(ඔගස්ටින් ප්‍රනාන්දු)
බිරිඳ සමඟ ඇති වූ ආරවුලකින් පසු දරු දෙදෙනාට වස පොවා ස්වාමි පුරුෂයා නිවස තුළ ගෙල වැලලාගෙන අද (25) දහවල් දිවි නසා ගෙන ඇති බව උඩප්පුව පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ උඩප්පුව පල්ලිවාසල්පාඩුවේ පදිංචි නැමැති 13 හැවිරිදි විලියම් මැසෙව් සහ 7 හැවිරිදි ශෝන් මිලරෝධ නැමැති දරුවන් දෙදෙනාය. සිය දිවි නසා ගෙන ඇති පියා 31 හැවිරිදි වර්ණකුලසුරිය අසංක සනත් නැමැත්තා බව පොලිසිය කියයි.
මිය ගිය පුද්ගලයා ධීවර රැකියාවේ නිරත වී ඇති බවත් සිය බිරිඳ සමඟ ආරාවුලක් ඇති කරගැනීම හේතුවෙන් ඔහුගේ බිරිඳ මාස දෙකකට පෙර අමනාප වී නිවසින් ගොස් ඇති බවත් එම පුද්ගලයා බිරිඳ ගෙන්වා ගැනීමට දැඩි උත්සහයක නිරත වී ඇති බවත් පොලිසිය කියයි.
අද (25) පෙරවරු කාලයේ දී මිය ගිය පුද්ගලයා තම පුතුන් දෙදෙනාට වස වර්ගයක් පොවා ඇති අතර අසල්වාසීන් ඒ බව දැක වහාම දරුවන් පුත්තලම මූළික රෝහලට ගෙන ගියත් ඔවුන් ඒ වන විට මිය ගොස් සිටි බවත් පොලිසිය කියයි.
දරු දෙදෙනා මිය ගිය බව දැන ගත් මිය ගිය පුද්ගලයා වහලේ කඹයක් බැද ගෙල වැලලාගෙන සිය දිවි නසා ගෙන ඇති බව පොලිසිය පැවැසීය.
මෙම තිදෙනාගේ මරණ පරීක්ෂණ කටයුතු හෙට (26 ) පුත්තලම මූලික රෝහලේ දී සිදු කිරීමට නියමිතව ඇත.
COMMENTS
ප්‍රශ්න නැත්තේ කාටද මේ ලෝකේ?
පැරැන්නන්ගේ මෙම කියමන"ඔක්කොම රණ්ඩු බත් හැලිය ඉදෙනකම් විතරයි යන කියමන " අදකාලේට කොහෙත්ම ඔබින්නේ නැහැ වගේ. මොකද ගෙවල්වල රෑට බහාලිය ඉදෙන්නේ නැහැනේ අද සමාජේ ගෙවල්වල. කෙසේවෙතත් ඉවසීම, අන්යාවබෝධය නැතිව ගන්න තීරණ නිසා අකාලේ මියගිය ඒ දරුවන් දෙදෙනා ගැන මෙන්ම මේ පිළිබඳව අප කණගාටු වෙන්නෙමු. මාලනී බුලත්සිංහල මහත්මියගේ මෙම " මා එක්කලා අමනාපව විඩාබර..// දූගේ තාත්තා එන්නේ නැහැ ගෙදර...// යන සුන්දර ගීතයේ විරුද්ධ අදහසක් තමයි කීමට ඇත්තේ...
Raveendra, මහතා හොඳ අදහසක් ඉදිරිපත් කර ඇත. උගත් සාහිත්‍ය මිනිසුන්ට රස විඳීමට නොලැබෙන විට, ආගම දහම තේරුම් කර දීමට නිවැරදි ආගමික නායකයන් නොමැති විට තව තවත් මෙවන් අන්දොනා අසන්නට නොලැබෙයි කෙසේ සිතම්ද?