IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’1,500cc ට අඩු වාහන ආනයනය සඳහා සහන ඉල්ලයි‘‘

වාහන ආනයනයේ දි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ආනයනයට සහන ලබා දෙන්නැයි ලෙස දේශීය ආදායම් නිලධාරිහු  රජයෙන් ඉල්ලා සිටිති.

දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා  මාධ්‍ය හමුවකට එක් වෙමින් අද සවස මේ බව පැවැසුවේය.

වඩා ඉහළ ධාරිතාවෙන් යුත් වාහන ආනයනය කිරීමේ දී විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් පිටතට ගලා යන බව ඔහු කියා සිටියේය.

1500CC අඩු ධාරිතාව ඇති වාහන ගෙන්වීමට බදු සහන ලබා දුනහොත්  එම වාහන ආනයනය කිරීමට වැඩි දෙනා පෙළඹෙන බවත් ඒ හරහා  විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද චන්දන මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (5)

’1,500cc ට අඩු වාහන ආනයනය සඳහා සහන ඉල්ලයි‘‘

මුදිත් Wednesday, 09 July 2025 08:39 AM

ඔව් ඉතිං ඔහෙලගේ වාහන බලපත් එහෙමත් තියෙනවා නොවැ...

:       0       0

casmir Wednesday, 09 July 2025 09:36 AM

අපිට තියන ලොකුම ප්‍රශ්නය පුද්ගලික් වාහන ගන්න එකද 1/. වරු ගණන් පාරේ කාලය කන , කාලකන්නි බස් 2/.කිසිම නියාමනයක් නැති ට්‍රිශෝව්. 3/.අමතර් වියදම් ඉල්ලන ඉස්කෝල 4/.පුද්ගලික අධ්‍යාපනයේ මොකද අත්දැකේමෙන් කියන්නේ හොදට ඇද කරලා office ඉවරවෙලා යන තාත්තල , එකම එක සැමන් පරා මාළුව කිරාගෙන ගෙදර අරන් යන රටක් මේක , ගොඩක් මිනිස්සු අන්තෙටම ණයවෙලා ඉන්නේ,

:       0       0

de silva Wednesday, 09 July 2025 12:35 PM

2017-2020 කාලයේ තිබුණු රේට් එකට වාහනවල CC ධාරිතාවට පමණක් බදු ගැහුවොත් හොඳ ප්‍රමිතියක් ඇති අලුත් වාහන ලංකාවට එනවා ලංකාවේ වාහන වල මිල පහළ ගිහින් සේල් එක වැඩිවෙලා රජයට අදායමක් ලැබේවි, දැන් ඩොලර් එක සහ බද්ද යන දෙකම වැඩිවෙලා නිසා ඉහළ ගිය වාහන මිල බොහෝ දෙනෙකුට දරාගන්න බැහැ. අද වාහනයක් වෙනුවෙන් ලක්ෂ 80-100 වියදම් කරන්න බොහෝ දෙනෙකුට බැහැ...

:       1       11

ගුණරත්න Wednesday, 09 July 2025 02:13 PM

ආණ්ඩුවේ මන්ත්රීතුමියක් කිව්වා හැමෝටම වාහන ගන්න ඕනෑ වුණාට ඒක කරන්න බැරි වැඩක් කියලා, සල්ලි නැත්නම් කට වහගෙන බස් එකේ යන්න කියලා තමයි එතුමිය කිව්වේ. මාත් දැන් එහෙම තමයි කරන්නේ...

:       5       8

Asela Wednesday, 09 July 2025 03:54 PM

ඇත්තම දේ තමයි තරුණ පරම්පරාව මේ පරණ වැඩකට නැති වාහන මිලදී ගන්නේ නැහැ. ඒ වගේම ඔවුන් හිතන්නේ EU රටකට ගිහින් ලක්ෂ 30ක් ආයෝජනය කරලා ලාභ මිලට වාහනයක් මිලදී ගැනීම වටිනවා කියලා. අපිට ආර්ථික විද්‍යාඥයින් හෝ සැබෑ නායකයින් නැහැ.. නමුත් ජනතාව රැවැටීමට බොරුකාරයෝ විතරයි. ඔවුන් නැවත එන්නේ නැහැ. මෙහි පැහැදිලි බුද්ධි ගලනයක් තියෙනවා. මෙහි සිටින්නේ ත්‍රිරෝද රථ රියැදුරන් සහ පැරණි රජයේ සේවකයින් කිහිප දෙනෙක් පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site