IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මහ වැස්සෙන් හබරාදූවේ නිවෙසකට පස් කන්දක් කඩා වැටිලා

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රදේශ රැසක මාර්ග කිහිපයක් සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇතැයිද නිවසක් මතට පස් කන්දක් කඩා වැටි එම නිවස පූර්ණ හානියට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පැවසිය.

උඩුගම නෙළුව මාර්ගයේ ඇල්ල වංගුව අසල මහා මාර්ගයට අද (07) දහවල් ගසක් කඩාවැටිම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබිණි. පසුව ආපදා කළමනාකරණ ඒකකය ,පොලිසිය සහ ප්‍රදේශවාසිහු එක්ව ගස ඉවත් කිරිමට පියවර ගත්හ.

හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඳුගොඩ ග්‍රාම නිලධාරි වසමේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවස පුර්ණ හානියට පත්ව ඇත.

නිවැසියන් දිවි බේරාගෙන ඇති අතර නිවසේ දේපලවලට අලාබ හානිවි ඇත.

ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්.ශර්ෆාස් මහතා පැවසුවේ ආපදාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසිමටත් අවදානම් ස්ථානවල පදිංචිව සිටින පවුල් ඉවත් කිරිමටත් පියවර ගෙන ඇති බවය.



අදහස් (0)

මහ වැස්සෙන් හබරාදූවේ නිවෙසකට පස් කන්දක් කඩා වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 725 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 883 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site