(ඩයනා උදයංගනී)
ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය.
එය 19 වැනි සංශෝධනයට වඩා හාත්පසින්ම වෙනස් බව කී හිටපු ජනාධිපතිවරයා එමගින් වත්මන් ජනපතිවරයාට ධූර කාලය අවසන් වන තුරු 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බලතල මෙන්ම තවත් බලතල ලබාදී ඇති බවත්, එයට කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් කීවේය.
වත්මන් ආණ්ඩුවේ වැරදි දේශපාලන, ආර්ථික හා සමාජ කළමනාකරණය හේතුවෙන් රට අවුරුදු 70කින්, 80කින් ආපස්සට ගොස් නිවෙස්වල දරු ප්‍රසූතිය සිදුකරන්නට වන තත්වයට පත්ව ඇතැයි ද හෙතෙම කීය.
ආණ්ඩුව නුසුදුස්සන්ට තනතුරු දී කළ වැරදි නිවැරදි කරගන්නට තවමත් සූදානම් නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.
පසුගිය මැතිවරණයන් සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සටන්පාඨය වූ ජාතික ආරක්‍ෂාව ඇතුළු සියලු සටන්පාඨ මේ වන විට අවලංගු වී ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
මා දින ගණන් කරමින් සිටින්නේ රාජපක්ෂලා සමග සිරගත වන දිනය දැකබලා ගැනීමටයි...
මෙහෙමයි, මේ ආණ්ඩුව තමයි මිනී පෙට්ටියේ අන්තිම ඇණ දෙක තුන ගැහුවේ.. ඒත් කලින් ආණ්ඩු කරපු උන්දැලත් එකින් එක ඇණ ගහලා තමයි පෙට්ටිය වහන්න දායක වුනේ. ඒ නිසා, නිකං කන්ටේර ටෝල්ක් දීලා අත පිහිදාගන්න කාටවත් බෑ. ස්පෙෂලි 77න් පස්සේ රට කරපු උදවියට නම් කොහෙත්ම බෑ...
එහෙනම් ඒකත් පත්තරෙන්ද හිටන් කියෙව්වේ?
මෙයා අර ආප්ප කාපු කෙනා නේද?
බලාපොරොත්තු වන ආකාරයට 21 හැදුණොත් පිරිසිදු වෙන්නේ ජනතාවද ඔහෙලාද? අපිට අපේ දෛනික අවශ්‍යතා ඉෂ්ඨවෙනවා නම් 21 පිරිසිදු අපිරිසිදුකම් අපට අදාළ නැහැ. 21 හදන්න මුලික වුනේ රාජපක්ෂ ආණ්ඩුවට බැනබැන සිටි රාජපක්‍ෂ කෙනෙක් නේද? ඉතින් කොහොමද එහෙම වුනේ?