
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ ඔහුගේ ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.
‘ස්ටාර්මර්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වෙනවා. ඔහු ධුරයෙන් ඉවත් වේවි. ඔහු කාරණා දෙකක් සම්බන්ධයෙන් අසාර්ථක වුණු නායකයෙක්. සංක්‍රමණික ගැටලුව හරිහැටි විසඳන්න ඔහු අපොහොසත් වුණා. බලශක්ති අර්බුදයට පැහැදිලි විසඳුමක් දෙන්න අපොහොසත් වුණා. අග්‍රාමාත්‍ය ධුරයෙන් නික්ම යන ඔහුට මා සුබ පතනවා’ යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ ටෘත් සෝෂල් සටහනේ දැක්වෙයි.
මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කම්කරු පක්ෂයයි. එහි නායකයා කීර් ස්ටාර්මර්ය.
පසුගිය දා බ්‍රිතාන්‍යයේ පැවැති අතුරු මැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂයේ ඇන්ඩි බර්න්හැම් ජයග්‍රහණය කළේ පාර්ලිමේන්තු ආසනයක් ද හිමිකර ගනිමිනි.
ඇන්ඩි බර්න්හැම්, බිම් මට්ටමේ දේශපාලනඥයකු ලෙස බ්‍රිතාන්‍ය වැසියන්ගේ ආදරය දිනාගෙන ඇත. ඇන්ඩි බර්න්හැම්, කීර් ස්ටාර්මර්ට අභියෝග කිරීමට සූදානම් වෙයි. ඒ පක්ෂ නායකත්වය වෙනුවෙනි.
මේ වනවිටත් කම්කරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකුගේ සහාය බර්න්හැම්ට හිමිවෙයි. ඔවුන් සියලු දෙනා ස්ටාර්මර්ට බල කරන්නේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසටය. ස්ටාර්මර් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීම යනු ඔහුට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd