නීති විරෝධිව ගෙන ආ විදෙස් දුම්වැටි සමඟ කාන්තාවක් කොටුවෙයි
රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ශ්රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද(30 )අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .