IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මග මරුවා ඊයෙ 10 දෙනකු බිලි ගනී

(ඉන්දිකා රාමනායක)

ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස්ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මියගිය පිරිස අතර 6 දෙනකු යතුරුපැදිකරුවන් බවත්, තවත් තිදෙනකු පදිකයන් බවත්. එ අයකු ත්‍රිරෝද රථයක ගමන් ගත් පුද්ගලයකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

රට තුළ සිදුවන අනතුරුවලින් බොහොමයක්ම වින්දිතයන් වන්නේ යතුරුපැදිකරුවන් සහ පදිකයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ශ්‍රී ලංකාව තුළ රථවාහන 83000 කට ආසන්න ප්‍රමාණයක් ඇති ඉන් 60,000 යන ප්‍රමාණයක් යතුරුපැදි බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා යතුරුපැදිකරුවන් ඇතුළු කුඩා වාහන පදවන පුද්ගලයන් ආරක්ෂිතව රථ ධාවනය කළ යුතු බවත් ,මාර්ග නීති නීති වලට අනුගතව කටයුතු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

 



අදහස් (1)

මග මරුවා ඊයෙ 10 දෙනකු බිලි ගනී

Sirimath Wednesday, 28 July 2021 08:21 AM

මම උදේ රැකියාවට යාමේදී ගනේමුල්ල, රාගම පොලිස් බල ප්‍රදේශවල යතුරුපැදි කරුවන් සහ ත්‍රිරෝද රථ රියදුරන් ඉතාමත් අනතුරුදායක ලෙස ගමන් කරනු දැක ගන්න ලැබෙනවා. එහෙදීද රාගම පොලිස් බල ප්‍රදේශයේ බටුවත්ත වල්පොල වැනි ප්‍රදේශවල මෙය ඉතාමත් බහුලව දැකිය හැකියි. රාගම පොලිසිය මේ සම්බන්ධව එතරම් තැකීමක් නොමැති බව පෙනෙනවා. අජිත් රෝහණ මහතාගේ අවධානය පිණිසයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site