසළ පෙරහර රාජ්ය අනුග්රහයෙන් ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසල පූණ්යෝත්සවය සහ පෙරහර මංගල්ය පූර්ණ රාජ්ය අනුග්රහයෙන් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය තීරණය කළේය. 29 June 2023
ණය යෝජනාව අද හවස මුදල් සභාවට ණය ප්රතිව්යුහගතකරණය පිළිබඳ යෝජනාව සාකච්ඡා කිරීම සඳහා මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (29) පස්වරු 2.00ට රැස්වීමට නියමිතය. 29 June 2023
කොමිෂන් දෙකක් පත් කරයි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත. 29 June 2023
මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට ලොව විශාලතම මගී ප්රවාහන නෞකාව වන ’’අයිකන් ඔෆ් ද සීස්’’ ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින් පසුව ප්රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්රා කර ඇත. 29 June 2023
මහ බැංකු අධිපතිගෙන් ප්රකාශයක් රටෙි භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දැනටමත් 50%කට වැඩි බදු මගින් දායකත්වයක් දක්වන බැවින් බැංකු පද්ධතියට තවදුරටත් බරක් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මාධ්ය මධ්යස්ථානයේ පැවති මාධ්ය හමුවක් අමතමින් පැවසීය. 29 June 2023
වෙඩි මැද හරක් හොරු පනිති වලස්මුල්ලේ සිට හක්මණ දෙසට එළ ගවයෙකු හොරෙන් පටවා ගමන් ගත් ත්රීරෝද රථයක් පසුපස හඹා ගිය වලස්මුල්ල පොලිසියේ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිළධාරින් පිරිසක් එය නවත්වා ගැනිමට මීඇල්ල පනන්වෙල ප්රදේශයේ දි ගිනි අවියකින් අහසට වෙඩි තැබූවද ත්රීරෝද රිය නොනවත්වා පලාගිය බව වලස්මුල්ල පොලිසිය කියයි . 29 June 2023
තරුණයෙක් පැහැරගෙන යමින් සිටි හමුදා සෙබළා අල්ලයි පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් 23 හැවිරිදි තරුණයෙකු ත්රිරෝද රථයක ගොඩ කරගෙන බලහත්කාරයෙන් පැහැරගෙන යමින් සිටි බව කියන යුද හමුදා සෙබලෙක් සහ තවත් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පිටකොටුව පොලීසිය පවසයි. 29 June 2023
මත් ජාවාරම්කාරිය නමින් තිබූ කෝටි හතරහමාරක ගිණුම් තහනම් කරයි ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු මෙහෙයවන මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධ මෙරට 33 හැවිරිදි කාන්තාවක නමින් තිබූ රුපියල් කෝටි හතර හමාරක බැංකු ගිණුම් තහනමට ලක් කළ බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 29 June 2023
මත්කුඩු සමග විදෙස් ජාතිකයන් අටක් මුහුද මැදදි අල්ලයි මාලදිවයින සාගර කලාපයේ සිට මෙරට මුහුදු සීමාව ඔස්සේ යාත්රා කරමින් තිබූ ධීවර යාත්රාවක් සෝදිසි කර එම යාත්රාවේ තිබූ හෙරොයින් ග්රෑම් 926ක තොගයක් සමග ඉරාන ජාතිකයන් හය දෙනෙකු සහපකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය කියයි. 29 June 2023
සබ්මැරීනයේ සිටි අයගේ සිරුරු කොටස් හමුවෙලා ටයිටැනික් නැවේ සුන්බුන් නැරැඹීමට මුහුදු පතුලට යද්දී පිපිරී විනාශ වුණු ‘ඕෂන්ගේට් එක්ස්පෙඩිෂන්ස්’ නමැති ඇමෙරිකන් සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ කොටස් මෙන්ම එහි ගමන් කළ පස් දෙනාගේ ශේෂයන් ද හමුවී ඇතැයි විදෙස් මාධ්ය පවසයි. 29 June 2023
තරුණියකගේ ඡායාරූප සිද්ධියකට දකුණු නිර්වේලි හි යුද්දයක් තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්යට මුදා හැරියේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් එම නිරුවත් ඡායාරූප සමාජ මාධ්ය වෙත මුදා හළ බව කියන තරුණයාගේ නිවෙස පන්සීයක ගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලාපහර දෙමින් සිටියදී පොලීසිය අහසට වෙඩි තබා දැඩි පරිශ්රමයක් දරා තත්ත්ව පාලනය කළ බව අච්චුවේලී පොලීසිය පවසයි. 29 June 2023
ණය ප්රතිව්යුහගත කිරීමෙන් දේශීය ව්යාපාර රැකෙනවා දේශීය ණය ප්රතිව්යුහගත කිරීම මගින් දේශිය ව්යාපාරිකයින් සුරක්ෂිත වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 June 2023
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ලෝක බැංකුව ශ්රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් අනුමත කර තිබේ. 29 June 2023
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 16 කින් ඉහළට යයි ශ්රී ලංකා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය අප්රේල් මාසයට සාපේක්ෂව මැයි මස සියයට 16.6 කින් වර්ධනය වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 29 June 2023
සබරගමුවට - මධ්යම පළාතට වැසි සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 29 June 2023
නරිටා ගිය ගුවන් යානය යළි කටුනායකටම බස්සයි ජපානයේ නරීටා ජාත්යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්රී ලන්කන් ගුවන් යානයක හදිසියේ ඇති වූ, කාර්මික දෝශයක් හේතුවෙන් යළි කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත. 29 June 2023
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 4 ට ආසන්න වෙයි ‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ ප්රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 4 කට සහ විරෝධතා 6,000 කට ආසන්න සංඛ්යාවක් ලැබී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය. 29 June 2023
වෙරි මරගාතෙ රාජකාරි කළ පී.සී ගේ වැඩ තහනම් ගම්පහ රෝහලේ පොලිස් මුරපොළේ බීමතින් රාජකාරී කරමින් සිටි පොලිස් සැරයන්වරයකු ගේ වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි. 29 June 2023
සිංහරාජයෙන් ශාඛ ඉස්සූ විදේශකයන් තුනක් රිමාන්ඩ් වලංගු බලපත්රයක් නොමැතිව සංහරාජ වනාන්තරයෙන් ලබාගන්නා ලද ජිවි හා අජිවි සතුන් සහ ශාක කොටස් රැගෙන යාමට උත්සාහ කරන ලද ඉරාන ජාතිකයන් තිදෙනකු සහ ශ්රි ලාංකිකයකු නෙළුව වනජිවි නිලධාරින් අද සවස අත් අඩංගුවට ගෙන උඩුගම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් සිව් දෙනා ලබන මස 05 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. 28 June 2023
5000 නෝට්ටු 30ක් සමග තුනක් මාට්ටු ව්යාජ රුපියල් 5000 නොට්ටු 30ක් සමග සැකකරුවන් තිදෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අද සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කාරයාලය පවසයි. 28 June 2023
විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය 30 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අවසන් තීරණය මේ මස 30 වැනිදා (සිකුරාදා) ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්රනාන්දු මහතා අද (28) පැවසීය. 28 June 2023
අලවතුගොඩ මැදි විදුහලේ සිසු නයුවෝ දිවරුති අලවතුගොඩ මධ්ය මහා විද්යාලයේ 2023 වසරේ ශිෂ්ය නායක නායිකාවන් සදහා නිල ලාංඡන පැළදවිම පසුගියදා එම විද්යාලයේදි සිදු කෙරිණි. 28 June 2023
බුද්ධ දේශනාව ලොවට ගෙන යන්න කාර්යාලයක් බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්රමවත්ව සහ විධිමත් වූ ක්රියාවලියකට අනුව කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශ පරිශ්රයේදී බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් ස්ථාපිත කළේය. 28 June 2023
අමතර පන්ති නිසා රජරට දරුවන් අතරමං වෙලා අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ ගණිතය හා විද්යා විෂයයන්වලින් එහි ප්රතිඵල අනුව උතුරු මැද පළාතට හිමිව ඇත්තේ නවවෙනි ස්ථානයට පත්ව ඇති බව උතුරු මැද පලාත් ගණිතය විෂය බාර අධ්යක්ෂිකා ජිනාදරි තේනුවර මහත්මිය සඳහන් කළාය, 28 June 2023
දියණියගේ පෙම්වතා නගරය මැද දන ගස්සලා ත්රිරෝද රථ රියදුරකු ගේ දියණියක සමඟ ප්රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියැයි කියන පවසමින් පාසල් සිසුවකුට කිතුල් පොල්ලක් පෙන්වා මරණ තර්ජනය කර ඌරපොල බුදු මැදුර අසල සෑහෙන වෙලාවක් දණගස්වා තබන ලදැයි කියමින් සිසුවාගේ මව පැමිණිල්ලක් කළ බව අත්තනගල්ල පොලීසිය පවසයි. 28 June 2023
ජූනි මස තේමිල සියයට 40කින් පහළට ශ්රී ලංකාවේ තේ මිල ජූනි මස මැද භාගයේදී සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 28 June 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026