(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
අතුරුදන් වූවන්ට මරණ සහතික ලබාදී සියලු අතුරුදන් කිරීම් යටගැසීමේ ආණ්ඩුවේ සැලසුමට එරෙහි වෙමු යන සටන් පාඨය මුල් කරගනිමින් සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ ගාලු මුවදොර අසල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අද (11) පැවැත්විණි.
අතුරුදන්වූවන් මැරී ඇති නම් එම මරණ වලට වගකිව යුත්තන් කවුරුදැයි එළිදරව් කිරීම සහ එම මරණ වලට සම්බන්ධ වූවන් නීතිය හමුවට පැමිණවීමත් ආණ්ඩුවේ වගකීම යැයි ද ඔවුහු පවසති.



COMMENTS
මේ පින්තුරේ ඉන්න කුමාර් ගුණරත්නම් (පෙරටුගාමී) අතුරුදහන් කරපු බව තමයි කලකට පෙර කිව්වේ... ලැජ්ජා නැතුව තවත් බොරු කුමන්ත්රණවලට සැරසෙන බව නම් පේනවා...
89 යේ මරපු ඒවා ගැනත් කියන්න.
අපේ රට ආර්ථික ප්‍රශ්නවලින් මිරිකිලා ඒ නිසාම නීතිය අධ්‍යාපනය ජාතීන් අතර සබඳතා හැමදෙයක්ම මතුවෙලා.. මේවා විසඳගන්න හදනවා වෙනුවට බෝඩ් උස්සගෙන මෙයාලගේ පැවැත්ම වෙනුවෙන් දඟලනවා. දේශපාලන හිඟන්නන්....
අතුරුදන්වුවන්ගේ නම් ලැයිස්තුවත් මේ සමගම ඉදිරිපත්කරන්න. එතකොට වැඩේ ලේසිවෙනවා.
එල්.ටී. ටී. ඊ. ඩයස්පෝරාවේ ලංකා නියෝජිතයන්. මේ හඬ නැගීම සඳහා ඔවුනට ඩොලර් වලින් සැලකුම් ලැබෙනවා ඇත.
මේ ඇවිල්ලා තියෙන්නේ කවුද කියලා පොටෝ දැක්කම පේනවා... දන්නෝ දනිති.