
(අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය තිබ්බොත් සමගි ජන බලවේගය අනිවාර්යෙන් දිනන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහනුවරදී පැවැසීය. පළාත් සභා මැතිවරණය ලබා ගැනීම සඳහා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් සිදු කරන බව විපක්ෂ නායකවරයා කීය.
රජයට ජනතාව ලබා දුන් අසීමිත බලය තුළ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විවිධ කමිටු, තේරීම් කාරක සභා ඔවුන්ගේ ග්‍රහණයට ගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට හසුරවමින් යන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දැන්වත් රටේ ලක්ෂ 220ක් ජනතාව මොවුන් පිළිබඳව පාඩමක් ඉගෙන ගත යුතු යැයිද විපක්ෂ නායකවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ මහනුවර දී මල්වතු - අස්ගිරි මහා නා හිමිවරුන් අද (21)බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියන් සහ වරකාගොඩ ඤාණරතන අස්ගිරි මහ නාහිමියන් ඇතුළු අනුනාහිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd