සලේ ගැන බොරු ගෙතුවොත් අධිකරණයෙන් දඬුවම් ලැබේවි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් බොරු සාක්ෂි ඉදිරිපත් කළහොත් අධිකරණයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනු ඇති බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක සහ සජබ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 22 June 2026
කටාර් ගෑස් කම්හලක පිපිරීමකින් 54 කට තුවාල කටාර් රාජ්‍යයේ, රාස් ලෆාන් කාර්මික කලාපයේ, ‘බර්සාන්’ නමැති ප්‍රධාන ස්වභාවික වායු අපනයන පර්යන්තයේ සිදුවූ පිපිරීමකින් 54 දෙනකු තුවාල ලැබූ බවත්, 18 දෙනකු අතුරුදන් බවත් විදෙස් මාධ්‍ය පැවැසීය. 22 June 2026
ඩෙංගු රෝගීන් 46,037ක්: මරණ 28ක් මෙම වසර ආරම්භයේ සිට පසුගියදා 20 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා ඩෙංගු රෝගීන් 46,037ක් වාර්තා වී ඇති බවත් එම රෝගීන්ගෙන් 28ක් මරණයට පත්වී ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. 22 June 2026
කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් තියෙන කම්හල් රැක ගන්න කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න පෙර රටේ ඇති ඇගලුම් කර්මාන්ත ශාලා රැක ගන්න කටයුතු කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 22 June 2026
හිස්කබලෙන් බද්ධ වූ නිවුන් දැරියන් වෙන් කෙරේ උපන් දා සිට මාස 19 ක් හිස්කබලෙන් බද්ධ වී සිටි නයිජීරියානු ජාතික නිවුන් දැරියන් දෙදෙනකු සැත්කම් මාලාවකින් පසු සාර්ථකව වෙන් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබේ. මෙම සංකීර්ණ සැත්නම් සිදු කර ඇත්තේ කෘතිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගනිමින් වීම ද විශේෂත්වයකි. 22 June 2026
ගුද මාර්ගයෙන් අයිස් අරන් ගිය රැඳවියෙක් අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19ක් සහ මිලිග්‍රෑම් 600ක් ගුද මාර්ගයේ සඟවාගෙන සිටි මහර බන්ධනාගාරයේ රඳවියෙක් බන්ධනාගර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 22 June 2026
ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු අගවීමක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සාම සාකච්ඡා සඳහා සහභාගී වන ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු එරට පාර්ලිමේන්තු කතා නායක මොහොමඩ් බාගර් ගලිබාෆ් අතර දැඩි අනතුරු ඇඟවීම් හුවමාරු වී ඇතැයි පැවැසෙයි. 22 June 2026
ඇමරිකා ඉරාන දින 60ක එකඟතාවක් දීර්ඝ කාලීන මතභේදයකට තුඩු දී ඇති න්‍යෂ්ටික ගැටලු සහ පැනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා, දින 60 ක ඒකාබද්ධ මාර්ග සිතියමකට එකඟ වීමට ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය පියවර ගෙන ඇත. 22 June 2026
ඇමෙරිකා ඉරාන ප්‍රගතිය හොඳයි ඇමෙරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඉහළ පෙළේ සාකච්ඡාවල පළමු දිනයේදීම, ‘සාර්ථක ප්‍රගතියක්’ අත්කර ගැනීමට දෙපාර්ශවය සමත්ව ඇතැයි මෙම අර්බුදයට මැදිහත් වී සිටින මැදිහත්කරුවන් ලෙස කටයුතු කරන පාකිස්තානය සහ කටාර් රාජ්‍යය පවසයි. 22 June 2026
ඉන්දී්‍ය අධ්‍යාපන ඇමැතිට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින්, ඉන්දියාවේ ‘කැරපොතු ජනතා පක්ෂය’ නමින් හැඳින්වෙන දේශපාලන බලවේගයේ තරුණ ක්‍රියාකාරීන්, පොලිස් නියෝග පවා නොතකමින්, නවදිල්ලි අගනුවර සාමකාමී විරෝධතාවක් ආරම්භ කර ඇත. 22 June 2026
බ්‍රිතාන්‍ය අගමැතිට ධුරයෙන් යන්න වෙනවා - ට්‍රම්ප් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි. 22 June 2026
දරුවකුට කරදර කළ අධිකරණ වෛද්‍ය නිලධාරියකු ගැන සොයයි 15 හැවිරිදි පාසල් සිසුවකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. 22 June 2026
ලංකාවේ සෞඛ්‍යයට එංගලන්තයෙන් හයියක් මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහයෝගය දීමට එක්සත් රාජධානියේ මෙරට වෙළෙඳ නියෝජිත එවර්ටන් හි හැනට් සාමිවරයා එකඟතාවය පළ කර තිබේ. 22 June 2026
දයා සමූහ ව්‍යාපාරයේ දොපොළ මහජන බැංකුවට සින්න වේ මහජන බැංකුවට උකස් කරන ලද සිය දේපළ වෙන්දේසි කිරීමට ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් දයා සමූහ ව්‍යාපාරය සහ දයා ඇපරල් අපනයන (පුද්ගලික) සමාගම ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 21 June 2026
‘‘ඩෙංගු මර්දන අමතර නිලධාරීන් ඉල්ලුවත් දීලා නෑ‘‘ පොසොන් උත්සවය නිමිත්තෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා මදුරු ගහනය පාලනය කිරීම සඳහා අනුරාධපුරය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමා ඩෙංගු මර්දන ප්‍රධාන කාර්යාලයෙන් අතිරේක කාර්ය මණ්ඩලය එවන්න කියලා ලිඛිතව ඉල්ලීම් කර ඇතත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඒ සඳහා අනුමැතිය ලබාදී නැතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවසීය. 21 June 2026
ස්විට්සර්ලන්තයේ දී ඇමෙරිකා - ඉරාන සාකච්ඡා ආරම්භ වේ යුද්ධය නිමා කිරීම වෙනුවෙන් එක්සත් ජනපදය සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ දී පැවැත්වෙන පළමුවටයේ සාකච්ඡා ආරම් කර ඇතැයි කටාර් විදේශ අමාත්‍යංශය නිවේදනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. 21 June 2026
වියානා ඇළට ට්‍රැක්ටරයක් පෙරළේ මහියංගන වියානා ඇළට අද (21) පස්වරුවේ ට්‍රැක්ටරයක් පෙරලීයාමෙන් එහි රියැදුරු දියේ ගිලි අතුරුදන්වී ඇතයි මහියංගන පොලිසිය පවසයි . 21 June 2026
ඩෙංගු රෝගීන් හතළිස් හය දහස පනී ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි. 21 June 2026
QR දිගටම ඉන්ධන නිකුත් කිරීමේදී භාවිත කරන QR ක්‍රමවේදය ඉවත් නොකරන බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 21 June 2026
ටිල්වින් - චීන තානාපති හමුවක් ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. 21 June 2026
ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද මැදපෙරදිග කලාපයේ යුද වාතාවරණය නිමා කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර ඇති කරගත් එකඟතාව ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික මට්ටමේ සාකච්ඡා අද (21) ස්විට්සර්ලන්තයේ බර්ගන්ස්ටොක්හිදී පැවැත්වෙයි. 21 June 2026
කටාරයෙන් තෑගි ලැබුණු යානය ට්‍රම්පේ පරිහරණයට කටාර් රජය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට තෑගි දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා බෝයිං 747-8 වර්ගයේ ගුවන් යානය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය වන ’’එයාර් ෆෝස් වන්’’ බවට පරිවර්තනය කරමින් පසුගියදා එළි දැක්වූවේය. 21 June 2026
සොහොන් කොතේ බලි තොවිල් කළ කන්තාවෝ දෙකක් මාට්ටු පොලොන්නරුව බකමූණ යාය 25 ගම්මානයේ සුසාන භූමියට වැනි දා දහවල් 12 ට කාන්තවන් දෙදෙනෙකු ඇතුල් වී සොහොන් කොත්මත බලි පූජා කරමින් සිටියදී කාන්තාවන් දෙදෙනකු අත්තඩංගුවට ගත් බව බකමූණ පොලීසිය පවසයි. 21 June 2026
සාම සාකච්ඡාවලට දෙපිරිසම ස්විට්සර්ලන්තයට සෑම පාර්ශ්වයක්ම ඇමෙරිකාව සහ ඉරානය අත්සන් තැබූ මූලික අවබෝධතා ගිවිසුමේ කොන්දේසි පිළිපදින බව සහතික කර ගැනීමට බලාපොරොත්තු වන බව ස්විට්සර්ලන්ත සාම සාකච්ඡාවලට සහභාගී වන ඉරාන දූත පිරිස අද ප්‍රකාශ කළේය. 21 June 2026
දුම්රියේ හැපුණු පිය පුතු මරුට කදාන ප්‍රදේශයේ සිට රාගම දක්වා යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි පිය පුතු දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් කදාන පේරලන්ද දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රිය ගැටීමෙන් පිය පුතු දෙදෙනා මිය ගිය බව පොලිසිය කියයි. 21 June 2026
තරුණ කතක් අභිරහස් ලෙස මිය ගිහින් බලගොල්ල කුණ්ඩසාලේ වරාපිටිය පෙදෙසේ නිවසක තරුණ විවාහක කාන්තාවක අභිරහස් ලෙස මරණයට පත්ව සිටියදී සොයාගත් බව පල්ලේකැලේ පොලිසිය කියයි. 21 June 2026
සජිත් පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය කියයි පළාත් සභා මැතිවරණය තිබ්බොත් සමගි ජන බලවේගය අනිවාර්යෙන් දිනන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවැසීය. පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සඳහා සියලුම ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සිදු කරන බව විපක්ෂ නායකවරයා කීය. 21 June 2026
සාපෙළ හොඳම ප්‍රතිඵල දකුණු පළාතෙන් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2025) ප්‍රථිපලවලට අනුව මෙවරද දකුණු පළාත සියයට 75.57ක ප්‍රතිශතයක් ලබාගෙන අනිකුත් සියලු පළාත් අභිබවා පළමු ස්ථානයට පත්ව ඇතැයි බැ විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාව මගින් අනාවරණය වි ඇත. 21 June 2026
බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ? බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමක් තිබෙන බවත් ඔහු හෙට ඒ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එරට ඔබ්සර්වර් පුවත්පත වාර්තා කළේය. 21 June 2026
උසස් පෙළ කල් දාන්නේ නෑ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 21 June 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026