IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පහ වසර ශිෂ්‍යත්ව මගඩියක් ගැන අධ්‍යාපන ඇමැතිට පැමිණිල්ලක්

(බිඟුන් මේනක ගමගේ) 


පහ වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබා සමත්වන දරුවන්ට උසස් පාසලකට ඇතුලත් වීමට ඇති අවස්ථා ගණන අධ්‍යාපන බලධාරින් සම්පූර්ණ නොකොට ඒ වෙනුවට වංචනික ලෙස ඉහළ ශ්‍රේණිවලට සිසුන් ඇතුලත් කරන බවට ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට පැමිණිලි කර ඇත.

පසුගිය වසර තුනක කාලය තිස්සේ මෙසේ පහ වසර ශිෂ්‍යත්වය ඉහළින් සමතුන්ට ඇති අවස්ථා මුළුමනින් පුරවා නැතැයි ද ඒ අනුව මෙසේ පැමිණිලි කොට ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ‘ලංකාදීප’ යට අද(23) පැවැසීය.

මෙම වංචනික ක්‍රමවේදය නිසා ශිෂ්‍යත්ව දරුවන්ට හිමි පුරප්පාඩු රැසක් දිවයින පුරා පාසල් රැසක පවතින්නේ යැයි කී හෙතෙම මෙය තනිකරම එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය කිරීමක් යැයි චෝදනා කළේය.

දේශපාලකයන්ගේ හා බලවතුන්ගේ ඕනෑ එපාකම් මත සිදුව ඇති මේ අවනඩුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශයේ නිලධාරින් සෘජුව වගකිව යුතු යැයි ද ස්ටාලින් මහතා අවධාරණය කර කීය.

මෙවැනි වංචනික සිදුවීම්වලදී කෙරෙන පැමිණිලි මත විවිධ පරීක්ෂණ පැවැත්වුවද ඒවායේ නිගමන අනුව වැරැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම බලවත් දුර්වලතාවයක් යැයි ද දූෂිත නිලධාරින්ට යළි යළිත් එම ක්‍රියාවල නිරතවීමට අවස්ථාව ලැබෙන්නේ එහෙයින් යැයි ද ස්ටාලින් මහතා චෝදනා කළේය.

එමනිසා මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකර වැරැදිකරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි උදක්ම අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (3)

පහ වසර ශිෂ්‍යත්ව මගඩියක් ගැන අධ්‍යාපන ඇමැතිට පැමිණිල්ලක්

sharm warn Monday, 23 December 2019 10:17 AM

අයියෝ මේ ශිෂ්‍යත්ව වසංගතයත් ඒ හරහා මෑතකාලීනව බිහිවුණු ජනප්‍රිය පාසල් රැල්ලත් නිසා අපේ දරුවන් කීදෙනෙක් අනාගතය අඳුරු කරගෙන ඇතිද...? මේ ක්‍රමය ඉවත්කර 5 වසර විභාගයෙන් ඉස්සර වගේ මූල්‍ය ආධාර උවමනා දරුවන් තෝර‍ා ගැනීමක් කරන්න. මේ පොඩි දරුවන්ගේ මනස කන ක්‍රමය නිවැරදි කරන්න.

:       16       1

Charith Monday, 23 December 2019 10:49 AM

2016 වසරේ මාගේ පුතා මෙම විභාගය සමත් වූ අතර ඔහු තර්ස්ටන් විද්‍යාලයට තේරුණි. ඔහු ඇතුළත් වනවිට පන්තියේ සිසුන් ගණන 27ක්වූ අතර දැන් සිසුන් වසර අවසන් වනවිට සිසුන් ගණන 39 කි.

:       0       20

Ravidu Monday, 23 December 2019 11:46 AM

පගාවට, අල්ලසට ළමයින් ඇතුළට ගන්නවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site